ක්‍රීඩා පරිගණක

විකිපීඩියා වෙතින්

මෙවැනි පරිගණක වල සාමාන්‍යයෙන් නියෝන් වර්ණයෙන් යුතු ආවරණයක් සහ ප්ලාස්ටික් වලින් නිර්මාණය කළ පැති ආවරණ පවතියි. සාමාන්‍ය පෞද්ගලික පරිගණක වල හැකියාව ඉක්ම වු විභේදන මට්ටමකින් යුතුව පරිගණක ක්‍රිඩා වැඩ සටහන් භාවිත කිරීම සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පෞද්ගලික පරිගණක පරිගණක ක්‍රිඩා - පරිගණක ලෙස හැදින්වෙයි. මෙවායේ මිල අධික ආවරණ, අධික්‍රියාකාරී උපාංග ආදිය අන්තර්ගත වන අතර ඇතැම් විට ද්‍රව සිසිලන පද්ධති ද මෙයායේ භාවිතා වේ. එසේම බොහෝ විට මෙවා මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) පවුලට අයත් මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

පෞද්ගලික පරිගණක ක්‍රිඩා සාමාන්‍ය පෞද්ගලික පරිගණක මත ද ක්‍රියා කරන නමුත් සත්‍ය පරිගණක ක්‍රිඩා - පරිගණකයක් යනු ත්‍රිමාන රූප නිර්මාණ සැකසුම්, භෞතික විද්‍යාත්මක අනුරූ නිර්මාණය, ඒකීය පික්සල් වර්ණක තාක්ෂණය, ගතික ජ්‍යාමිතික විදැහුම් කරණය සහ වැඩිදියුණු කළ ශබ්ද සැකසුමු සහ විශේෂ ප්‍රයෝග ආදිය සදහා අවශ්‍ය වන විධාන සැකසිය හැකි අයුරින් විශේෂයෙන් සකස් කළ පරිගණකයක් වේ. තව ද මේවායේ USB උපාංග, හෙඩ්ෆෝන් සහ Fire wire ආදිය සදහා සම්බන්ධක ස්ථාන ආදිය අඩංගු වේ. සාමාන්‍ය පෞද්ගලික පරිගණක මෙන්ම පරිගණක ක්‍රිඩා - පරිගණක ද සම්පුර්ණ ඒකක වශයෙන් මිලට ගත හැකි නමුත් බොහෝ විට ඒවා භාවිත කරන්නන් විසින් ඒවා අන්තර් ජාලය ඔස්සේ ක්‍රිඩා කිරීම සදහා හෝ එසේ නොමැතිව තනිව ක්‍රිඩා කිරීම සදහා නිර්මාණය කර ගනු ලැබෙයි. පරිගණක ක්‍රිඩා සදහා භාවිතා වන මෙම පරිගණක තම ප්‍රතිවාදියාගේ පරිගණකය පරයමින් තමාට වාසි සහගත වන අයුරින් වේගවත්ව ක්‍රියාකරනු පිණිස විශේෂයෙන් නිර්මාණය කරගනු ලබන පරිගණක වෙයි. මෙමගින් අන්තර් ජාලය ඔස්සේ පැවැත්වෙන තරඟ ජයග්‍රහණය කිරීම අරමුණු කරගැනෙයි.එසේම ඇතැම් විට මෙවැනි අධි ක්‍රියාකාරී පරිගණක නිර්මාණය කිරීමේ අරමුණ නව පරිගණක ක්‍රිඩාවක් මගින් ලබාගත හැකි උපරිම වින්දනය ලබාගැනීම වුවද විය හැක.

පරිගණක ක්‍රිඩා සදහා විශේෂයෙන් නිර්මාණය කළ පරිගණක යන්ත්‍ර ප්‍රචලිත වීම 90 දශකයේ id Software ආයතනය මගින් නිර්මාණය කළ Doom ආදි පරිගණක ක්‍රිඩා වෙළද පොළට පැමිණීමත් සමග ආරම්භ විය. මෙම Doom පරිගණක ක්‍රිඩාව මයික්‍රොසොෆ්ට් DOS මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වු පරිගණක සදහා නිර්මාණය කරන ලද්දකි. මෙම ක්‍රිඩාවන් ක්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය වාණිජ පරිගණක සහ පෞද්ගලික පරිගණක දෘඩාංග ඒවායේ උපරිම මට්ටමින් ක්‍රියාත්මක වීම අවශ්‍ය විය. මේත් සමගම පරිගණක ක්‍රිඩාවන්ට ඇලුම් කළ පිරිස් Doom පරිගණක ක්‍රිඩාව සදහා උපරිම ක්‍රියාකාරීත්වය ලබාදෙන දෘඩාංග වලින් යුත් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ කළහ. (මෙම ක්‍රිඩාව සදහා ක්‍රියාකාරීත්වය තත්ත්පරයට රූප රාමු මගින් මනින ලදී) ඒ අනුව පරිගණක ක්‍රීඩා - පරිගණක වල සම්බවය තරඟකාරී ක්‍රියාකාරීත්වයක් සදහා වැඩි දියුණු කළ එදිනෙදා‍ජීවිතය හා බැදුණු උපාංගයක් ලෙස සිදු විය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_පරිගණක&oldid=623670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි