පරිගණක ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඈත අතීතයේදී මිනිසා ගණනයන් කිරීම සඳහා අතහි හා පාදයෙහි අගිලි යොදාගන්නා ලදි නමුත් කල්යාමත් සමගම සංඛ්‍යාවලට සංකේත ආදේශ කිරීමත් සමග තමන්ට වඩාපුළුල් පරාසයක වැඩකිරීමේ හැකියාවක් ඇතිබව තේරැම්ගන්නා ලදි. ඒමනිසා සංඛ්‍යා හා ඉලක්කම් ලෝකයට බිහිවිය. මෙවායින් හින්දු අරාබි ඉ‍ලක්කම් හා රෝම ඉලක්කම් අදවනවිටද භාවිතයේ ඇත. අංක ක්‍රමයත් සමග මිනිසා විශාල පරිමාණයේ ගණිත කර්ම (Mathematical Operations) කිරීම ආරමභ කරණලදි. ඒ වානම් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම ලෙසවේ. මෙම ගණිත කර්ම දියුණුවත්ම මිනිසා මේවා පහසුකර ගැනීම සදහා විවිධ උපකරණ නිර්මාණයට උනන්දුවිය. මෙලෙස අවුරැදු 5000 පමණ ඈත අතීතයේ දී ඇබකසය (ABACUS) නමි උපකරණය බිහිවිය. මෙහි Beads නමින් හදුන්වන කුඩා කොටස් සිරස් කූරු මත ඇති අතර යම් ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉතා ඉක්මනින් ගණනය කිරීම් කරගත හැක. මෙ මගින් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම කිරීමට සමත්විය.

1600-1900 දක්වා.[සංස්කරණය]

1642 දී Blaise Pascal විසින් Adding Machine නැමැති උපකරණය නිපදවාගන්නා ලදි. මෙය ලොව පළමුවන යාන්ත්‍රීක ගණික කර්ම කරන උපකරණය වෙයි. මෙහිදී පැස්කල් රෝද වැනි උපාංග භාවිතා කරමින් ගණනය කිරීම් කර ඇත. 1674 Gottfried Wilhelm Von Leibnitz විසින් Pascal ගේ මෙම උපකරණය වැඩිදියුණු කර ඇත. මෙම වැඩිදියුණු කිරීමත් සමගම බෙදීම, ගුණකිරීම වඩා පහසුවෙන් කරගත හැකි විය. කාර්මීකරණ වීමත් සමග Joseph Jacquard නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා Punch Card System මගින් ක්‍රියාකරණු ලබන රෙදිවියන යන්ත්‍රයක් නිර්මාණය කරණ ලදි. මෙහි Punch Card වෙනස් කිරීම මගින් රෙදි විවීමේ රටාව වෙනස් කිරීමේ හැකියාවක් තිබුනි. මෙම Punch Card මත සිදුරු තිබූ අතර ඒවා වෙනස් කිරීම මගින් රටාව වෙනස් කරගැනීමට හැකි විය. මෙය Jacquard loom (ජැකාර්ඩ් අළුව) ලෙස නම් කරණ ලදි මෙම පන්ච් කාර්ඩ් සංකල්පය ඉංග්‍රීසි ගණිතඥයකුවන Charles Babbage ට අසන්නට ලැබුනි. ඔහු එම සංකල්පය භාවිත කර Analytical Engine නම් උපකරණය නිර්මාණය කිරීම පටන්ගන්නා ලදි. නමුත් එම වකවානුව තුල තාක්ෂණය පහල මට්ටමකට පිහිටි බැවින් මෙම උපකරණය නිමාකිරීමට ඔහුට නොහැකි විය. මෙම උපකරණයට ගණිතකර්ම කිරීම ඒවා මතකයේ තැන්පත් කර තබාගැනීම හා තාර්කිකව සැසඳීම කිරීමේ හැකියාව තිබිනි. මෙහුගේ මෙම සංකල්පය පරිගණකයේ දියුණුවට ඉවහල් වීම නිසා මොහු පරිගණකයේ පියා ලෙස හදුන්වයි.

1900-1945[සංස්කරණය]

Harvard University හි Howard Aiken නම් පුද්ගලයා විසින් 1937දී Babbage ගේ උපකරණය නිපදවීමට කාලය එලඹ ඇති බව තීරණය කරණ ලදි. Harvard විශ්ව විද්‍යාලයේ තම සගයන් සමග හා IBM සමාගමේ සහය ඇතිව Automatic Sequence Control Calculator යන උපකරණය 1944 දී නිපදවන ලදි මෙය MARK I ලෙස නම් කෙරිනි. MARK I හට මූලික ගණිත කර්ම 4 සිදුකිරීමේ හැකියාව තිබිනි. මෙහි පාළනය සදහා යතුරු තිබුණු අතර යතුරු පුවරු වකට සමිබන්ධ කිරීම මගින් Punch Card මත පිලිතුරු සටහන් කරණ ලදි. මෙහි විද්‍යුත් යාන්ත්‍රික රිලේස් ((Electro Mechanical Relays) 3000 ක් පමණ පැවති අතර ටොන් 50 ක් පමණ බර විය. අවු:15 ක් පමණ මෙය භාවිතයේ පැවතුනි.

1946-1960[සංස්කරණය]

ENIAC (Electronic Numerical Integrator and Computer) යනු පලමු ඩිජිටල් පරිගණකය වේ. ඒය 1946 පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ Moore School of Electrical Engineering මගින් නිර්මාණය කරණ ලදි. මෙහි යාන්ත්‍රිකව චලනය වන කොටස් නොතිබුනු අතර කේතනය කිරීමේ හැකියාව තිබිනි. තවද මෙහි ගණනය කරණ පියවර (Calculation Steps) ගබඩාකර තබා ගැනීමෙ හැකියාව තිබිනි. මෙම උපකරණය Vacuum Tubes භාවිත කරණ ලද අතර ඒවා 18,000 ක් පමණ මෙහි දක්නට තිබුනි. මෙය පලමු යුගයේ (First Generation ) පරිගණකයක් යැයි කියනු ලැබේ. මෙය තත්පරයට ගණනය කිරීම් 5,000 ක් පමණ සිදුකරනූ ලැබේ. ඒකතුකිරීම මිලි තත්පර 0.2 කදී සිදුකරණු ලබයි. මෙහි ප්‍රධානම ගැටළුවනමි එහි විශාලත්වය හා දත්ත විෂ්ලේෂනය කිරීමේ ( Data Processing) හැකියාව වෙයි. ඒය වර්ග අඩි 1,500 ක් පමන ඉඩ ප්‍රමාණයක් ගන්නාලද අතර එකවර එක කාර්යයක් කිරීමේ හැකියාවෙන් යුක්ත විය. 1951 දී Remington Rand නැමැති ආයතනය විසින් UNIVAC I (Universal Automated Calculator) යන උපකරණය නිපදවන ලදි මෙම උපකරණයට තත්පරයට එකතු කිරීම් 10,000 ක් පමණ කරගැනීමේ හැකියාව තිබිණි. 1957 දී IBM(International Business Machine) සමාගම විසින් IBM 704 යන උපකරණය නිපදවන ලදි. මෙයට තත්පරයට එකතුකිරීම් 100,000 ක් පමණ කිරීමේ හැකියාව තිබිනි.

ට්‍රාන්සිස්ටර් යුගය(Transistor)[සංස්කරණය]

1948 දී ජෝන් බාර්ඩීන්, විල්ලියම් ශොක්ලි හා වෝල්ටර් බ්‍රිට්න් විසින් ට්‍රාන්සිස්ටර් නිර්මාණය කරන ලදී. මේත් සමගම මෙපමන කල් තිබූ Vacuum Tubes දහස් ගණනින් ට්‍රාන්සිස්ටර් මගින් ප්‍රතිස්තාපනය විය. එනම් Vacuum Tubes දහස් ගණනකින් කරන කාර්යය එක් ට්‍රාන්සිස්ටර් එකක් මගින් කරගත හැකිවිය. ට්‍රාන්සිස්ටර් සමන්විත පරිගණකයක් තත්පරයට ගණිතකර්ම 200,000 – 250,000 අතර ප්‍රමාණයක් සිදුකරණ ලදි. මෙය පරිගණකයේ දෙවන යුගය (Second Generation) ලෙස හැදින්වෙයි.

මයික්‍රෝකම්පියුටර් යුගය(Microcomputer)[සංස්කරණය]

1975 MITS ආයතනය විසින් ALTAIR 8800 හදුන්වාදීමත් සමග මෙය ආරම්භවිය. මෙය යතුරු (Switches) මගින් Program කිරීමෙ හැකියාව තිබිණූඅතර ඩොලර් දහස් ගනනින් අලවිවිය. එබැවින් සාමාන්‍ය ජනතාවට ලබාගැනීමට ඉතා අපහසුවිය. 1977 දී Commodore හා Radio Shack යන සමාගමි වලින් පුද්ගලික පරිගණක (Personal Computers) නිපදවනබවට ප්‍රකාෂකරණ ලදි. 1979 දී Apple පරිගණකය විෂාල වෂයෙන් නිපදවූ අතර 1981 දී එය හොදින් අලවිවන පුද්ගලික පරිගණකය විය.


පරිගණක යුගයන්(Computer Generations)[සංස්කරණය]

පළමු යුගයේ පරිගණක (First Generation Computers) (1940-1956) - රික්ත නල[සංස්කරණය]

පලමු යුගයේ පරිගණක සදහා රික්ත නල යොදා ගන්නා ලදි මතකය (Memory) සදහා චුම්බක බෙර යොදා ගන්නා ලදි. මෙය ඉතා විශාල වු අතර එක කාමරයක ඉඩකඩ ගන්නාලදි, විද්‍යුත් පරි බෝජනය ඉතා ඉහල විය. එමනිසා ඉතා ඉහල මුදලක් විදුලිය සදහා වැයවිය. ඉතා විශාල තාප ප්‍රමානයක් පිටකරණ ලදි Program කිරීම සදහා machine Language බාවිත කරණ ලදි. එක් වරකට එක ගැටළුවක් පමණක් විසදීමේ හැකියාව තිබිනි. දත්ත ඇතුලත් කිරීමට Punch Cards හා Tape භාවිතා කරණ ලදි. මෙහි ප්‍රතිදානය (Output) මුදිත මාද්‍යයෙන් ලාබාදෙන ලදි. (Printouts)

පලමු යුගයේ පරිගණක වල අංග

  • රික්ත නල භාවිත කරයි
  • විශ්වාසයෙන් තොරයි
  • මැශින් භාශාව පමණක් භාවිත කරයි
  • මිලෙන් අධිකවෙයි
  • විශාල තාපයක් නිපදවයි
  • ආදාන හා ප්‍රතිදාන උපාංග සෙමින් ක්‍රියාකරයි
  • ප්‍රමාණයෙන් විෂාල වේ
  • වායුසමීකරනය කිරීම අවශ්‍යවේ
  • එහා මෙහා ගෙන යා නොහැක
  • විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරයි

දෙවන යුගයේ පරිගණක (Second Generation)(1956-1963) Transistors[සංස්කරණය]

ට්‍රාන්සිස්ටර් හි පැමිණීමත් සමග Vacuum Tubes(රික්ත නල) අභාවයට යන ලදි. ට්‍රාන්සිස්ටර් ඒකක් මගින් vacuum Tubes(රික්ත නල) විශාල සංඛ්‍යාවක කාර්යයන් ඉටුකරගැනීමට හැකිවිය. එබැවින් Vacuum Tubes(රික්ත නල) වෙනුවට ට්‍රාන්සිස්ටර් ආදේෂවිය. මෙවා පලමු යුගයේ පරිගණකවලට වඩා වේගවත් විය, ලාබදායීවිය, විදුලි පරිබෝජලය සාපේකෂව අඩු විය. විස්වාසය (Reliable ) ඉහල අගයක් විය. නමුත් විෂාල ප්‍රමාණයෙන් තාපය පිටකරණ ලදි. Punch Card භාවිතා කරණ ලදි Assembly Language පරිගණක කේතනය සදහා භාවිතා කරණ ලදි. High Level Programing Language වල පලමු වැඩසටහන් බිහිවිය. (FORTRAN, COBOL). උපදෙස් (Instructions) මතකයේ ගබඩාකල පලමු පරිගණකය විය.

දෙවන යුගයේ පරිගණක වල අංග

  • ට්‍රාන්සිස්ටර් යොදාගනී
  • පළමු පරම්පරාවට සාපේක්ෂව විෂ්වාසදායී වෙයි.
  • පළමු පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වෙයි.
  • පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු තාප ප්‍රමාණයක් නිපදවයි
  • පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු විදුලි පරිබෝජනයක් ඇත
  • පළමු පරම්පරාවට වඩා වේගවත් වෙයි
  • මිලෙන් අධිකවෙයි
  • වායුසමීකරණය කිරීමට අවෂ්‍ය වෙයි
  • මැෂීන් භාෂාව හා එසෙම්බ්ලි භාශාව භාවිත කරයි.

තුන්වන යුගයේ පරිගණක (Third Generation)(1964-1971) Integrated Circuits[සංස්කරණය]

ට්‍රාන්සිස්ටර් කිහිපයකින් සැදු පරිපතයක් කුඩා සිලිකන් චිපයක් මත ඇදගැනිමෙන් අනුකලිත පරිපථ/Integrated Circuits (IC) බිහිවිය. මෙසේ ඒක සිලිකන් චිපයක් මත ට්‍රාන්සිස්ටර් දහස් ගනනක් නිර්මාණය කිරීමට හැකිවිය. ඒමනිසා ට්‍රාන්සිස්ටර් ඉවත්වි IC කරලියට පැමිනෙන ලදි. මෙමගින් පරිගණකය වඩා වෙගවත් විය. Punch Card වෙනුවට යතුරුපුවරුව (Keyboard) හා මූසිකය (Mouse) පැමිනෙනලදි. පරිගණකය ක්‍රියා කරවීම සදහා ‍මෙහෙයුම් පද්ධති(Operating Systems) බිහිවිය. මෙමගින් විවිධ වර්ගයේ මෘදුකාංග පරිගනකය තුල ධාවනය (Run) කරගැනීමේ හැකියාව ලැබුනි. ඉතා කුඩා වූ අතර ලාභදායී විය.

තුන්වන යුගයේ පරිගණකවල අංග

  • අනුකලිත පරිපථ (IC) යොදාගන්නා ලදි
  • වඩා විශ්වාසදායී විය
  • ප්‍රමාණයෙන් කුඩාවිය
  • අඩු තාප ප්‍රමාණයක් නිපදවයි.
  • වේගවත් වේ
  • අඩු නඩත්තුවක් අවශ්‍යවිය
  • මිලෙන් අධික විය
  • වායුසමීකරණ අවශ්‍යවිය
  • අඩු විදුලි පරිබෝජනයක් ඇත
  • high level පරිගණක භාශා මගින් කේතනය කරහැකිවිය

හතරවන යුගයේ පරිගණක (4th Generation)(1971-Present) Microprocessor[සංස්කරණය]

IC කල්යත්ම ඉතා කුඩා වන්නට විය LSIC ( Large Scale Integrated Circuits) හා VLSIC (Very Large Scale Integrated Circuits බිහි විය. මෙමගින් පරිගණකය වඩවඩා කුඩාවූ අතර එහි වේගය වැඩිවිය. අත්ල මත තබා පරිහරණය කිරීමට තරමි කුඩාවිය. මේ සමගම GUI (Graphical User Interface) බිහිවිය. ඒනම් පරිගණකයෙන් කාර්යයක් කරගැනීම සදහා විදාන Type කිරීම වෙනුවට කුඩා පින්තුර මත මවුසය මගින් ක්ලික් කිරීමෙන් කාර්යය කරගැනී මේ හැකියාව ලැබින.

පස්වන යුගයේ පරිගණක 5th Generation(Present - Beyond ) Artificial Intelligence[සංස්කරණය]

මෙය AI (Artificial Intelligence ) කෘතිම බුද්ධිය මත පදනම්වී ඇත සමහර මෘදුකාංගවල දැනට සුළුවශයෙන් යොදා ගැනෙයි. ඒවා නමි හඩ හදුනාගැනිම (Voice Recognition),අකුරු හදුනාගැනීම (Character Recognition ), අකුරු කියවීමට (Text To Speech), අත්අකුරු හදුනාගැනීම සදහා (Hand writing Recognition Systems) වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_ඉතිහාසය&oldid=394552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි