පරිගණකයක් මත චරිත සහ වස්තු නිර්මාණය

විකිපීඩියා වෙතින්
පරිගණකය ආශ්‍රියෙන් නිර්මාණය කර ඇති භූ දර්ශනයකි

ත්‍රිමාණ පරිගණක සජිවීකරණයේදී ත්‍රිමාන ආකෘති නිර්මාණය, ක්‍රම ලේඛිත චලනයන් සමග සංයෝජනය කෙරෙයි. සත්‍ය ත්‍රිමාන ඛණ්ඩාංක පද්ධතියක් මත ජ්‍යාමිතික මුදුන්, මුහුණු සහ දාර ඇසුරින් ආකෘති නිර්මාණය කෙරෙයි. මෙහිදි මැටි හෝ හුණු බදාම භාවිත කර වස්තූවක් අඹන ආකාරයෙන් කරන අතර එහිදී දල හැඩතල වලින් ආරම්භ කොට නිෂ්චිත තොරතුරු ඇතුළත් කිරීම දක්වා විවිධ ඇඹීම් උපාංග භාවිතා කර වස්තූන් ඇඹීමක් සිදු කෙරෙයි. ත්‍රිමාන දැලිස විරූපනය සදහා අස්ථි / සන්ධි පද්ධතියක් නිර්මාණය කෙරෙයි. (උදා - මැනව රූපි ආකෘතියක් ගමන් කිරීමට සැලැස්වීම සඳහා) රිගින් (Rigging) යනුවෙන් හැදින්වෙන ක්‍රියාවලිය ඔස්සේ අතාත්වික රූකඩය සඳහා විවිධ පාලක සහ අල්ලු සකස් කෙරෙන අතර මේවා සජිවිකරණ නිර්මාපකයා විසින් චරිතය හැසිරවීමට භාවිතා කරනු ලබයි. Toy Story නමින් Pixar සමාගම නිර්මාණය කළ චිත්‍රපටයෙහි අඩංගු වු Woody නම් චරිතය සදහා විශේෂිත සජිවිකරණ පාලක 700 ක් භාවිතා වේ. The Chronicles of Narnia – The Lion, The Witch and the Wardrobe නම් චිත්‍රපටයේ Aslan නම් චරිතය සදහා මෙවැනි පාලක 1851 ක් තිබු අතර ඉන් 742 ක් චරිතයේ මුහුණ සදහා භාවිත වු ඒවා විය. මෙම චරිත නිර්මාණය කිරීම සදහා Rhythem and Hues චිත්‍රාගාරයට වසර දෙකක් ගත විය. 2004 වසරේ ඉදිරිපත් කෙරුණු The Day After Tomorrow චිත්‍රපටය නිර්මාණය කිරීමේදී වීඩියෝ විමර්ෂණ සහ නිරවද්‍ය භූ විද්‍යාත්මක කරුණු ඇසුරෙන් දරුණු කාලගුණික බලපෑම් පිළිබදව ආකෘති නිර්මාණය කිරීමට නිර්මාණ කරුවන්ට සිදුවිය.

King Kong චිත්‍රපටයේ, 2005 ප්‍රති නිර්මාණයේදී නිර්මාණ ශිල්පීන්ට රූපරාමු සදහා ගෝරිල්ලාගේ උචිතම පිහිටුම නිර්ණය කර ගැනීම සඳහාත් සත්වයා තුළ මානව ගුණාංග නිර්මාණය කිරීම සඳහාත් (මේ සදහා ඇන්ඩිගේ හැගීම් ප්‍රකාශන භාවිතා විය.) ඇන්ඩි සර්කිස් ආධාර කර ගැනීමට නිර්මාණ ශිල්පීන්ට සිදුවිය. පීටර් ජැක්සන්ගේ The Lord of the Rings චිත්‍ර පටයේ Gollum චරිතය ද සර්කිස් විසින් රඟ දක්වන ලදී.

Toho චිත්‍රාගාරය සිය ප්‍රසිද්ධ Godzilla චරිතය නිරූපණය සදහා පරිගණක රූ නිර්මාණ ක්‍රම යොදා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් ඊට ඉදිරිපත් කළ පැහැදිලි කිරීම වුයේ තමන් හැම විටම ඒ සදහා Suitmation තාක්ෂණය භාවිත කළ බවත් ඒ වෙනුවට පරිගණක භාවිතය චරිතයේ සජිවී බවට හානි කිරීමට හේතු විය හැකි බවත්.


සටහන්[සංස්කරණය]

Creating characters and objects on a computer