පරාසය (සංඛ්‍යානය)

විකිපීඩියා වෙතින්

සවිස්තරාත්මක සංඛ්‍යා විද්‍යාවේදී පරාසය යනු සියලුම දත්ත අඩංගුවන කුඩාම ප්‍රාන්තරයේ ප්‍රමාණයයි. විශාලම නිරීක්ෂණයෙන් කුඩාම නිරීක්ෂණය අඩුකිරීම මගින් මෙය ගණනය කළ හැකි අතර එමගින් සංඛ්‍යාන විද්‍යාත්මක විසරණය පිළිබඳව යම් සංඥාවක් ලබාදේ.

පරාසය නිරීක්ෂණ දෙකක් මත පමණක් පදනම් වන නිසා එහි ඒකක ද දත්තයන්ගේ ඒකකම වේ. දත්ත ප්‍රමාණය විශාල වන විට දී පමණක් එය විසරණය පිළිබඳ දුර්වල මිණුමක් වේ.

ජන සංගණනයකදී පරාසය එහි සම්මත අපගමනයේ දෙගුණයකටත් වඩා වැඩිවේ.

පරාසය උපරිම හා අවම අගය අතර පවතින වෙනස ලෙස දක්වන විට එය. දළ පරාසය ලෙස හඳුන්වයි. මිණුම් ලබාගැනීමේ නව පරිමාණයක් ගොඩනංවන විට වඩා ප්‍රබල උපරිමයක් හෝ අවමයක් එම පරිමාණය මගින් උපදී. මෙය විභව (දළ) පරාසය ලෙස හැඳින්වේ. උපරිම මට්ටමේ ආචරණය වළක්වා ගැනීම සඳහා මෙම පරාසය ඉතා කුඩාවට තෝරා නොගත යුතුය. නිරීක්ෂණය ලබාගත් වි‍ට විශාල හෝ කුඩා නිරීක්ෂණ ප්‍රතිඵල නිරීක්ෂණ (දළ) පරාසයක් පිළියෙල කරයි.

මැදිපරාස ලක්ෂ්‍යය; එනම් අන්ත දෙක අතර මැද පවතින ලක්ෂ්‍යය; එය දත්තවල කේන්ද්‍රික ප්‍රවණතාව පිළිබඳ මිණුමකි. නැවතත් එය කුඩා දත්ත කොටස් සඳහා ශක්තිමත් මිණුමක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරාසය_(සංඛ්‍යානය)&oldid=469607" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි