පර්සියානු රංගකලාව

විකිපීඩියා වෙතින්
(පර්සියානු රංග භූමිය වෙතින් යළි-යොමු කරන ලදි)

පර්සියානු රංග භූමි පිළිබඳ ඉතිහාසය පුරාණය තෙක් (641 – 1000) ඇඳි යන්නකි. රටවැසියන්ගේ පළමු රංග භූමි හා රංග සංසිද්ධිය උද්දීපනය පිළිබඳව සටහන්ව ඇත්තේ පුරාතන වීරයන්ගේ වීරත්වයත්, “Soug Sivash” හා “Mogh Koshi” වැනි සතුරන් හට අපහාස කිරීමටත් තැනුනු උත්සවාකාර රංග භූමි වලය. එමෙන්ම Herodotos" සහ Gezenphon" නර්තනයන්ගෙන් ද, රංග භූමි නිර්මාණයන්වලින් ද, මන: කල්පිත සහ ආදර කතාන්තර හා සංගීත ඉතිහාසය ද ඒ බව වාර්තා වේ.


වර්ගීකරණය[සංස්කරණය]

සිනමාවේ මුලාරම්භයට පෙර ප්‍රසිද්ධ වු විවිධාකාර නාට්‍යමය ඉදිරිපත් කිරීමේ කලාවක් ද විය. උදාහරණ කිහිපයක් ලෙස,


  • Khayaneshab Bazi (රූකඩ දර්ශන)
  • Saye –bazi (හෙවනැලි දර්ශන)
  • Rouhozi (හාත්සොත්පාදක රංගන)
  • Ta'Zreh (අවමඟුල් රංගන ක්‍රමයන්)


Kjeimesh – shab-Bazi වූ කලි ‍රුසියාවේ සාම්ප්‍රදායික රූකඩ සංදර්ශන වේ. මෙය කුඩා කාමරයක ඉදිරිපත් කරයි. මේ සඳහා පුද්ගලයින් දෙදෙනෙකු සහභාගි වේ. ඒ සංගීත වාදකයෙකු හා Morshad නමින් හඳුන්වන පුද්ගලයෙකි. දෙබස් කණ්ඩයන් ගලා යන්නේ Morshad හා රූකඩයන් අතරය. ඉදිරිපත් කරන විලාශයත්, රූකඩ සඳහා රචිත පිටපතත්, යොදාගත් උපක්‍රමත්, වාග් මාලාවත් නිසා රූකඩ සංදර්ශනය වෙනත් සංදර්ශන අතරින් පැහැදිලි වුද, සුවිශේෂි වුද වෙනසක් පෙන්වයි. එවගේම Gaja සමයේදී  ඉරානයේ , නව ඉරාන රූකඩ ‍විශේෂයන් ද බිහි විය. රූකඩ දැක්වීම අදටත් ඉරානය තුළ ප්‍රසිද්ධය. ‍ Rostam සහ Soharb යන රූකඩ සන්දර්ශන ඉරානයේ සුවිශේෂි ඉදිරිපත් කිරීමක් ලෙස සැලකීම මිට උදාහරණයක් වේ. Ta'zich සහ Naggali වු කලි සම්පුර්ණයෙන් හෝ අසම්මත සංගීතය හා ගායනය යොදා ගනිමින් ඉදිරිපත් කරන්නා වූ පර්සියානු රංග භූමි නාට්‍යය විශේෂයකි. Tazien ඉස්ලාමීය යුගයට පෙර බිහිවුවකි. ‍‍ෂාහ්නාමෙහ්ගේ (Shahnameh) ඛේදවාචකය හා Shahnameh වීම ඊට ගැලපෙන උදාහරණයක් වේ. පර්සියානු සම්ප්‍රදායේ Tazieh සහ Parde-khani පදනම් වී ඇත්තේ වීරචරිතාත්මක ප්‍රාණය සහ විරෝධය සංකේතවත් කරන්නාවූ ඓතිහාසික හා ආගමික සංසිද්ධීන් මතය. බොහෝ සෙයින් දැකිය හැකි සේවාව වන්නේ ආදරය පරිත්‍යාගය සහ නපුරට එරෙහිව නැඟී සිටින වීර කතාන්දරය.


බටහිර හාස්‍යය හා ඛේදවාචක ප්‍රධානම නාට්‍ය වර්ගය බවට පත් වෙද්දී පර්සියාව තුළ Tazieh ප්‍රමුඛ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පර්සියානු_රංගකලාව&oldid=472589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි