පර්සියානු අධ්‍යයනයන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පර්සියානු භාෂාව සහ එහි සාහිත්‍ය මුලික වශයෙන් අධ්‍යයනය කිරිමත් පර්සියානු අධ්‍යනයේදි සිදු කෙරේ. ඉරාන ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතිය ප්‍රධාන වශයෙන් මුලික කොටගත් අන්තර් ක්ෂේත්‍ර අධ්‍යනයක් වූ ඉරාන අධ්‍යයනයෙන් පර්සියානු අධ්‍යනය වෙනස් වෙයි.

ඉරානයේ පර්සියන් අධ්‍යයන කටයුතුවල ඉතිහාසය[සංස්කරණය]

ඉස්ලාමයට පෙර[සංස්කරණය]

ඉරානයේ භාෂා අධ්‍යයනය ඉස්ලාමය පැමිණීමට පෙර සියවස් ගණනාවක් පසු පසට දිවෙන්නේය. සස්සනිද් අධිරාජ්‍යය පැවති කාලයේ වර්ධනය වුනු අවෙස්තන් ස්වර මාලාවට මුල් වී තිබෙන්නේ පාලවී අක්ෂර මාලාවයි. මෙම ස්වර මාලාව නූතන කාලය දක්වා ස්වර ශාස්ත්‍රානුකූලව අලංකාර අක්ෂර මාලාවක් ලෙස භාවිතයේ පවතී. සොරොස්ත්‍රියන් (Zoroastrian) ක්‍රමය ඒ අවස්ථාව දක්වා වාචිකව පවත්වාගෙන එන ලදි. මෙම පුරාණ පාඨයන් ලේඛණ ගත කිරීම ඒවා ආරක්ෂා වීමට හේතුවක් විය. කෙසේ හෝ ඊටත් කලින් පවා පැරණි පර්සියානු අක්ෂර මාලාවේ සොයා ගැනීමෙන් ඉරාන ජනතාව තර්කානුකූලව, සහ නිර්මාණාත්මකව ඔවුන්ගේ භාෂාව ගැන සිතා තිබෙන බව පෙන්වා දෙයි. මෙම භාෂාවේ අක්ෂර වල හැඩය උකහා ගෙන ඇත්තේ කලින් පැවතුනු අකුරු ක්‍රමයක් උපයෝගී කර ගනිමිනි.

මුල් යුගයේ ඉස්ලාමය[සංස්කරණය]

ඉස්ලාමයේ ආගමනය නව යුගයක ආරම්භය විය. එය සොරොස්ත්‍රියානු ධර්මය වෙනුවට භාවිතා වීම ඇරඹුනු අතර ඉරාන සානුවේ වැදගත්තම ආගමික විශ්වාසය බවට පත් විය. ඉරානය උම්මාහ් නම් මහා ඉස්ලාමීය ප්‍රජාවේ එක් කොටසක් වූ අතර ඉගෙන ගැනීමේ සහ සාහිත්‍යය පිළිබඳ නව භාෂාවක් ලෙස අරාබි බස නැගි එන බව පෙනී ගියේය. ඉරානයේ ජන්ම ලාභය ලැබූ ව්‍යාකරන විශේෂඥයින්, ව්‍යක්ත දේශකයින්, දාර්ශනිකයින්, අනෙකුත් මුස්ලිම් ප්‍රජාවද සමග එක් වී මෙම නව ශිෂ්ඨාචාරයට සහ යෝගය දුන්හ. එවැනි අය කීප දෙනෙක් නම්:

• සිබවයිස් නම් පළමු අරාබි ව්‍යාකරන පොත් වලින් එකක් ලියූ තැනැත්තා. • අවිසෙන්නා - අබු අලි අල් - උසයින් ඉබ්න් අබ්ද් අල්ලාහ් ඉබන් සිනා - (ක්‍රි.ව. 980) නමැත්තා ඉස්ලාමයේ ස්වර්ණමය යුගයේ දාර්ශනිකයින්ගෙන් කෙනෙකි. එමෙන්ම තාරකා විද්‍යාව, දර්ශනය, තර්ක ශාස්ත්‍රය සහ තාක්ෂණය වැනි විෂයයන්ට දායකත්වය සැපයූ අයෙකි. එමෙන්ම නව වචන එකතු කරමින් පර්සියානු භාෂාවේ වර්ධනයටද දායක විය. • අසාද් ලෙසි - පර්සියන් භාෂවේ ප්‍රමිතියක් ඇති කිරීමට ඔහුගේ ශබ්ද කෝෂය ඉවහල් විය.

මෙම අරාබි අධිරාජ්‍යයේ බොහෝ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වාගේ ස්වදේශීය භාෂාවන් ඉවත් කර අරාබි භාෂාව ප්‍රයෝජනයට ගත්හ. සිරියා, ඉරාක, ඊජිප්තු සහ උතුරු අප්‍රිකාව වැඩි වශයෙන් අරාබි භාෂාව භාවිතා කළහ. ඉරානය එසේ නොවීය. එහි පර්සියානු භාෂාව නොකඩවා පැවතුනේය. එහෙත් අරාබි ශබ්ද ශබ්ද කෝෂයේ සාරය ප්‍රයෝජනයට ගැනුනේය. එමෙන්ම ඉස්ලාමීය පෙරදිග වැදගත් භාෂාවක් ලෙස සාර්ථක තත්වයට පත් විය.


පර්සියන් භාෂාව පිළිබඳව යුරෝපීය අධ්‍යයනය[සංස්කරණය]

මුල් සමාසදයන්[සංස්කරණය]

පර්සියන් භාෂාව විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පැවතුනු භාෂාවක් වූ අතර ඉරානයට පමණක් සීමා නොවීය. පර්සියන් භාෂාව සමග ගනුදෙනු කළ ප්‍රථම යුරෝපීයයන් වූයේ ඔටෝමන් තුර්කියට සහ වෙනත් ප්‍රදේශ වලට යුරෝපීය ජාතින් විසින් යවනු ලැබූ රාජදූතයින්ය. පර්සියානු භාෂාව අධ්‍යයනය කිරීමේ මුල්ම පරමාර්ථය වූයේ ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහා මිනිසුන් දිනා ගැනීමයි.

• කෝඩෙක්ස් කුමැනිකුස් - ලතින් භාෂාවෙන් වූ පර්සියන් සහ කුමන් තුර්කි වචන අඩංගු ගැටපද විවරණය. • යුදෙව් ටාවුස් විසින් පර්සියනු භාෂාවට පරිවර්තනය කරන ලද පෙන්ටාටෙඋච් - (Pentateuch) • ෆ්‍රැන්සිස් ක්ෂේවියර්ගේ ක්‍රිස්තුගේ ඉතිහාසය සහ පීටර්ගේ ඉතිහාසය පිළිබඳව වෘතුගීසි භාෂාවෙන් කළ පරිවර්තනයක් (ක්‍රි.ව. 1602)


ව්‍යවහාර භාෂාව පිළිබඳ අධ්‍යයනය, 17 වැනි සියවස[සංස්කරණය]

පර්සියානු භාෂාව තේරුම් ගැනීම සඳහා පර්සියානු භාෂාව පිළිබඳ ව්‍යාකරණ සහ ශබ්දකෝෂ පළමුවෙන් සකස් කරන ලද්දේ 17 වන සියවසේදී ය. පසු කලෙක සම්භාවනීය පර්සියානු සාහිත්‍යය මහාද්වීපයට හඳුන්වා දීමත් සමග ඒ වන විට භාවිතා කරමින් තිබුනු පර්සියන් භාෂාවේ වැදගත් කම අඩු වී ගියේය. පර්සියානු ව්‍යාකරණයේ සැලැස්ම රචනා කළ තැනැත්තා ක්‍රිමොනාවේ රයිමොන්ඩෝයයි අදහස් කර තිබෙන නමුත් ඔහුගේ අත් පිටපත් සොයා ගැනීමට නැත.

• පර්සියානු භාෂාවේ පද විචාරය සහ ස්වර ශාස්ත්‍රය සංස්ථාපනය කළ රියුඩිමෙන්තේ ලිංගුවේ පර්සිකේ (Rudimentae Linguae persicae – 1639) නම් ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් ක‍ෙළ්ය. • පතේර් ඇන්ගෙලුස් (ජෝශප් ලැබ්‍රොසෙ) ඔහුගේ වතිකානුවේ පෙරදිග මීසම් කාර්යයේ කොටසක් ලෙස අගනුවර වූ එස්ෆහන් හි සිටිමින් අවුරුදු 14 ක් පර්සියානු භාෂාව හැදෑරුවේය. ඔහු සංක්ෂිප්ත ව්‍යාකරන සහ ජීව භාෂාවේ වචන සහ වාක්‍ය සම්ප්‍රදායයන් අඩංගු පිටු 450 කට අධික වූ කුඩා පොත් 14 ක් ප්‍රසිද්ධ ‍කළේය.

ප්‍රාචීන ශාස්ත්‍රවේදයේ ඇරඹුම, 18වන සියවස[සංස්කරණය]

ප්‍රාචීන ශාස්ත්‍රවේදය, යළි අනාවරණය, 19වන සියවස[සංස්කරණය]

නවීකරණය, 20වන සියවස[සංස්කරණය]

යුරෝපයේ පර්සියානු අධ්‍යයන[සංස්කරණය]

ඇමරිකානු එක්සත් ජනපදයේ පර්සියානු අධ්‍යයන[සංස්කරණය]

  • ඔස්ටින් හි ටෙක්සාස් විශ්ව විද්‍යාලය
  • මේරිල්නඩ් විශ්ව විද්‍යාලය
  • හාවාඩ් විශ්වවිද්‍යාලය
  • ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය

සමාග්‍රාහකයාගේ මුඛ්‍යධාරා ප්‍රතිපත්තියේ අධිශීක්ෂණය සහ එක්සත් ජනපදය පුරාවට K -12 පාසල් වල සහ විශ්වවිද්‍යාලවල උගන්වා ඇති දේ ගැන 1950 -1960 මිනිස් අයිතිවාසිකම් සම්මේලනයේදී ප්‍රශ්න කෙරිණි. ඇමෙරිකානු ඉන්දියානු ශිෂ්‍යයන් දයාබර මහාචාර්යවරුන්ගේ සහය ඇතිව නව අරමුණු සහිත නව වැඩසටහන් සෑදීමට පොළඹවන ලදි. ඉන්දියානුවන් ඔවුන්ගේ සමාජයට ගොස් සමාග්‍රහණයට පුහුණු කරවනවාට වඩා බලය පැවරීමට ඔවුන්ව පුහුණු කරවන ලදී. සමාජය පුරා පැතිරි යන සහ වි‍ශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ධාරණය කරගත හැකි වැඩසටහන් ඉහත කී සම්මේලනය විසින් ගොඩනඟා ඇත. තවදුරටත්, පාසල් වල ඇති එවැනි සටහන් ඇමෙරිකානු ඉන්දියානු ඉතිහාසයට, සමාජ විද්‍යාවට සහ දේශපාලනයට නව අරුතක් ගෙන දෙන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පර්සියානු_අධ්‍යයනයන්&oldid=341619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි