පර්වේස් හොසේන් එමොන්
මොහොමඩ් පර්වේස් හොසේන් එමොන් (උපත 2002 ජූනි 12) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2019 පෙබරවාරි 25 වන දින 2018-19 ඩකා ප්‍රිමියර් ඩිවිෂන් විස්සයි20 ක්‍රිකට් ලීගයේදී බංග්ලාදේශ ක්‍රීරා ෂික්කා ප්‍රොටිෂ්තාන් වෙනුවෙන් ඔහුගේ මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.[2] ඔහු 2019 මාර්තු 8 වන දින 2018-19 ඩකා ප්‍රිමියර් ඩිවිෂන් ක්‍රිකට් ලීගයේ බංග්ලාදේශ ක්‍රීරා ෂික්කා ප්‍රොටිෂ්තාන් වෙනුවෙන් ඔහුගේ පළමු ලිස්ට් A තරගය ක්‍රීඩා කළේය.[3] 2019 දෙසැම්බරයේදී, ඔහු 2020 අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතයට නම් කරන ලදී.[4]
2020 දෙසැම්බර් 8 වන දින, 2020-21 බංගබන්ධු වි20 කුසලානයේ දී, පර්වේස් ෆෝචූන් බරිෂාල් වෙනුවෙන් අමාත්‍ය රාජෂාහි කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස් කළේය.[5] ඔහුගේ ශතකය පන්දු 42කින් වාර්තා වූ අතර එය බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වි20 ක්‍රිකට් තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකය වේ.[6] 2021 ජනවාරි මාසයේදී, ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟාවලිය සඳහා මූලික සංචිතයට නම් කරන ලද ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් හතර දෙනාගෙන් කෙනෙකි.[7] 2021 පෙබරවාරියේදී, අයර්ලන්ත වුල්ව්ස්ට එරෙහිව ඔවුන්ගේ දේශීය තරඟාවලිය සඳහා ඔහු බංග්ලාදේශ නැගී එන සංචිතයට තේරී පත් විය.[8][9]
ඔහු 2021 මාර්තු 22 වන දින 2020-21 ජාතික ක්‍රිකට් ලීගයේ චිතගොං අංශය වෙනුවෙන් ඔහුගේ පළමු පෙළ තරගයට පිවිසියේය.[10] 2021 නොවැම්බරයේදී, ඔහු පාකිස්තානයට එරෙහි තරගමාලව සඳහා බංග්ලාදේශයේ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) සංචිතයට නම් කරන ලදී.[11] 2022 ජූලි මාසයේදී, ඔහු නැවතත් බංග්ලාදේශයේ වි20ජා සංචිතයට නම් කරන ලදී, ඒ ඔවුන්ගේ සිම්බාබ්වේ සංචාරය සඳහා.[12] ඔහු 2022 අගෝස්තු 2 වන දින බංග්ලාදේශය වෙනුවෙන් සිම්බාබ්වේට එරෙහිව ඔහුගේ වි20ජා මංගල තරඟයට පිවිසියේය.[13]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Parvez Hossain Emon". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2019.
- ^ "4th match, Group D, Dhaka Premier Division Twenty20 Cricket League at Fatullah, Feb 25 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2019.
- ^ "1st Match, Dhaka Premier Division Cricket League at Dhaka, Mar 8 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 March 2019.
- ^ "Media Release : ICC U19 CWC South Africa 2020 : Bangladesh Under 19 Team Announced". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 21 December 2019.
- ^ "Parvez Hossain Emon's 100, Rabbi's hat-trick, Tamim's fifty hand Barishal win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2020.
- ^ "'Don't be too excited' - coaches, Tamim Iqbal want record-breaker Parvez Hossain Emon to stay grounded". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 December 2020.
- ^ "No place for Mashrafe against West Indies". The Daily Star. සම්ප්‍රවේශය 4 January 2021.
- ^ "Ireland Wolves tour of Bangladesh to start with four-day game in Chattogram". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 February 2021.
- ^ "Media Release: Ireland Wolves in Bangladesh 2021s Itinerary". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 9 February 2021.
- ^ "Tier 2, Rajshahi, Mar 22 - 25 2021, National Cricket League". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 March 2021.
- ^ "Media Release : Kamrul Islam Rabbi and Parvez Hossain Emon added to Bangladesh squad for last T20 international". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 21 November 2021.
- ^ "Mahmudullah rested, Nurul to lead Tigers in Zimbabwe T20Is". New Age BD. සම්ප්‍රවේශය 22 July 2022.
- ^ "3rd T20I, Harare, August 02, 2022, Bangladesh tour of Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 August 2022.