පර්වාරිෂ් – කුච් ඛාට්ටී කුච් මීති

විකිපීඩියා වෙතින්
(පර්වාරිෂ් වෙතින් යළි-යොමු කරන ලදි)
පර්වාරිෂ් - කුච් ඛාට්ටී කුච් මීති
පර්වාරිෂ් - කුච් ඛාට්ටි කුච් මීතිහි ප්‍රවර්ධන රූපයක්.
මෙලෙසද හැඳින්වේපර්වාරිෂ්
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
නාට්‍ය
තැනුවේඩීජේ’ස් ක්‍රියේටිව් යුනිට්
රචනය කලේබීජේෂ් ජයරාජන්
දිලීප් ජා
අර්චිතා බිස්වාස් ජා
එස්. මානස්වි
අධ්‍යක්ෂණය කලේඉම්ටියාස් පන්ජාබි
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)සොනාලිකා භොන්ස්ලේ
රඟපෑමපහළ චරිත නිරූපණය බලන්න
ඇරඹුම් තේමාවෂාන්
ෂංකර් මහාදේවන්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන388
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)දීයා සිං
ටෝනි සිං
සංස්කාරක(යන්)හේමන්ත් කුමාර්
ස්ථානය(න්)මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
සිනෙමාරූපණයමහේෂ් ආර්. ගුප්තා
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 23
නිෂ්පාදන සමාගමඩීජේ’ස් ක්‍රියේටිව් යුනිට්
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඉන්ඩියා
සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඒෂියා
රූප ආකෘතිය720i (SDTV)
මුල් ධාවනය21 නොවැමබ්ර් 2011 – 14 අගෝස්තු 2013
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

පර්වාරිෂ් – කුච් ඛාට්ටී කුච් මීති / නායි උමාර් නායි චුනෞටි - පර්වාරිෂ් අග්ලා පාඩව් (සිංහල: ඇතිදැඩි කිරීම - මඳක් කටුකයි මඳක් මිහිරියි / නව යුගයේ නව කඩුලු - ඊළඟ මට්ටමට ඇතිදැඩි කිරීම) හෙවත් සරලව පර්වාරිෂ් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සෝප් ඔපෙරාවකි. මෙය විකාශය වූයේ සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඉන්ඩියා සහ සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඒෂියා යන නාළිකා ඔස්සේ ය. මෙම රූපවාහිනී කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2011 නොවැම්බර් 21 දින වන අතර, විකාශය අවසන් වූයේ 2013 අගෝස්තු 14 දින ය. මෙම කතාමාලාවෙන් නිරූපණය වන්නේ දරුවන් හදා වඩා ගැනීමට වෙහෙසෙන පවුල් පිළිබඳව ය.[1] මෙහි කථා පුවත මගින් පවුල්වල ජීවිත, සදාචාර ධර්ම සහ චාරිත්‍ර කෙරෙහි අවධානය යොමුකොට ඇත.[1] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ[2] ස්වේතා තිවාරි, රූපාලි ගංගුලි, විවේක් මුෂ්රාන් සහ විශාල් සිං යන නළු නිළි පිරිස විසිනි.

මෙම කතාමාලාව දෙමළ බසින් හඬ කවා නිලවේ මලරේ යන තේමාව ඔස්සේ ඉන්දියාවේ රාජ් ටීවී නාළිකාවෙන් විකාශය කෙරිණි. දෙමළ බසින් හඬකවන ලද නිලවේ මලරේ කතාමාලාව සිංහල උපසිරැසි සහිතව ශ්‍රී ලංකාව තුළ නේත්‍රා ටීවී නාළිකාව ඔස්සේ ද විකාශය විය.

2015 මැයි මස නිවේදනය කෙරුණේ මෙම කතාමාලාව දෙවන අදියරක් ද සමගින් යළි නිර්මාණය වන බවයි. 2015 සැප්තැම්බර් මස නිවේදනය කෙරුණේ මෙම දෙවන අදියර සඳහා සංගීතා ඝෝෂ්, සංදීප් බාස්වානා, විනයි ජයින් සහ ගෞතමී කපූර් වැනි නළු නිළියන් රංගන දායකත්වය ලබා දෙන බවයි. 2015 නොවැම්බර් 23 දින සිට මෙහි දෙවන අදියර විකාශය වීම ඇරඹිණි.

කථා සාරංශය[සංස්කරණය]

පර්වාරිෂ් කතාමාලාව ප්‍රධාන වශයෙන්ම ගෙතී ඇත්තේ ඥාතී පවුල් දෙකක් වන අලුවාලියාවරුන් සහ අහූජාවරුන් වටා ය.[1] මෙමගින් ඔවුන් සිය දරුවන් හදා වඩා ගැනීමේ දී මුහුණ පාන ගැටලු සහ එම අත්දැකීම්වලින් ඉගෙන ගන්නා පාඩම් නිරූපණය කෙරේ.[1]

ස්වීටි අලුවාලියා (ශ්වේතා තිවාරි) ඇගේ දරුවන් දෙදෙනා වන රොකී සහ ජිනී හට තදින් සලකන්නී ය.[2] මේ නිසා ඔවුන් දෙදෙනා ව්‍යාකූලත්වයට පත්වන අතර, ඇයට විරුද්ධව රහසේ නොයෙකුත් දඟ වැඩිවල නිරත වනු ලබයි.[2] ඇය නිතරම ඔවුන් හට බැණ වදිමින් දරුවන්ගේ අධ්‍යයන කටයුතු පිළිබඳ චෝදනා නැගුව ද, සැබැවින්ම ඇය දරුවන් සිය පණ මෙන් සලකන්නී ය. සිය සැමියා වන ලක්වීර් සිං (විවේක් මුෂ්රාන්) ගේ සහාය ඇතිව ඇය සිය දරුවන් හට ලබාදිය හැකි හොඳම දෑ ලබා දෙන්නට උත්සාහ ගන්නී ය.[2]

අනෙක් අතින්, ස්වීටීගේ නැගණිය වන පින්කි අහූජා (රූපාලි ගංගුලි/බර්ඛා බිෂ්ත් සේන්ගුප්තා) හට අවශ්‍ය වන්නේ සිය දරුවන් තිදෙනා වන රාවි, රාශි සහ සනී සමග මිතුරියක සේ කටයුතු කරමින් රැක බලා ගැනීමටයි.[2] කෙසේනමුත්, ඇගේ අධික ක්‍රියාකාරීභාවය හේතුවෙන් ඇගේ දරුවන් නිතරම විඩාවට පත්වන අතර, නිතරම ගැටලු ඇති කරනු ලබයි.[2] ඇයට හැමවිටම ඇගේ දයාබර සැමියා මෙන්ම සහායක මිතුරා ද වන ජීත්ගේ (විශාල් සිං) උපකාරය ද හිමි වේ.[2]

චරිත නිරූපණය[සංස්කරණය]

අලුවාලියා පවුල


අහූජා පවුල
වෙනත්

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Parvarrish – Kuchh Khatti Kuchh Meethi: about the show". Sony Entertainment TV. MULTI SCREEN MEDIA PVT. LTD. සම්ප්‍රවේශය 22 July 2012.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 "Parvarrish - Kuchh Khatti Kuchh Meethi, Cast and Characters". Sony Entertainment TV. MULTI SCREEN MEDIA PVT. LTD. සම්ප්‍රවේශය 22 July 2012.
  3. "CHILD ARTISTE (FEMALE)". The 11th Indian Telly Awards. Indiantelevision.com. සම්ප්‍රවේශය 22 July 2012.

බාහිර සබැඳි[සංස්කරණය]