පර්යේෂණ නිර්මාණය වීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අදාල ප්‍රතිඵලය නොලැබුණු විට කල්පිතය අසත්‍ය වන තීරණාත්මක කල්පිතයක් පරීක්ෂා කරනු ලැබේ. (එනම් ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍යයට අනුමාන කර ඇති පරිදි බලපෑම් නොකරන බව පෙන්වන පර්යේෂණ) කෙසේ නමුත් එවැනි ශුද්ධ යෙදීම් ඉතා විරලය. මන්ද පරීක්ෂණය නිසි පරිදි පාලනය නොකිරීම , ස්වායත්ත විචල්‍ය වලංගු නොවීම හෝ පරීක්ෂණයේ විවිධ දෝශ අඩංගු වීම වැනි පදනම්වලදී ප්‍රතිඵල අභියෝගයට ලක්විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය, ප්‍රත්‍යුත්පාදන හැකියාවේ හා අභිසාරී සාධක (බාහිර වලංගු බව බලන්න) වල අවශ්‍ය මත නිර්මාණය විය. පර්යේෂණ නිර්මාණය කිරීම, විද්‍යාත්මක ක්ෂේත්‍රයේ අවශ්‍යතා හා සීමා තුලනය කිරීමට උත්සාහ කරයි. එම නිසා පර්යේෂණයට පරීක්ෂාවට බඳුන් වන කල්පිතය ගැන සුදුසුම නිගමනය සැපයිය හැක. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වැනි සමහර විද්‍යාවල දී, අපේකෂිත ලෙස සියලු මිනුම් ගැනීමට වන අවශ්‍යතා ඉටු කර ගැනීම සාපේක්ෂව පහසු වන අතර පර්යේෂනය පුරාවට සියලු තත්ව පාලිතව තබා ගත හැක. අනෙක් අතින් ජීව විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව වැනි විෂය වලදී පර්යේෂණයක තත්ව නිරවද්‍යව ක්‍රියාත්මක වූ බව තහවුරු කිරීම අපහසුය. තවද සමාජ විද්‍යාවවලදී අපේක්ෂිත ආකාරයට පරීක්ෂණයක ප්‍රතිඵල ද මැනීමේ ක්‍රමයක් තීරණය කිරීම ද අපහසු වේ.

මේ හේතුව නිසා, භෞතික විද්‍යාව හා ස්වභාවික විද්‍යාවල අනෙක් ‍ක්ෂේත්‍ර වැනි විද්‍යා සමහර විට “දැඩි විද්‍යා” ලෙස හඳුන්වනු ලබන අතර සමාජ විද්‍යා සමහරක් විට “මෘදු විද්‍යා” ලෙස හඳුන්වනු ලැබේ. මේවා මෙලෙස නම් කරනු ලබන්නේ දැඩි විද්‍යාවල දී අපේක්ෂිත මිනුම් වඩාත් පහසු ලෙස ගත හැකි බව හා මෘදු විද්‍යාවලදී වඩාත් අපහසු බව ඇඟවීමටය.

මීට අමතරව සමාජ විද්‍යාවල , බොහොමයක් සාමාන්‍ය අවස්ථාවලදී පාලිත තත්ව සඳහා වු අවශ්‍යතාව, කල්පිතයේ උපයෝගීතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. අවශ්‍යතාව වන්නේ සාමාන්‍යයෙන් , ක්‍රියාකරන කල්පිතයක් පරීක්ෂා කිරීමට නම් පරීක්ෂණයට , දැඩිව පාලිත තත්වලදී වලංගු වේ යන හැඟීමෙන් , අධික අභ්‍යන්තර වලංගුතාවක් තිබිය යුතු අතරම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රායෝගික තත්වවලට යෙදීමේ දී අඩු බාහිර වලංගුතාවයකින් යුක්ත විය යුතුය. මෙය සිදුවීමට එක් හේතුවක් වන්නේ හොව්ත්‍රෝන් ආචරණයයි. තවත් එකක් වන්නේ සාමාන්‍ය සමතුලිතයේ දී පාර්ශ්වික සමතුලිතය නොකඩවා රඳා නොසිටීමයි.

මෙම සැලකී‍ම්වල ප්‍රතිඵලයක් ලෙස දැඩි විද්‍යාවල පර්යේෂණාත්මක සැලසුම් අවධානය යොමු කිරීමට යත්න දරන්නේ බාහිර ආචරණ ඉවත් කිරීමට අතර මෘදු විද්‍යාවල පර්යේෂණාත්මක සැලසුම් වඩාත් අවධානය යොමු කරන්නේ බාහිර වලංගුතාවය පිළිබඳ ගැටලු කෙරෙහිය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ සංඛ්‍යානමය ක්‍රමයි. විද්‍යාත්මක සාක්ෂි ගත හැකි සිද්ධි ස්වාභාවිකව ඉඳහිට සිදුවේ. ස්වාභාවික පර්යේෂණවලට පාදම වනනේ ඒවායි. එවැනි අවස්ථාවලදී විද්‍යාඥයන්ට වන ගැටළුව වන්නේ ස්වාභාවික සැලසුම් ඇගයීමයි.

"http://si.wikipedia.org/w/index.php?title=පර්යේෂණ_නිර්මාණය_වීම&oldid=249481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි