පර්යාවලෝකය-මූලික සංකල්පය

විකිපීඩියා වෙතින්


කිසියම් දර්ශනයක් පසුකර යන ආලෝකය නරඹන්නාගේ ඇස කරා පරිකල්පනීය ඍජුකෝණාස‍්‍රයක් (චිත‍්‍රය) තුලින් ගමන් කරන ආකාරය නිරූපනය කිරීම මගින් පර්යාවලෝකය කි‍්‍රයා කරයි.

අාශි‍්‍රත සංකල්පයන්

පහත සංකල්පයන් පර්යාවලෝකය හා සම්බන්ධිතව පවතී.

  • පූර්ව හුස්නය
  • ක්‍ෂිතිජ රේඛාව
  • අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ

සියලූ පර්යාවලෝක ඇඳීම් නරඹන්නා එහි සිට කිසියම් දුරකින් සිටින්නේයැයි උපකල්පනය කරයි. නරඹන්නාට සාපේක්‍ෂව වස්තූන්ගේ පරිමාණය තීරණය කෙරේ. එමෙන්ම හැමවිටම වස්තූන් එකම පරිමාණයකින් ඉදිරිපත් නොකෙරේ. වෘත්තයක් බොහෝවිට ඉලිප්සයක් ලෙස නිරූපනය වියහැකි අතර සමචතුරස‍්‍රයක් ති‍්‍රපාදකයක් ලෙස නිරූපනය වියහැක. මෙකී විකෘතිවීම පූර්ව හුස්නය ලෙසින් හඳුන්වනු ලබයි.

පර්යාවලෝකන ඇඳීම්වල ව්‍යංග ක්‍ෂිතිජ රේඛාවක් වෙයි. එය නරඹන්නාගේ ඇසට කෙලින්ම ප‍්‍රිතිරුද්ධ පැත්තේ පිහිටා ඇත. එමඟින් වස්තුවේ ඈත අනන්තය නිරූපනය කෙරෙයි. එමඟින් දුර රේඛාවක ඝනකම මතට හකුලූවාලයි. එය පෘථිවියේ ක්‍ෂිතිජයට සමානය.

සමාන්තර රේඛා දෙකක් සහිත ඔනෑම දර්ශනයක පර්යාවලෝක නිරූපනයේ අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ එකක් හෝ දෙකක් පවතී. මින් එකක් නරඹන්නාගේ ඇසට ඍජුවම ප‍්‍රතිවිරුද්ධ පැත්තේ ක්‍ෂිතිජ රේඛාව මත පිහිටයි. මෙය ‘ඈතට යන රේල් පාරක්’ දර්ශනය වන ආකාරයට සමාන සංසිද්ධියකි. ලක්‍ෂ දෙකක් පවතින චිත‍්‍රයන්හි එකිනෙකට වෙනස් කෝණයන් දෙකකට සමාන්තරව රේඛාවන් පවතී. ඇඳිමක අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ ඕනෑම ගණනක් පැවතිය හැක. එනම් චිත‍්‍රයේ තලයට සාපේක්‍ෂව කෝණිකව පවතින සෑම සමාන්තර රේඛා කාණ්ඩයකටම එක් ලක්‍ෂයක් බැගිනි.

සමාන්තර රේඛාවන් බොහෝ ගණනක් පවතින පර්යාවලෝකයන් ගෘහනිර්මාණ ශිල්පී ඇඳිම්වල බොහෝවිට දැකගත හැක (ගෘහ නිර්මාණ ශිල්පියා බොහෝවිට x, y සහ z අක්‍ෂයන්ට සමාන්තර රේඛාවන් භාවිතා කරයි). ගෘහනිර්මාණ ශිල්පී ඇඳීම්වල ද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ එකක් දෙකක් හෝ තුනක් පමණක් ඇති පර්යාවලෝකනයක් ප‍්‍රායෝගිකව දැකගැනීම අසීරුය. ඉතාමත්ම සාමාන්‍ය නිවසක පවා බොහෝවිට මුදුන් වහලක් පවතින බැවින් අවම වශයෙන් සමාන්තර රේඛා කාණ්ඩයන් හයක්වත් පවතී. එනම් අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ 6 ක් වත් පවතී.

මීට ප‍්‍රතිපක්‍ෂව ස්වභාවික දර්ශනයන්හි සමාන්තර රේඛා කාණ්ඩ එකක්වත් නොපවතී. එවැනි පර්යාවලෝකනයක අද්‍රෘෂ්‍යමාන ලක්‍ෂ එකක් හෝ නොපවතිනු ඇත.