පන්ඛුරී අවස්ථී

විකිපීඩියා වෙතින්
පන්ඛුරී අවස්ථී
අවස්ථී 2020 ජනවාරියේ දී
උපත31 මාර්තු 1991 (1991-03-31) (වයස 33)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර2014–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේරෂියා සුල්තාන්
යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ
ශුභ් මංගල් ස්‍යාදා සාව්ධාන්
කලත්‍රයා(යන්)ගෞතම් රෝඩ් (වි. 2018)

පන්ඛුරී අවස්ථී (උපත 1991 මාර්තු 31) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නිළියකි. ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ රෂියා සුල්තාන් කතාමාලාවේ රෂියා, යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ කතාමාලාවේ වේදිකා සහ සූර්යපුත්‍ර කර්ණ් හි ද්‍රෞපදී ලෙස ඇය නිරූපණය කළ චරිත නිසායි.

මුල්කාලීන දිවිය[සංස්කරණය]

අවස්ථී උපත ලැබූයේ 1991 මාර්තු 31 දින ලක්නව් හි ය.[1][2] ඇය දිල්ලියෙහි හැදීවැඩුණත්, අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පසුව බැංගලෝරය වෙත සංක්‍රමණය වූවා ය. පසුව 2014 දී රංගන වෘත්තිය උදෙසා ඇය මුම්බායි වෙත පැමිණියා ය.[1][3]

වෘත්තිය[සංස්කරණය]

පන්ඛුරී අවස්ථී එම්ටීවී ෆනා දෙවන කථාවාරයේ සෙහෙර් ලෙස චරිත නිරූපණය කළා ය. පසුව ඇය ඇන්ඩ්ටීවී නාලිකාවේ ඓතිහාසික රූපවාහිනී කතාමාලාවක් වූ රෂියා සුල්තාන් තුළ ඇය රෂියා සුල්තාන්ගේ චරිතය නිරූපණය කළා ය. එසේම මිත්‍යාමය නාට්‍යයක් වූ සූර්යපුත්‍ර කර්ණ් තුළ ඇය ද්‍රෞපදීගේ චරිතය නිරූපණය කළා ය. 2017 දී, ඇය ස්ටාර් ප්ලස් නාලිකාවේ වැඩසටහනක් වූ ක්‍යා කුසූර් හේ අමලා කා? හි අම්ලාගේ චරිතය නිරූපණය කළා ය. මෙය Fatmagül'ün Suçu Ne? නම් ප්‍රකට තුර්කි වැඩසටහනේ ප්‍රතිනිර්මාණයකි.

2019 දී ඇය, කලර්ස් ටීවි නාලිකාවේ කෝන් හේ? හි පෝලෝමා / අන්වේෂා ලෙස කථාංගික චරිත නිරූපණයෙහි යෙදුණා ය. පසුව ඇය ඇන්ඩ් ටීවී හි ලාල් ඉෂ්ක් හි රංගනයෙහි යෙදුණා ය. 2019 ජූනි සිට 2020 ජනවාරි තෙක් ඇය ස්ටාර් ප්ලස් නාලිකාවේ යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ නාට්‍යයේ වේදිකා අගර්වාල් නම් චරිතය නිරූපණය කළා ය.[4][5][6] එම නාට්‍යය එකල වඩාත්ම නැරඹූ වැඩසටහන් 5 අතර විය.[6]

අවස්ථී හින්දි සිනමාව වෙත පිවිසියේ ශුභ් මංගල් ස්‍යාදා සාව්ධාන් චිත්‍රපටය තුළිනි. එය 2020 පෙබරවාරි 21 දින මුදාහැරිණි.[7]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

2017 ඔක්තෝබරයේ දී, අවස්ථී ගෞතම් රෝඩ් සමග විවාහ ගිවිසගත්තා ය.[8] 2018 පෙබරවාරියේ අල්වාර් හි දී ඔවුහු විවාහ වූහ.[9]

රංගන දායකත්වය[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය වැඩසටහන චරිතය සටහන් ආශ්‍රේ
2014 යේ හේ ආෂිකි - මයි දිල් ගෝස් ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් සායිමා (කථාංගය 47) ප්‍රථම රූපවාහිනී කතාමාලාවයි [10]
එම්ටීවී ෆනා සීසන් 2 සෙහේර් [10]
2015 රෂියා සුල්තාන් රෂියා සුල්තාන් ප්‍රධාන චරිතය [11]
2015 - 2016 සූර්යපුත්‍ර කර්ණ් ද්‍රෞපදී ප්‍රධාන චරිතය [12]
2017 ක්‍යා කුසූර් හේ අමලා කා? අමලා ප්‍රධාන චරිතය [13]
2018 කෝන් හේ? - ද මිස්ට්‍රියස් ඩෝල් ඔඩ් පුතුල්ගන්ජ් : කොටස 1 සහ කොටස 2 පෝලෝමා / අන්වේශා (කථාංගය 2 සහ 3) [Note 1] කථාංගික චරිතය [14]
ලාල් ඉෂ්ක් - මායොංග් කථාංගය 27 කථාංගික චරිතය [15]
2019 යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ වේදිකා ආවර්තී චරිතය [16]

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන් ආශ්‍රේ
2020 ශුභ් මංගල් ස්‍යාදා සාව්ධාන් කුසුම් නිගම් චිත්‍රපට රංගන ප්‍රවේශය [17]

සටහන්[සංස්කරණය]

  1. The show was earlier titled as 'Khauff', to which the citation refers.'

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "How Pankhuri Awasthy became Razia Sultan". Times of India.
  2. "TV एक्ट्रेस ने यूं सेलिब्रेट किया बर्थडे, हसबैंड से हैं 13 साल छोटी, PHOTOS". Dainik Bhaskar (හින්දි බසින්). 3 April 2018. සම්ප්‍රවේශය 16 March 2019.
  3. "Pankhuri Awasthy aka Vedika is feeling grateful as she completes 5 years in Mumbai". The Times of India (ඉංග්‍රීසි බසින්). 14 October 2019. සම්ප්‍රවේශය 18 January 2020.
  4. DNA. "After hiatus of 2 years, Pankhuri Awasthy to make a comeback on TV with 'Yeh Rishta Kya Kehlata Hai'". DNA India. සම්ප්‍රවේශය 8 June 2019.
  5. "Yeh Rishta Kya Kehlata Hai's Vedika aka Pankhuri Awasthy receives hate messages from fans of Shivangi Joshi and Mohsin Khan". Times Of India. 2 August 2019. සම්ප්‍රවේශය 2 December 2019.{{cite news}}: CS1 maint: url-status (link)
  6. 6.0 6.1 "Yeh Rishta Kya Kehlata Hai's Pankhuri Awasthy aka Vedika posts new pic from Naira and Kartik's bedroom, fans get upset". Times Of India. 24 September 2019. සම්ප්‍රවේශය 2 December 2019.{{cite news}}: CS1 maint: url-status (link)
  7. "Shubh Mangal Zyada Saavdhan's Script Was Hilarious, Says Pankhuri Awasthy". News18. 8 October 2019. සම්ප්‍රවේශය 31 January 2020.
  8. "Gautam Rode and Pankhuri Awasthy to tie the knot in Alwar. See pics". Hindustan Times (ඉංග්‍රීසි බසින්). 5 February 2018. සම්ප්‍රවේශය 18 January 2020.
  9. TimeOfIndia.com (6 February 2018). "Gautam Rode wedding: The actor ties the knot with girlfriend Pankhuri Awasthy". The Times of India. සම්ප්‍රවේශය 16 March 2019.
  10. 10.0 10.1 "Yeh Rishta's Pankhuri Awasthy bags her first film: A look at her journey from Razia Sultan to Shubh Mangal Zyada Saavdhan". The Times of India. 19 September 2019. සම්ප්‍රවේශය 18 January 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  11. PTI (4 February 2015). "TV show about women emperor Razia Sultan launched". Indian Express. සම්ප්‍රවේශය 18 January 2020.
  12. "Draupadi aka Pankhuri Awasthy shares her experience of shooting "cheer-haran" sequence for Suryaputra Karn". PINKVILLA. සම්ප්‍රවේශය 20 December 2019.
  13. "Razia Sultan actress Pankhuri Awasthy to play the lead in Star Plus' adaptation of Fatmagul". 22 February 2017.
  14. "After marrying Gautam Rode, Pankhuri Awasthy to make comeback on TV in Khauff opposite Abhishek Malik". Latest Indian news, Top Breaking headlines, Today Headlines, Top Stories at Free Press Journal. සම්ප්‍රවේශය 20 December 2019.
  15. "Pankhuri Awasthy and Jason Tham bags role in &TV show Laal Ishq". www.tellybest.com. සම්ප්‍රවේශය 20 December 2019.
  16. "Yeh Rishta Kya Kehlata Hai: Pankhuri Awasthy kickstarts her new journey; shares a picture from on sets". PINKVILLA. සම්ප්‍රවේශය 20 December 2019.
  17. "Shubh Mangal Zyada Saavdhan's Script Was Hilarious, Says Pankhuri Awasthy". News18. 8 October 2019. සම්ප්‍රවේශය 18 January 2020.
"https://si.wikipedia.org/w/index.php?title=පන්ඛුරී_අවස්ථී&oldid=481876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි