පද්මය (සඟරාව)

විකිපීඩියා වෙතින්

1920 දශකයේ ඇති වු බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රථිඵලයක් ලෙස ආරම්භ කරන ලද පාලටුව ගුණරතන බෞද්ධ විද්‍යාලයේ මුල් බීජය රෝපනය කරනු ලැබුයේ උනැල්ල ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අති ගෞරවනීය ඇටැම්පල ගුණරතන මාහිමියන් විසින්ය. මෙම යුගයේ පැවති බෞද්ධ ප්‍රබෝධයත් සමගම බෞද්ධ සාහිත්යහක්ද වර්ධනය වන්නට විය. 1932 තරම් වූ ඈත අතීතයේදී ගුණරතන විද්‍යාලයේ පද්මය නමින් මාසික සඟරාවක් එලිදක්වන්නට තරම් එකල සිටි සිසුන් වාග් කෟෂ්යනල්යෙන් ද ඥාණ සම්පත්තියෙන්ද යුක්ත විය. එම පද්මය සගරාවට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි කීර්තිමත් බෞද්ධ බඬිවරු ද ලිපි සපයා ඇති බවට සාධක තිබේ. එම සඟරාවේ සංරක්ෂිත ලිපි කිහිපයක් ගුණරතන විද්‍යාලයේ ඉතිහාසය අගයන විද්‍යාලයට ලැදි දනන් වෙනුවෙන් මතු දැක්වෙයි.


ළමයිනි නුඹලා කාටත් එකක් මම කියන්නම්[සංස්කරණය]

ළමයිනි නුඹලා කාටත් එකක් මම කියන්නම්

හොඳට අහගනිල්ලා ඒක පාඩම් කරපල්ලා

වටවුණු මුහුදින් මේ වාසනාවන්ත දීපේ

ඉපදුනු නුඹලා නම් වාසනාවන්තයෝ මැයි


මහ මුහුද හැදෙන්නේ පුංචි ගංගා ගලාලයි

ගඟේ උපතවන්නේ උල්පතයි කන්ද පල්ලේ

මෙලෙස ලොව තිබෙන්නා වු බොහො දේ බැලුවොත්

බොහොම ලොකුය ඒවායේ පටන් ගැන්ම පුංචිස්


කුළුගෙඩිය බලාපල්ලා ඉතාමත් ම පුංචිස්

මහ ලොකු කළුගල් සීසිකඬේ ඉන් කැඩෙන්නේ

ළමයිනි උඹලාටත් බෝම දේවල් කළෑකි

සමගිය විතරක් මැයි ඊට ඕනෑ කරන්නේ

-ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අකුරැසුස පොරතොටදී ලියන ලදි -

"https://si.wikipedia.org/w/index.php?title=පද්මය_(සඟරාව)&oldid=469583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි