පද්ධති විශ්ලේෂණය (Systems Analysis)

විකිපීඩියා වෙතින්

ශක්‍යතා වාර්තාව පිළිබදව ව්‍යාපෘතිය භාර කමිටුව මගින් නව පද්ධතියක අවශ්‍යතාව ගැන සෑහීමකට පත්වුවහොත් ඒ පිළිබදව සවිස්තරාත්මක අධ්‍යයනයක යෙදීමට ව්‍යාපෘති කමිටුව තීරණය කරයි. ඒ අනුව ශක්‍යතා අධ්‍යයන වාර්තාව ඔස්සේ ලබාදී ඇති කරුණු තව දුරටත් විමර්ශනයට ලක්කෙරේ. නව පද්ධතියේ අරමුණු, ඊට අදාල විෂය සන්ධාරය,අවශ්‍ය වන භෞතික හා මානව සම්පත්,සහ යෝජිත නව පද්ධතිය සංවර්ධනය කිරීමේදී ඇතිවිය හැකි ගැටළු හා සීමා ආදිය පිළිබදව මෙහදී විශේෂයෙන් සලකා බලනු ලැබේ. එසේම පද්ධති විශ්ලේෂණ ක‍්‍රියාවලියේ දී ආයතනයේ ව්‍යුහය පිළිබඳවත් , කළමනාකරණ මට්ටම් සහ මෙහෙයුම් මට්ටම් පිළිබදවත්, සවිස්තරාත්මක තොරතුරු රැස්කර ගැනීමක් සිදු කරනු ලැබේ. ඊට හේතුව යෝජිත නව පද්ධතිය මගින් කළමනාකරුවන්ගේ සහ පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරාලිය යුතු වීමය. ඒ අනුව පද්ධති විශ්ලේෂණ අවධියේදී දත්ත එක්රැස් කිරීම සහ දත්ත තොරතුරු බවට පත්කිරීම තුළින් පද්ධතියේ අවශ්‍යතා සවිස්තරාත්මකව විමර්ශනයට ලක් කෙරේ.(RS)