පත්‍ර කලාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

නිර්වචන සහ නිරුක්තිය[සංස්කරණය]

පත්‍රකලාවේදය යනු පුවත් රැස්කිරීම, ලිවීම සහ වාර්තා කිරීම සම්බන්ධ විෂයයි. එයට ලිපි සංස්කරණය සහ ඉදිරිපත් කිරීම ද අයත්වේ. එය පුවත් පත් , සගරා, ගුවන් විදුලි හෝ රූපවාහිනියට සීමා නොමැති අතර විවිධ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වේ. පුවත් පළ කිරීමේ ප්‍රමුඛයා වීමේ පීඩනයත් සමග විවිධ මාධ්‍ය ආයතන නිවැරදි බව,ගුණාත්මක බව සහ ඉදිරිපත් කිරීමේ ශෛලියන් පිළිබදව විවිධ සම්මතයන් භාවිතා කරයි. ප්‍රකාශනයට පෙර සංස්කරණය හා සෝදුපත් කියවීම සිදු කරයි. රාජ්‍ය ආයතන නිලධාරීන් ජනතාවට වග කයවීම සදහා යොදාගත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇතැම් මාධ්‍ය ආයතන සතු නමුත් මාධ්‍ය වගකීම පිළිබඳව ඇතැම් විචාරකයෝ ප්‍රශ්න කරති.


ඉංග්‍රීසි භාෂාවේ “ ජර්නලිස්ට් ” යන පදය ප්‍රංශ භාෂාවේ ‘ජර්නල්’ යන පදයෙන් පරිණාමය වී ඇත. මෙම ප්‍රංශ වදන සෑදී තිබෙන්නේ ලතින් භාෂාවේ දිනපතා යන අරුත දෙන “ ඩියුනරල් ” යන වදනෙනි. පුරාණ රෝමයේ දිනපතා පළ කෙරුණු “ ඇක්ටා ඩියුනරල් ” යන අතින් ලියන ලද නවේදන පත්‍රිකාව ලොව ප්‍රථම පුවත් පත ලෙස පිළිගැනේ.


වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ හිටපු කතෘ නිල් ග්‍රැහැම්ට අනුව පුවත් පත්‍රකලාවේදන “ ඉතිහාසය පිළිබදව පළමු කටු සටහනක ” මන්දයත් පත්‍රකලාවේදීන් වැදගත් සිදුවීම් එසේම වාර්තා කරන බැවිනි.


රෝයාඩ් කිප්ලංග්ට අනුව පත්‍රකලාවේදියාගේ කාර්ය වන්නේ යම් ප්‍රවෘත්තියක කවුරු,කුමක්, කවදා, කොතැන ,ඇයි යන්න වාර්තා කිරීම සහ සිදුවීම්වල වැදගත් කම , ප්‍රතිඵල සටහන් කිරීමය. පත්‍රකලාවේදන මාධ්‍ය ගණනාවක් පවතී. උදාහරණ ලෙස පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනි, සගරා, අන්තර්ජාලය සැලකිය හැකිය.


පත්‍රකලාවේදීන් විවිධ විෂයන් පිළිබදව වාර්තා කරයි. උදාහරණ ලෙස ප්‍රාදේශිය, පළාත්, ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය, එම මට්ම්වල ආර්ථිකය හා වෙළෙදාම සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා, විනෝදාංශ, ජීවන රටා, ඇදුම්, ආහාර, සුරතල් සතුන්,මානව සබදතා ආදී පාඨකයන්ට අවශ්‍ය යැයි හැගෙන ඕනෑම කරුණක් මාධ්‍ය සංවිධාන වාර්තා කරයි. පුවත් පත්, සගරා සහ ප්‍රකාශ මාධ්‍ය වැනි පොදු මාධ්‍ය වල මෙන්ම,තෝරාගත් දායක පරිසක් සිටින මාධ්‍ය වලටද වාර්තා කළ හැකිය. සිද්ධියක් සිදුවූ ස්ථානයට ගොස් එම සිද්ධිය වාර්තා කළ යුතු අතර බොහෝ විට එහිදීම වාර්තාව සකස් කෙරේ. දුරකථන, පරිගණක සහ අන්තර්ජාලය හරහාද තොරතුරු රැස්කෙරේ. මෙම වාර්තා “ පුවත් කාමර ” තුළදී සංස්කරණය කෙරේ.


පත්‍රකලාවේදියෙකු කිසියම් විශේෂ විෂයක් පිළිබඳව වාර්තා කරන්නේ නම් තොරතුරු ලබා ගැනිම සදහා මූලාශ්‍ර සොයාගැනිම, අදාළ පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීම ආදියද සිදු කළ යුතුය. එසේම ඔවුන් විමර්ශනාත්මක සහ පර්යේෂණ හැකියාව යොදාගෙන වාර්තාව ඉදිරිපත් කළ යුතුය.


මුද්‍රිත පත්‍රකලාවේදනය අංශ කිහිපයට වෙන් කළ හැකිය. පුවත් පත්, පුවත් සගරා, පොදු සගරා, වෙළෙද සගරා , විනෝදාන්ශ සඟරා, පුවත් පත් ලිපි , පුද්ගලික ප්‍රකාශන අන්තර්ජාල පුවත් පිටු ආදිය ද ඒ අතර වේ. එක් එක් ප්‍රභේදනය තුළ එයට ආවේනික පර්යේෂණ හා වාර්තා කරන විෂමතා තිබිය හැකිය.


උදාහරණ ලෙස එක්සත් ජනපදයේ පුවත් පත් පත්‍රකලාවේදීන්ගේ සම්ප්‍රදායක් වන්නේ “ යටි කුරු පිරමීඩ ශෛලියට වාර්තා ලිවීමයි.එහෙත් මෙය වඩාත් යොදා ගන්නේ විශේෂාංග සදහා නොව පුවත්පත් සදහාය. ලිඛිත පුවත් වාර්තා සුළු වචන ප්‍රමාණයකින් යුක්ත විය යුතුය. අත්‍යවශ්‍ය තොරතුරු මුලින්ම දැක්විය යුතුය. මේ අනුව පුවතේ ප්‍රමාණය අඩු කිරීමට සිදු වුවහොත් වැදගත් කමින් අඩු කොටස් කපා හැරේ. ඉතා සුළු වචන ප්‍රමාණයකින් වාර්තා ලිවීමට සංස්කාරකවරු වෙහෙස වෙති. විශේෂාංග ලිපි සදහා සාමාන්‍යයෙන් වැඩි ඉඩක් ලැබේ. එතරම් දැඩි නොවූ ශෛලියකින් ලියනු ලැබේ.


පුවත් සඟරා සහ පොදු සඟරා ලියනු ලබන්නේ යටිකුරු පිරමීඩ ශෛලියට සහ වෙනත් ශෛලියන්ටය. වෙළෙද සගරා පුවත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර විනෝදාංශ සගරා විශේෂාංග ස්වරූපයක් ගනී. ලොවපුරා ජනමාධ්‍යවේදීන් සිය රාප්‍යයන් පිළිබඳව තොරතුරු වාර්තාකරන අතර එක් එක් රජයන්වල ජනමාධ්‍ය ප්‍රතිපත්තීන් එකනෙකට වෙනස්ය. බොහෝ බටහිර රටවල් මාධ්‍ය නිදහස ලබාදී ඇති අතර මාධ්‍ය අයිතිවාසකම් හා නිදහස සිමා කිරීමක් ද එම රටවල සිදු නොවේය. එහෙත් වෙනත් රටවල පත්‍රකලාවේදීන් පළ කරන හෝ පර්යේෂණ කරුණු සීමා කළ හැකිය.


පොදු උත්සව,අපරාධ,ස්ථාන,මාධ්‍ය සාකච්ජා වලට සහභාගිවීමේ අවස්ථාව මහජන නියෝජිතයන් සහ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ජා පැවැත්වීමේ අවස්ථාව වැනි සාමාන්‍ය ජනයා නොලබන අවස්ථා පත්‍ර කලා වේදීන්ට හිමි වේ. එසේ හිමි වන්නේ රජයකට හෝ එහි ප්‍රතිපත්තිවලට පක්ෂව හෝ විපක්ෂව ජනමතයන් ගොඩ නැගිමට සහ ජනතාව නියෝජනය කිරීමට මාධ්‍ය ඇතැයි සැලකෙන නිසාය. මේවා පත්‍රකලාවේදීන්ගේ නෛතික අයිතිවාසිකම් වුවද ඒවා සුරක්ෂිත කර නැත. ඇතැම් අවස්ථා වලදී එම අයිතීන් ලබා නොදීම හේතුවෙන් පත්‍රකලාවේදිනට දඩුවම් පැමිණවීමට උත්සාහ කිරීමට රජය ක්‍රියා කරයි.


පත්‍රකලාවේදීන්ට නිල බලපත්‍ර ලබාදෙන රජයන් වල එම බලපත්‍ර හරහා අයිතිවාසිකම් සහ වගකිම් පැවැරිය හැකිය. එක්සත් ජනපදයේ නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය නිසා රජය මගින් බලපත්‍ර පැවැරීමක් සිදු නොකෙරේ. සමහර ප්‍රාන්ත වලත් සමහර රාජ්‍ය විමර්ශන වලන් පත්‍රකලාවේදය සුරැකීමට නීති පැනවූ රාජ්‍ය එක් එක් ප්‍රාන්තයන් පත්‍රකලාවේදය නිර්වචනය වන ආකාරය වෙනස් වේ. මෙවැනි නීතියක් ජාතික මට්ටමෙන් අවශ්‍ය යැයිද අදහසක් නොකෙරේ.


සමහර රටවල පත්‍රකලාවේදීන් සෘජුවම රජයෙන් බදවා ගැනිම,පාලනය කිරීම සහ වාරණය කිරීම සිදුකෙරේ. තවත් රටවල රාජ්‍ය මාධ්‍ය නිදහස සුරැකෙන්නේ යැයි පැවසුවද, අත්අඩංගුවට ගැනිම,දේපල විනාශ කිරීම,වධහිංසනය,ඝාතනය ආදී තර්ජන හරහා ඔවුන්ට බලපෑම් එල්ල කරයි.


රාජ්‍ය අතර ගැටුම් හෝ සිවිල් යුද්ධ වාර්තා කරන පත්‍රකලාවේදීන් රජයෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වේ. ගැටුමක් අතරතුර දී අත්අඩංගුවට ගත් මාධ්‍ය වේදීන්ට සාමාන්‍ය ජනයා ලෙස සලකන අතර ඔවුන්ව මවුරටේ රාඡයට භාර දෙනු ලබයි.

පත්‍ර කලාවේදය වර්ගිකරණය[සංස්කරණය]

"පෝම්ස් ඔෆ් ජර්නලිසන් ” ඇන් ඉන්ටනල් ඇන් ඉන්ටර්නල් හිස්ට්‍රි ‘ කෘතියේ ග්‍යන් පතාත් පත්‍රකලාවේදයේ ස්වරූප පහක් දක්වයි.

  1. තොරතුරු පත්‍රකලාවේදය.
  2. කතා ස්වරූපයේ පත්‍රකලාවේදය.
  3. මිශ්‍ර ස්වරූපයේ පත්‍රකලාවේදය.
  4. ප්‍රසාංගීක පත්‍රකලාවේදය.
  5. ක්‍රියාකාරී පත්‍රකලාවේදය.
  6. විමර්ශනාත්මක පත්‍රකලාවේදය.

ඇමෙරිකානු දාර්ශනික ජෝප් හර්බට් මිඩී සිය “ ද නෙචර් ඔෆ් ඊස්ටටික් එස්පිරියන්ස් ”ලිපියේ දක්වන්නේ පත්‍රකලාවේදයේ ඇත්තේ ආකෘති දෙකක් පමණක් බවය. එනම් තොරතුරු පත්‍රකලාවේදය සහ කෘති ස්වරූපයේ පත්‍රකලාවේදයයි.

'සියන් ඔෆ්’ ද ලාස් ඩේස් ඔෆ් ටෙලිවිෂන් යන කෘතිය ලියූ එඩ්වින් ඩයමන් “ ඩිස්කො පත්‍රකලාවේදය ” නම් යෙදුමක් නර්මාණ කළ ද පසුව ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

විමර්ශනාත්මක පත්‍රකලාවේදය[සංස්කරණය]

බෝහෝ විට අපරාධ දේශපාලන දුෂණය හෝ සමහර අපචාර වැනි මාතෘකා ගැඹුරට විමර්ශනය කර වාර්තා කිරීම විමර්ශනාත්මක පුවත්පත් කලාවේ දී සිදු වේ.ඩී බර්ග් (2000 පවසන පරිදි - විමර්ශනාතක්ම පුවත්පත් කලවේදියා මිනිසෙකු හෝ ගැහැණියකු විය හැකි අතර ඔහුගේ වෘත්තිය යොදාගන්නා මාධ්‍යය කුමක් වුවත් සත්‍යය අනාවරණය කිරීම එහි වරදවල් හදුනා ගැනීමයි.මෙය කිරිමේ ක්‍රියාව සාමාන්‍යයෙන් විමර්ශනාත්මක පුවත්කලාව ලෙස නම් කරන අතර එය ඉලක්කයකට යොමු නොවන, නීතිමය ලෙස හදුනා නොගන්නා සහ මහජනයාට ළගින් සම්බන්ධවන පොලිසිය, නීතිඥයින් විගණකවරුන් යන නියාම මණ්ඩල වල කාර්යන්ට වෙනස් වේ.

විමර්ශනාත්මක පුවත්පත් කලාවේදින් සැලකිය යුතු කාලයක් පර්යේෂණ සහ වාර්තා සකස් කිරිමේදි වැය කරයි. එය මාසයක් හෝ අවුරුදු කිහිපයක් විය හැකය. බෝහෝ විමර්ශනාත්මක ජනමාධ්‍ය පුවත්පත්, ගුවන් විදුලිය හා ස්වයං සේවයේ නියුතු පුද්ගලයන් මගින් සිදුකරනු ලැබේ. විමර්ශනාත්මක පුවත්පත් කලාවේදියෙකුගේ අවසාන වාර්තාව ක්‍රමනුකුල පෙළ ගැස්වීමේ ආකෘතියක් වේ.

විමර්ශනය[සංස්කරණය]

විමර්ශනයකදි බොහෝ විට විශාල ප්රවමාණයෙන් සම්මුඛ පරිෂණ වාරික අවශ්යග වේ. අනිකුත් අවස්ථාවෙන්හිදි වර්තාකරැවාට සුපරික්ෂකාරි ශිල්පියානුව ලේඛණ විශ්ලේෂළුය. අනතුරැ සාර්කිෂි වෛද්යා විද්යාකව විදැන්ම විශ්ලේෂණය සමජ සහ නීතිමය ‍ගැටලු වලට සම්බන්ධව විවිධ අකාරයේ උපකරණ වල නැතිභාවය් විමර්ෂනය කරනු ලැබේ.

හ්තු සොයා ගැනීම ගැන භෞතික උත්සහයක් අවශ්ය. වේ. තොරතුරැ ලබා ගැනිම සියලු දොරවල් වැසි ඇත්නම් හෝ වංචාකර අග්නම් ප්රකබල ස්වේලැබිම විමර්ශනාත්මක පුවත්පත් කලාවේදි සැම විශ්ලේ නාත්මක සහ තියුණු මාතයන් අවශ්යලවේ.

වාර්තාකරැවන් ඔවුනගේ තොරතුරැ සොයා ගැනිමට භාවිතකා නිරිම ආකාර කිහිපයක් පහත දැක්වේ. • නොසලකා හරින ලද මුලාශ්රැ අධ්යටයනය, උදාහරණ ලෙස ලේඛන, දුරකථන වාර්ථා, ලිපි සදන් වේ. බදු වාර්තා සහ බලයත් වාර්තා • අසල්වාසින් සමග කත කිරීම • දායක පරි්ෂණය මුලාශ්රර භාවිතා කිරිම • නිර්නාමික මුලාශ්රශ (උදාහරණය ලෙස විසිල් කරන්න) • ඔත්තු බැලීම

විමර්ශනා පුව්පත්කලාව විශ්ලේෂ වාර්තාකරණය වෙනස් විය හැක බර්ග් (2000) ට අනුව විශ්ලේෂණ වාර්තාකරණයේදි පවතින දත්ත ලබාගෙන ඒව නැවත සකස් කරනු ලබයි. එමගින් පවතින ත්ත්වය හෝ ප්රේකාශයන පිලිබද විවිධ ආකාරයෙන් ප්ර ශ්න අසනු ලැබේ. එසේම විමර්ශනාත්මක වාර්තාකරැවන් මගින් දැනට ඉදිරිපත් වි ඇති තත්වය තාත්විකන ද යන බව දැන ගැනීමට අවශ්ය වේ.


විමර්ශනය කිරීම - වාර්තාකිරිමේ ප්‍රතිඵල[සංස්කරණය]

සාර්ථක විමර්ශන පුවත්පත් කලාවට විෂයන්ගේ හැකියාවන් හි ප්‍රතිඵල කිහිපයක් අයත් වේ.එමෙන්ම චෝදනා කිරීම අයත් වේ.

  • රැකියාව අහිමි වීම
  • වෘත්තිමය පිළිගැනීම අහිමි විම
  • දඩ ගෙවීමට සිදුවීම
  • පුද්ගල යන වෘත්තිමය කීර්තිය අහිමි වීම
  • පවුලේ සමාජිකයන් සඳහා සිදුවිම් ඇතිවමේ වැදගත්කම විමර්ශනය කිරීම් ක්‍රියාව තුලින් සොයාගන්නා ලද එකිනෙකට සම්බන්ධ නොවු අපරාධ ක්‍රියාවන් සමග සහා ඇති වැදගත්කම සමතයක් ලෙස ගත් විට
  • ආයතනික ප්‍රතිපත්ති සංශෝධනය කිරීම
  • නීතියෙන් ඇති වෙනස්විම්



පත්‍ර කලාවේ ප්‍රභේදයන්[සංස්කරණය]

පුවත්පත් හා වාර සඟරාවල ස්වභාවය අනුව ඒවායේ විවිධ විශේෂාංග (Features)ද ඇතුලත් වේ. බොහෝ පුවත්පත් කලාවේදීන් ස්වාධීන පත්‍ර කලාව කෙරෙහි විශේෂත්වයක් දක්වයි. විශේෂාංග යන්න යටතේ ලියැවෙන විස්තර සෘජු ප්‍රවෘත්තිවලට වඩා දිගුය. එමෙන්ම ඒවායේ පිංතූර,චිත්‍ර, අඩංගුය. තවදුරත් ඒවා මුද්‍රණාක්ෂර විද්‍යාව හා වර්ණ මඟින්ද ඉස්මතුකර පෙන්වයි. සෘජු ප්‍රවෘත්ති වලට වඩා විශේෂාංගවලට වැඩි ඉල්ලුමක් තිබේ. මක්නිසාදයත් විශේෂාංග ලිවීමට සෘජු ප්‍රවෘත්ති ලිවීමට මෙන්ම සමාන වු මහන්සියක් තොරතුරු එක් රැස් කිරීමෙදී සහ වාර්තා කිරීමේදී ගත යුතු බැවිනි. එමෙන්ම පුවත්පත් කාලාවේදීන් පළමු සහ දෙවන ඡෙද වඩාත් රසවත්ව සහ හරබරව ලිවීම කළ යුතුය. එමඟින් කියවන්නාගේද අවදානය ඩැහැගැනීමට උත්සාහ කළ යුතුය. විසිවැනි සියවසේ අග භාගයේදි සෘජු ප්‍රවෘත්ති සහ විශේෂාංග ලිපි ලිවීම අතර දක්නට තිබු නොපැහැදිලිබව නිසා, බොහෝ පත්‍රකලාවේදීන් හා ප්‍රකාශකයින් විවිධ වු අත්හදා බැලිම් භාවිත කරමින් විවිධ ප්‍රවේශයන් ඔස්සේ ලිපි ලිවීමට යොමුවුහ. ටොම් වොල්ෆේ, ගේ ටැලෙසේ, හන්ටර් එස්. තොම්සන් හා අනෙකුත් පුවත්පත් කාලාවේදීන් නොයෙකුත් ප්‍රවේශයන් හරහා ලිපි ලිවීම අරම්භ කළහ.

විචිත්‍ර පුවත්පත් කලාව[සංස්කරණය]

කහ පුවත්පත කලා යුගයෙන් පසුව විසිවන දශකයේ වේගයෙන් වෙනස් වු පුවත්පත කලව රටාව ලෙස විචිතු පුවත්පත කලව හැදින්විය හැක. එම නම තැබිමට හේතුව ලෙස හහි ඇති ශක්තිමත් විලාසිතාව සහ පොලින් ඉදිරිපත් කල නැව් කල පසුතලය වේ. උතුරැ ඇරිකාවේ 1920ගණන් වල ඇමරිකානු ඉතිහාසය වඩාත් වර්ණවත් දශකය ලෙස විස්තර කරන ලදි. විවිධ ආකාරයන්ගෙන් 1920 ගණන්, නම සහ ඔසවත් පුවත්පත කලවේ රටා මගින් විචිතු විය. මෙම පසුතලය සම්පුර්ණයෙන්ම ජායාරැ මගින් ආවරණය වන අතර එය ප්ර්මානනේ සමාන්යච පුවත්පතකින් අඩක් පමණ වේ.

පලමු ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදයේ මාධ්යා අද පවතින මාධ්ය් වල තත්ත්වය පත්විය. චිවිත්රක පුවත්පත් කලාව 1919- 1924 දක්වා කාලය තුල බලය පැතිරැනු අතර එමගින් විශල නගරවලට මහත් ප්ර සිද්ධියක් ලබා දෙන ලදි. නව්යෝර්ක් නරගයේ අද අපි දකින බොහෝ ජනප්රිවය මාතෘකා විවිත්රර පුවත්පත් කලාවට මගින් ආවරණය වී ඇත. ඒවා නම් හොලිවුඩ්, ලිංගිකත්වය අර්බුද සදහා මුදල් යනාදි වේ. විචිත්රි පුවත්පත් කලාව පින්තුර වලට ප්රිසිද්ධයක් දිමට ඉඩ හරින ලද අතර කථ කිරිමට‍ වඩා මුද්රිණය ප්ර මුකත්වය දෙන ලදි.


‍විචිත්‍ර කරණයෙන් යුත් පුවත්පත් කලාවේ යෙදෙනෙ අනිකුත් කර්තෘවරුන්[සංස්කරණය]

විචිත්ර පුවත්පත් කලාව 60 වන දශකයේ නව පුවත්පත් ව්යේපාරයේ අටතරයන් ලෙස දැකිය හැකි. එහි පුර්වාරම්භය ටාම් වුල්ස් සහ ලෙස්ටර් පෝර්ජ් පිලිමටත් විසින් දියත් කරන ලදි. එහි විශාල වශයෙන් නිර්මාණශිලි නවකථා ආදී කල්පිත නොවු සාහිත්ය කෘති ඇතුලත් වේ. කෙසේ නමුත් ග්රේාස් ප්ලේස්වේ ගේ කටයුත් විචිත්රි පුවත්පත් කලවේ පුනරැදයන් ඇති කිරිමට සමත් විය. විචිත්රේපුවත්පතකරණය යොදාගත් ල්ඛකයන් අතර ජෝර්ධන් තෝබස් ටිම් ලුපාන් මැටිපිඉඩ් සහ ඇතුලත් කාබල් වැදගත් වේ.


විචිතු පුවත්පත් කලාව කතුවරයා අන්බිෂණය කරන විෂය පක්ෂයෙන් ඉවත කළ නොහැක. සමහර අවස්ථාවලිදි උදාහරණයක් ලෙස ප්රඅචන්ඩ සුලි සුලගත් ලුහුබදින අස්ථාවකදි බොහෝ විට වාර්තාකරණය පුද්ගලය රථය පදවමින් කැමරාවක් යාදා ගෙන සිදුකරනු ලබයි. එහිදි අතිශෝක්තියෙන්යුත් කොටසක් ආවේනික වේ. බොහෝ අනිකුත්අවස්ථාවල කෙසේ නමුත් පුවත්පත කලාවේදි හෝ ඔහු /ඇය සේවය කරන ආතන පිළිබද විස්තර කිරිමත් කරනු ලැබේ. ‍කොමිසන් මාධ්යෝයේ අරමුණ මියාවත් ලෙස සලකනු ලැබේ. අ

පත්‍රකලාවේදනයේ සම්මත සහ සදාචාරයන්[සංස්කරණය]

මෙහිදී අවධානය යොමු කෙරෙන්නේ වෘත්තීය පත්‍රකලාවේදීන් විසින් මුහුණපාන අභියෝගවලට ද අදාල සදාචාර සහ යහපත් පිළිවෙත් පිළිබදවය.අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද මාධ්‍ය සදාචාරය පිළිබදව මාධ්‍යවේදීන් සලකන්නේ සිය සදාචාරාත්මක මූලධර්ම වශයෙනි. වෘත්තීමය පත්‍රකලාවේදී සංගම් සහ පුද්ගලික මුද්‍රණ විකාශන සහ අන්තර්ජාල පුවත් සංවිධානවල ලේඛණ වල මේවා නිරන්තරයෙන්ම ඇතුලත්වේ.


“ සෑම පුවත් සංවිධානයක්ම ඔවුන්ගේ විශ්වාසවන්තනීය බව සහ කීර්තිය මත රැඳී පවතී.” - ටෝනබර්මන් - CBS නිවුස් - ප්‍රධාන කතෘ.

දැනට පවතින සාදාචාර සංග්‍රහයෙන් අතර වෙනස්කම් පැවතියත් සැමටම පොදු මූලිකාංගද බොහෝය. උදාහරණ සත්‍යවාදී බව, නිවරදි බව, වාස්තවික බව, අපක්ෂපාති බව, සාධාරණ බව, ජනතාවට වගකීම මේවා පුවත්පත් ලබාගැනීමේ දී හා ඒවා ජනතාවට ලබාදීමේ දී ඉතා වැදගත් වේ.


වෙනත් පුළුල් සදාචාර පද්ධතීන් මෙන් මෙහි දී හානිය අවම කිරීමේ මූලධර්මය අඩංගුය. මෙමගින් කිසියම් වාර්තාවක සටහන් තොරතුරු ඇතුල්වීම වලක්වයි. උදාහරණ කුඩා දරුවන්ගේ නම්,අපරාධයට ලක්ව ඇති තැනැත්තාගේ නම් සහ අත්‍යවශ්‍ය නොවන තොරතුරු, කෙනෙකුගේ කීර්තියට හානි පමුණුවන තොරතුරු.

පත්‍රකලාවේදයේ වෘත්තිමය සහ සදාචාරාත්මක සම්මතයන්[සංස්කරණය]

20 වන සියවසේ මුල් භාගයේ වෘත්තිමය පත්‍රකලාවේදය බිහි වීමත් සමග, පත්‍රකලාවේදීන්ට දැඩි විනය නීති සංග්‍රහයකට අනුකූල වීමට සිදුව ඇත.මේ හරහා පහත සදහන් දෑ ඔවුන්ගෙන් බලාපොරොත්තු වේ.


  • සම්භාව්‍ය තොරතුරු මූලාශ්‍ර භාවිතා කිරීම.

උදාහරණ- සිද්ධියට සෘඡුව සම්බන්ධ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා, ලේඛනවල මුල් පිටපත් සහ වෙනත් සෘඡු තොරතුරු. මූලාශ්‍ර භාවිතා කිරීම සහ එම මූලාශ්‍ර වාර්තා වල දැක්වීම.

  • ප්‍රකාශිත මූලාශ්‍ර වලින් ලබා ගත් තොරතුරු පැහැදිළව දැක්වීම. උදාහරණ රචනා සොරකමේ නොයෙදීම.
  • සම්භාව්‍ය තොරතුරු මූලාශ්‍ර ගණනාවක් යොදා ගැනිම. විශේෂයෙන් ආන්දෝලාත්මක සිදුවීම් සදහා.
  • වාර්තා ගත කරුණු නැවත පරීක්ෂණය.
  • සිද්ධියක සියලු පැති සොයාබලා වාර්තා කිරීම.
  • නැඹුරුවකින් තොරව වාර්තා කිරීම - පක්ෂග්‍රාහී නොවී ගැටුමේ සියලු අංශ දැක්වීම.
  • වාස්තවිකත්වය සහ සංශයවාදය සහිත වාර්තා කිරීම.
  • තොරතුරු සංවිධානය කිරීමේ දී හා වාර්තා කිරීමේ දී සුපරීක්ෂාකාරී විනිශ්චයම යොදා ගැනිම.
  • මූලාශ්‍රවල රහස්‍යභාවය සුරකීම.

සාමාන්‍යයෙන් මේ සදහා මාධ්‍ය ආයතන වල නීති පවති.

  • සිද්ධියකට සම්බන්ධ පාර්ශවවලින් ත්‍යාග හෝ උදව් ප්‍රතික්ෂේප කිරීම. (බලපෑමකට ලක් නොවීම සදහා)
  • වාර්තා කරුට පෞද්ගලික සම්බන්ධයක් ඇති පුවත් වාර්තා කිරීමෙන් හෝ සහභාගිවීමෙන් වැළකීම.


20 වැනි සියවසට පෙර තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස් විය. එකල මාධ්‍ය වෙළෙද පොළේ ආධිපත්‍යය දැරූවේ තූලනය වාස්තවිමතවය පිළිබද අවධානය යොමු නොකළ කුඩා පුවත් පත් ආයතන මගිනි.

මූලාශ්‍රයන්ගේ රහසිගත බව සුරැකීමේ අයිතිය[සංස්කරණය]

ඇතැම් විට පත්‍රකලාවේදීන් සිය මූලාශ්‍ර සමග කටයුතු කිරීමේ දී රහසිගත බව සුරැකිය යුතුය. මෙයට අනුව පොලීසිය හෝ නීතීඥවරුන් ඉදිරියේ පවා සිය මූලාශ්‍රවල අනන්‍යතාව සුරැකීමට පත්‍රකලාවේදීන් බැඳී සිටි. එහෙත් මූලාශ්‍ර හෙළි නොකිරීම නිසා මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා සිදු වී ඇත.


පත්‍රකලාවේදීන්ගේ අයිතිවාසිකම් රටින් රටට වෙනස් වේ. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ රජයට සම්බන්ධ තොරතුරු සුරැකීම සඳහා වැඩි බලයක් ඇති අතර එක්සත් ජනපදයේ මෙන් නොව මෙහි දී මූලාශ්‍ර හෙළි කිරීමට මාධ්‍යවේදීන්ට දැඩිව බලපෑම් කළ හැක. සිම්බාබ්බේ සහ මහජන චීනය වැනි රටවල දේශීය හා විදේශීය පත්‍රකලාවේදීන් වද හිංසාවට ලක් කිරීමේ ඉතිහාසක් ඇත.


එක්සත් ජනපදයේ ෆෙඩරල් උසාවිය තුළ කිසිම දිනක මූලාශ්‍ර සුරැකීමේ අයිතියක් පිළිගෙන නැත. සමහර විට විවිධ මට්ටම් වල මෙම අයිතිය ක්‍රියාත්මක වේ. එහෙත් ෆෙඩරල් අධිකරණය පත්‍රකලාවේදීන්ට මූලාශ්‍ර හෙළි කිරීමට නියෝග කරන්නේ එම තොරතුරු නඩුවට දැඩිව අදාලවන විට හෝ එම තොරතුරු ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නොමැති නම් පමණි. තොරතුරු ලබා නොදෙන මාධ්‍යවේදීන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඩ නියම කිරීමට හෝ සිරගත කිරීමට හැක.

පත්‍රකලාවේදයේ මුලිකාංග[සංස්කරණය]

බිල් කොවැක් සහ ඩෝම්රෙසෙන්ස්ටයල්ගේ පත්‍රකලාවේදයේ මුලිකාංග “ යන කෘතියට ” අනුව පත්‍රකලාවේදයේ මුලිකාංග නමයකි.

  1. පත්‍රකලාවේදයේ පළමු වගකිම සත්‍යය.
  2. පළමු ලැදි කම පුරවැසියන්ටය.
  3. එහි සාරය සත්‍යාපනයය.
  4. එය ආවරණය කරන්නන්ගෙන් ස්වායත්ව විය යුතුය.
  5. බලය පිළිබද ස්වාධීන නිරීක්ෂකයෙකු විය යුතුය.
  6. මහජන විවේචන සහ එකඟතාව සදහා මණ්ඩපයක් විය යුතුය.
  7. වැදගත් දේ ආකර්ෂණශිලි සහ අදාළ කිරීමේ හැකියාවක් තිබිය යුතුය.
  8. තේරුම් ගැනිමට පහසු විය යුතුය.
  9. තම හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුය.

2007 වර්ෂයේදී “ පුරවැසියන්ගේ අයිතිවාසකම් සහ යුතුකම්" ,වශයෙන් දසවෙනි මූලිකාංගක්ද එක් කර ඇත.

පත්‍රකලාවේදයේ සදාචාරය සහ සම්මතයන් - ප්‍රතිපත්ති සංග්‍රහයන්[සංස්කරණය]

මෙම සම්මතයන් නිර්මාණය කිරීමට ප්‍රධාන වශයයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල්වල ජනමාධ්‍යවේදීන් මුල් වූවත් මාධ්‍ය නිදහස සහිත බොහෝ රටවල් වල ඒවා ක්‍රියාත්මක වේ. ලිඛිත සංග්‍රහයෙන් සහ ප්‍රයෝගික සම්මතයන් රටින් රට වෙනස් වූවත් ප්‍රධාන සංග්‍රහයන් අතර සමානකම් බොහෝ දුරට පවති.


එය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ඇති ප්‍රධානතම ආයතනය වන්නේ වෘත්තියමය පත්‍රකලාවේදීන්ගේ සංගමයකි. එහි සදාචාර සංග්‍රහයේ පූර්විකාවේ දැක්වෙන පරිදි,

“ ජනතාව දැනුවත් කිරීම සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමය. ”පත්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාධාරණ විස්තරයක් සැපයිමය. පත්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතුය. වෘත්තිය අවංක භාවයේ පදනම වන්නේ පත්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයි.


ඉලෙක්ට්‍රෝනික් පත්‍රකලාවේදීන්ගේ සංගමය වන ගුවන් විදුලි රූපවාහිනි වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, මහජන විශ්වාශය, සත්‍ය වාදී බව, සාධාරණත්වය,අවංක බව,ස්වාධීනතාවය සහ වගකිම් ආදීන් සමන්විත සදාචාර සංග්‍රහයන් අනුගමනය කරයි.


පත්‍රකලාවේදි සදාචාර සංග්‍රහයන් සදහා උදාහරණ.

  • බ්‍රිතාන්‍ය විකාශන සංස්ථාව - කතෘ මාර්ගසුචක.
  • කැනේඩියානු විකාශන සංස්ථාව - පත්‍රකලාවේදී සම්මත සහ පිළිවෙත්.
  • අල්ජසීරා - සාදාචාර සංග්‍රහය.
  • ස්ලෝවේනයා ජනරජයේ පත්‍රකලාවේදීන්ගේ සංගමය.


පත්‍රකලාවේදයේ සදාචාර සහ සම්මත - ප්‍රායෝගික භාවිත[සංස්කරණය]

අනෙක් ක්ෂේත්‍රවල මෙන්ම පත්‍රකලාවේදයේත් සම්මත සහ සදාචාර බිද වැටීම් පවතී. වර්තමානයේ ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ මාධ්‍ය පක්ෂපාතී බවය. මෙය දේශපාලනික නොකොට සංස්කෘතික සහ වෙනත් ගැටලුවලටද අදාළ වේ. සන්නිවේදනවාදය ද තවත් ගැටලුවකි. සුළු සිද්ධි හා සම්බන්ධ වාචික වැරදිද බොහෝ සුලබය.


සමහර පුළුල් ගැටලුද මතුව තිබේ.

උදාහරණයක් ලෙස මාධ්‍ය දියුණුවන විට ප්‍රවෘත්ති වාර්තා වල සංක්ෂිප්තභාවය සහ ශබ්ද ප්‍රයෝග භාවිතය නිසා සත්‍ය යටපත් වී මහජනයාට අවශ්‍ය ප්‍රවෘත්ති වාර්තා නොවීමේ අවදානමක් පවතී. ක්ෂේත්‍රයට පිටතින් ප්‍රවෘත්ති කළමනාකරණය ඉහළ යෑම නිසා ජනමාධ්‍ය හැසිරවීමේ හැකියාවද ඉහළ ගොස් ඇත. තෝරාගත් වාතාවරණයෙන්ද පුවත් පත් වලට එරෙහිව පවතින චෝදනාවකි. මේවා ඉවත් කිරීම පක්ෂපාතිතත්වයට දොරටු විවර කරයි.


මෙම කොටසේදී අවදානය යොමු කරන්නේ මෙවන් ගැටලු පිළිබදව නොව ප්‍රයෝගික ගැටලු සහ වෘත්තිමය පත්‍රකලාවේදීන් අතර ඇති ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳවය.


පත්‍රකලාවේදීන්ගේ ඇගයිම


එක්සත් ජනපදය තුළ පත්‍රකලාවේදීන්ගේ අගයන වෘත්තිමය සංවිධාන,විශ්ව විද්‍යාල මෙන්ම විවිධ පදනම් ගණනාවක් ඇත. නිව්යෝක් හි කොළොම්බියා විශ්වවිද්‍යාලය විසින් ලබාදෙන පුලිට්සර් ත්‍යාගය ප්‍රධානය කරන්නේ පුවත්, සගරා සහ විකාශන මාධ්‍ය ඇගයිම සඳහාය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පත්‍රකලාවේදය පිළිබඳ උපාධි පාසලෙන් ඇල්ෆ්‍රඩ්,ඩිවුපෝන්ට් කොලොම්බියා යුනිවර්සිටි සම්මානය පිරි නැමෙන්නේ ගුවන් විදුලි සහ රූපවාහිනී ජන මාධ්‍යවේදය සදහාය. ස්ක්රීප්ස් හෝවාට් පදනම මගින් අංශ 17 සදහා ජාතික පත්‍රකලාවේදී සම්මානය පිරිනැමීය. වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමය, පත්‍රකලාවේදය ඇගයිම සඳහා “ සග්මා ඩෙල්ටාචි ” සම්මානය පිරිනමයි. රූපවාහිනි කර්මාන්තය තුළ “රූපවාහිනී කලා සහ විද්‍යා සදහාම වන ජාතික ඇකඩමිය ‘ ටද ඇගයිම් සම්මානයක් පිරිනැමීය.


සම්මතයන් පිළි පැදීමට නොහැකියාව


මෙවන් විනය නීති සංග්‍රහයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකිය. තමන් සාධාරණ හා වාස්තවික වන්නේ යැය විශ්වාස කරන ජනමාධ්‍යවේදීන්ට නැඹුරුවකින් යුතුව වාර්තා තේරීම හෝ පැහැදිලි කිරීම සිදු කළ හැකිය. එදිනෙදා වාර්තාකරණයේ පවා කරුණු සාරාංශකරණය,ප්‍රමාණවත් තරම් මූලාශ්‍ර ඇතුළු කර නොගෙනිම ආදිය හරහා නැඹුරුවක් ඇති විය හැකිය.


සමහර අවස්ථාවලදී වාර්තා කරුවන් සිය නැඹුරුවන් ඉවත් කිරීමට උත්සාහ කළද ඇතැම් ඒවා පවතින්නේ යැයි ඔවුන් නොදැනුවත්ව සිටිය හැක. සමහර විට ඔවුන් මහජන සම්බන්ධතා, ප්‍රචාරණ සහ වැරදි තොරතුරුවල ගොදුරු බවට පත් විය හැක

සමහර මාධ්‍ය සංවිධාන විවිධ මට්ටම් වලදී වාර්තා පරීක්ෂා කිරීම සදහා පුද්ගලයන් පත් කරයි. එහෙත් ඔවුන්ද පක්ෂග්‍රාහිව කටයුතු කළ හැකිය.එසේ නැතහොත් සිය ප්‍රියතම වාර්තාකරුගේ වැරදි හෝ මිත්‍යා ඔහුට නොපෙනිය හැකිය. දුර ස්ථානයකට සිට වාර්තා කරන පුද්ගලයෙකුගේ නිවරදි බව පරීක්ෂා කිරීමට අපහසුවී ඇත.


කුමන පුවතක්, කුමන ප්‍රදේශයක් තුළ, කුමන ආකාරයට වාර්තා කරන්නේද යන්න පුවත් පතේ මුල්‍ය හැකියාව මත තිරණය වේ. මෙහිදීද දැනුවත්ව හෝ නොදැනුවත්ව නැඹුරුවක් ඇති වී ඇත. අය වැය අඩුකෙරෙන විට දුර පළාත් මාධ්‍ය සේවා , අඩු ආදායම් ලාභී ප්‍රදේශවල වාර්තා කරන තොරතුරු ආදිය කපා හැරේ. ප්‍රකාශකයන්ට අයිතිකරුවන් සහ විධායක නිලධාරීන් සිය බලපෑම හරහා පුවත්පත් වාර්තාකරණය සහ ප්‍රකාශනය පිළිබද නැඹුරුවක් ඇති කලහැක. මේ නිසා ඉහළ කළමනාකරණය විසින් වාර්තාකරුවන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය අතර බැම්මක් ඇති කරනු ලැබේ. කොලොම්බියා ජර්නිලිසන් රිවිව් අන්තර්ජාල සගරාව විසින් පත්‍රකලාවේදයට බලපෑම් එල්ල කරන විධායකයන්ව , බලපෑම් නොකරන විධායකයන්ව මෙන්ම බලපෑමට යටත් නොවන මාධ්‍යවේදීන්වද හෙළි කරනු ලබයි.

විශේෂයෙන් මාධ්‍ය නිදහස සීමිත රටවල ස්වයංවාරණය පිළිබඳව ගැටලුවක් පැන නැගෙමින් පවතී. මාධ්‍යය මත එල්ලවන වෙළෙද බලපෑම ඉහළ යනවිට, ධනවත් රටවල් වලට ආකර්ශනීය පුවත් ලබාදීමට ඔවුන් පෙලඹේ.උදාහරණයක් ලෙස CNN සේවය සඳහන් කළේ ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය සම්බන්ධයෙන් තමන් ස්වයංවාරණයක් අනුගනමනය කළ බවත් එනිසා අනෙකුත් මාධ්‍ය පිටුවහල් කරනු ලැබූවද තමන්ට එසේ නොවූනු බවත්ය. චචන වාර්තාකරණ ක්රිස්ටීන් අමන්දෝර්ද මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත. ඉරාකය තුළ තවදුරටත් රැඳී සිටීම සදහා මානව හිමිකම් කඩවීම් ආදිය පිළිබදව වාර්තා කිරීමෙන් මාධ්‍ය ආයතන වැළකෙන බවට ද රාවයක් පැවති.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ පත්‍රකලාවේ භූමිකාව[සංස්කරණය]

1920 දශකයේ එනම් නූතන පත්‍රකලාවේදය බිහි වෙමින් පැවති අවධියේ දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ පත්‍රකලාවේ භුමිකාව පිළිබදව ලේඛක වෝල්ටර් ලිප්මන් සහ ඇමෙරිකානු දාර්ශනික ජෝන් ඩීවී අතර විවාදයක් ඇති විය. ඔවුන්ගේ වෙනස් අදහස් අදටත් පත්‍රකලාවේදය සමාජය සහ ජාතික රාජ්‍ය තුළ රඟපා ගෙනයායුතු භූමිකාව සම්බන්ධයෙන් අදාළ කර ගත හැකිය.


ලිප්ටන් පවසන්නේ එකල පත්‍රකලාවේදියාගේ භුමිකාව නම් මහජනයා හා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීම බවය. ප්‍රභූන් කතා කරන විට පත්‍රකලාවේදින් ඒවා අසා වාර්තා කොට මහජනයාට ලබා දේ. ඔහුගේ හේතුව වූයේ නූතන සමාජය තුළ ගොඩනැගෙන සංකිර්ණ තොරතුරු පද්ධතිය බිද දැමීමට මහජනයාට නොහැකි බැවින් ඔවුන් සදහා අතර මැදියෙකු අවශ්‍ය බවය. සංකිර්ණ දේශපාලන කරුණු වටහා ගැනිමට තරම් ජනයා බුද්ධිමත් නැත.එදිනෙදා වැඩ කටයුතු නිසා සංකිර්ණ පොදු ජන ප්‍රතිපත්ති පිළිබදව ඔවුන් එතරම් නොතකයි. ප්‍රභූන්ගේ තීරණ සරල කොට දැක්වීම සදහා මහජනයාට කිසිවෙකු අවශ්‍යය. එය පත්‍රකලාවේදින්ගේ භූමිකාවය. ප්‍රභුන්ගේ තීරණ පිළිබඳව ජනතාවට බලපෑම් කරන්නේ මැතිවරණ හරහාය. ඒ වන තෙක් ප්‍රභූන් සමාජය පාලනය කර ගෙන යනු ඇත. පත්‍රකලාවේදියාගේ භූමිකාව වන්නේ ප්‍රභූන්ගේ කටයුතු පිළිබඳව ජනතාවට දැනුම් දීමය. එසේ නමුත් අවසාන තීරණය ඇත්තේ ජනතාව අතය. මේ අනුව බලය නමැති දම්වැලේ අවසාන පුරුක් වන්නේ මහජනයාය.


අනෙක් අතට ඩිවී විශ්වාස කළේ ජනතාවට ප්‍රභුන්ගේ ක්‍රියා වටහා ගැනිමට හැකියාව ඇති අතර සාකච්ඡා වලින් පසු තීරණ ගත යුත්තේ ද මහජනයා බවයි. කරුණු හොදින් පරීක්ෂා කළ පසු හොදම අදහස් මතු වනු ඇතයිද ඔහු පවසයි. ඔහු පෙන්වා දෙන පරිදි පත්‍රකලාවේදීන් ජනතාවට තොරතුරු ලබාදෙන අතර එය තොරතුරු හුවමාරුවක්ම පමණක් නොවිය යුතු බවය. තොරතුරු හඳුනාගෙන, ප්‍රභූන් යෝජනා කර ඇති ප්‍රතිපත්ති වල ප්‍රතිඵල පිළිබද ඔවුන් අවදානය යොමු කල යුතුය. මෙම අදහස කාලයත් සමග විවිධ පරිමාණ වලින් පිළිගෙන ඇති අතර එය ප්‍රජාපත්‍රකලාව ලෙසින්ද හැදින්වේ.


ප්‍රජාපත්‍ර කලාවේදය පිළිබදව අදහස,පත්‍රකලාවේදයේ නව සංවර්ධනයන්ට අදාල වී ඇත. මේ අනුව ජනමාධ්‍යවේදීන්ට පුරවැසියන් සහ ප්‍රභූන්ව සිය වාර්තා සදහා අදාළ කර ගත හැකිය. සමානාත්මතාවය ඇතිවේ යැයි විශ්වාස කෙරුනත් ,ඩීවී ප්‍රවීනතාවද අගයයි. පුද්ගලයෙකුගේ දැනුමට වඩා පුද්ගලයන් ගොන්නකගේ දැනුම උසස්ය. ඔහුගේ රාමුව තුළ ප්‍රවීණයන්ට ඉඩක් තිබුනොත් ලිප්මන්ගේ ආකෘතියේ මෙන් මෙහි දුරාවල ව්‍යුහයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත නම් සාකච්ඡාව,විවාදය සහ සංවාදය.


ලිප්මන්ගේ අදහස් රජයන්ට පිළිගත හැකි වුවත්,ඩීවී ගේ අදහස් පත්‍රකලාවේදීන් අතර වැඩි පිළිගැනිමට ලක්ව ඇත. උදාහරණලෙස ඇමෙරිකානුවන් පත්‍රකලාවේදීන්ගෙන් බලාපොරොත්තු වන්නේ තම තීන්දු සදහා අවශ්‍යය තොරතුරු සැපයිමකි.

රාජ්‍ය තොරතුරු පරිහරණයට ඇති අයිතිය[සංස්කරණය]

රාජ්‍ය සතු තොරතුරු දැන ගැනීම සඳහා රජය විසින් මහජනතාවට සහ මාධ්‍යට ලබාදුන් තොරතුරු පත්‍රකලාවේදී හු හෙලා දකිති. මෙම අයිතිය රටින් රටට වෙනස් වන අතර එය ඇ.එ.ජ. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ද වෙනස්වේ. සමහර ප්‍රාන්තවල විවෘත ප්‍රතිපත්ති හරහා මෙම අයිතිය පුළුල් කිරීමට උස්සාහ ගෙන ඇත. උදාහරණයක් ලෙස නිව් රිසර්හ “ සන්ෂයින් ” නීතිය වෙනස්කර මහජන පරීක්ෂණයක් සඳහා කුමන රාජ්‍ය ලේඛණ අත්හිටවීමට හැකිදැයි යන්න වඩා නිවැරදිව නිර්වචනය කර ඇත.


එක්සත් ජනපදයේ තනතුරු නිදහස පිළිබද පනත මගින් පත්‍රකලාවේදීන්ට රාජ්‍ය ලේඛණ පිටපත ලබා ගැනීමේ අයිතිය හිමි වුව ද, අත්හිටුවන ලද ලේඛණ ලබාදීමට රජයට කල හැක. මෙම අයිතිය පාලනය සදහා තවත් ෆෙඩරල් නීති පවතියි.


ජනමාධ්‍ය පාසල් - ඒවායේ කාර්යය පිළිබඳව විවාදය[සංස්කරණය]

ජනමාධ්‍ය පාසල් පිළිබද ප්‍රසිද්ධතම විවේචනය මයිකල් ලුවිස්ගේ ‘ද නිව් රිපබ්ලික් ‘ (1993) කෘතියේ අන්තර්ගතය. පාසල් ජනමාධ්‍ය මගේ මනස විනාශ කළා යැයි ඔහු පවසයි. මේරිලන් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය විද්‍යාලයේ අංශාධිපති රිස් ක්ලෙයරිල් - ඇමෙරිකන් ජර්නලිසන් රිවිවි හි මෙම අදහස දැඩිව විවේචනය කළේය. මෙම අදහස් පසුව ක්‍රොනිකල් ඔෆ් හයර් එඩ්ඩියුකේශන් කොලොම්බියා ජර්නලිසන් රිවිවු සහ ක,රිස්තයන් සියස් මොනටර් සඟරාවල කතාබහට ලක්විය. ජැක් ශාපර් විසින් සෙලෙට් සගරාවට ලියු පාසල් ජනමාධ්‍ය රැක ගත හැකද, යන ලිපියේ ජනමාධ්‍ය අධ්‍යාපනය සදහා විකල්ප ඉදිරිපත් කෙරිණි. ද ඕස්ට්‍රේලියන්හි පළවූ ලිපියක පාසල් ජනමාධ්‍ය යේ අත්‍යවශ්‍ය ලක්ෂණ සාකච්ජා කර ඇත.


පාසල් ජනමාධ්‍ය අන්තර්ජාලයේ දී සිසුන්ගේ දැඩි විවේචනයන්ට ලක්ව ඇත.


ජනමාධ්‍ය අධ්‍යාපනය පිළිබදව විවිධ මති මතාන්තර බිහිවී ඇත්තේ නූතන පුවත් මාධ්‍ය සම්මත සහ අගයන් පිළිබඳව පවතින විවේචන නිසාය. මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී ජනමාධ්‍යවේදය පිළිබදව ජන ආයතනයේ අධ්‍යක්ෂක යාන් සැපර් අදහස් පළ කර ඇත. ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය ජෝන් හෙනහැම්මට් ට අනුව ජනමාධ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව පහළ වැටීමට හේතු නම් ඒ පිළිබඳ උනන්දුවක් නොමැති වීම සහ විශ්ව විද්‍යාලවල පිරිවැය කපා හැරීමය. කැනඩාවේ ඔටෝවා සිටිසන්හි මාක් ඇන්ඩසන් පවසන්නේ රැකියාවේදී ව්‍යාපාර ජනමාධ්‍යවේදය ඉගෙන ගැනිමට වඩා එය පාසලේදී ඉගැන්වීම සුදුසු බවය.


පත්‍රකලාවේදී අපචාරය[සංස්කරණය]

විමර්ශන වලදී හා වාර්තාකරණයේ දී පත්‍රකලාවේදීන් පිළිපැදිය යුතු පත්‍රකලාවේදී සම්මතයන් ඇත. මේවා ලිඛිතව හෝ චාරිත්‍රානුකූල විය හැකිය. බොහෝ විට අවංක බව, නැඹුරුවෙන් තොරවීම, වගකීම, පුද්ගලිකත්වය සහ මහජන අවශ්‍යතාව අතර තුලනය, නෛයිතික මූලාශ්‍ර භාවිතය ආදිය මෙයට අයත්වේ.


පත්‍රකලාවේද අපචාරය යනු පත්‍රකලාවේදීන් මෙම සම්මතයන් කඩ කළ ඇතැයි යම් පාර්ශවයකට හැගෙන ඇතිවන අපචාරිත තත්ත්වයයි. බොහෝ විට පිළිගත් සම්මතයන්ට හා සදාචාරයන්ට පරිභාහිර ක්‍රියාවන් හෝ පත්‍රකලාවේදයේ පරමාදර්ශී කරුණු කඩකරන ක්‍රියාකාරිත්වයන් නිසා නිවැරදි හා සාධාරණ ලෙස වාර්තා කිරීමට නොහැකි වීමෙන් මෙම තත්ත්ව ඇතිවේ.


පත්‍ර කලාවේද අපචාරයේ පොදු ලක්ෂණ[සංස්කරණය]

රචනා සොරකම ,මිත්‍යා ගෙතීම, තොරතුරු මග හැරීම වැනි නීතිය හෝ සදාචාරය කඩකරන ක්‍රියාවන් , ලේඛණ ගත සිදුවීමක් වෙනස් කිරීම , වාර්තාකරණයේ හෝ පරීක්ෂණයේදී සිදුවන විශාල දෝශ , අපකීර්තිය ඇති කරවන දෝෂ ආදිය මේ යටතට ගැනේ.

මෙම අපචාරවල පොදු ලක්ෂණය නම් අවංකව හා සත්‍ය වාදීව ප්‍රශ්න කිරීමය.මේ නිසා ජනතා අවදානය මාධ්‍ය වෙත යොමුවේ. අවංකභාවය පත්‍රකලාවේදය සදහා අත්‍යවශ්‍ය බැවින් බොහෝ ජනමාධ්‍ය දැඩි විනය නීති හරහා සිය පත්‍රකලාවේදීන්ගේ හැසිරීම පාලනය කෙරේ. එසේම කර්තෘ සුපරීක්ෂණය විවිධ මට්ටම් වලදී ක්‍රියාවට නන්වයි.


එහෙත් පහත සදහන් බොහෝ අවස්ථාවලදී සිදුවී ඇත්තේ සම්ප්‍රදායික පත්‍රකලාවේදීන් “ ආවරණ හා තුලන ක්‍රමය ”තුළ අසාර්ථක වී ඇති බවය. සමහර අවස්ථාවල දී වැරදි සොයාගැනීමට සංස්කාරකවරුන්ට නොහැකි වූ අතර තවත් අවස්ථා වලදී ආවරණ හා තුලන පිළිබද වැඩි අවදානයක් යොමු නොකෙරුනේ ප්‍රධාන පුවත් පළ කිරීමට ඇති දැඩි උනන්දුව නිසාය.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ පුද්ගලයන් හා ආයතනවල අයිතිවාසිකම්[සංස්කරණය]

පුද්ගලයන් සහ ආයතන මෙන්ම මාධ්‍යවේදීන් ද යම් බලයක් සහ වරප්‍රසාද භුක්ති විදී. මාධ්‍යවේදීන්ට පුද්ගලයන් වෙත එල්ල කළ හැකි බලය නිසා පුද්ගලයාගේ නිදහස සීමා වේ. ජනමාධ්‍ය තුළ හොඳ නම රැකගැනීමට අවශ්‍ය සමහරු මාධ්‍යයට වැඩි නිදහසක් ලබා දෙති. එහෙත් සාමාන්‍යයෙන් තමන්ගේ ක්‍රියාවක් නිසා හෝ පොදු කටයුත්තකට සම්බන්ධ වීම නිසා පුද්ගලයෙකු මහජන දෘෂ්ටියට පැමිණීමෙන් ඔහුගේ පුද්ගලික නිදහස සීමාවේ.

ටික දෙනෙකු හෝ සියලු මාධ්‍යවේදීන් සමග ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කිරීමට පුද්ගලයන්ට හා ආයතනවලට හැකිය. එහෙත් බොහෝ රටවල මාධ්‍ය අයිතිවාසිකම් නිසා මේ හැකියාව යටපත් වී ඇත. මාධ්‍ය මගින් අපකීර්තියට ලක් කිරීමට එරෙහිව ක්‍රියා කිරීමට පුද්ගලයන්ට අයිතියක් ඇත. තමන් අපකීර්තියට ලක් කළ මාධ්‍යවේදියාට එරෙහිව නඩු පැවරිය හැක. මේවන විට මාධ්‍යවේදියාගේ ප්‍රකාශන අයිතිය සහ පුරවැසියාගේ පුද්ගලික නිදහස පිළිබඳ අයිතිය අතර ගැටුමක් ඇති වී ඇත. සමහර මාධ්‍යවේදීන් පවසන්නේ මෙවැනි නඩුවලදී සමහර විට පැමිණිලිකරු ජය නොලැබුව ද එමගින් තමන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට උත්සාහ දරන බවය.

බොහෝ රටවල සාධාරණභාවය පවතින්නේ අයිතිවාසිකම් කඩ කෙරුණේ යැයි පවසන පුද්ගලයා මතය. එහෙත් එක්සත් රාජධානියේ එය පවතින්නේ ජනමාධ්‍යවේදියා හෝ පුවත්පත් ආයතනය මතය.

බොහෝ රටවල මාධ්‍යවේදීන්ට පුරවැසියන්ගෙන්,ආයතන වලින් මෙන්ම රජයෙන් ද තර්ජන පවතී. එසේම ඔවුහු අපරාධකරුවන්ගේ අපරාධ කල්ලිවල , දේශපාලන පක්ෂවල, සමහර ආගමික කණ්ඩායම්වල තර්ජනයට සහ දඩුවමට ලක්විය හැක. තර්ජන, ශාරීරික හිංසනය, දේපල හානිය, පහර දීම සහ මරාදැමීම මෙම දඩුවම්ය.


තොරතුරු යුගය[සංස්කරණය]

සම්ප්‍රදායිකව පුවත්පත් හැසිරවූයේ,සංස්කරණය කළේ හා බෙදා හැරියේ මාධ්‍ය සංස්ථාවන්ය. එහෙත් 20 වන සියවසේ අග භාගයේ සහ 21 වන සියවසේ මූල දී මෙම ක්‍රමය අන්තර්ජාලයේ අභියෝගයට ලක්විණි. මේ අනුව ප්‍රවෘත්ති හැසිර වීම සඳහා. අන්තර්ජාලය යොදා ගැනුණි.අන්තර්ජාලයෙන් ක්ෂණිකව පාඨකයන්ට තොරතුරු ලබා දුනි. එසේම ඒ හරහා විමර්ශන, පක්ෂග්‍රාහී පුවත්පත් මෙන්ම පුද්ගලික සිදුවීම්ද වාර්තා කෙරිණි.


අන්තර්ජාලකරණයට මුලින්ම බලපෑමක් එල්ල වුයේ 2002 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභික ට්‍රේන්ට් ලොට්ට ජාතිවාදී චෝදනා එල්ල වීමත් සමගය. ලොට්ගේ කතාව පොදු උත්සවයක දී කෙරුනත් එහි විවාදාත්මක කොටස් පිළිබදව කිසිදු ප්‍රධාන මාධ්‍ය ආයතනයක් අවදානය යොමු නොකලේය. අන්තර්ජාල වෙබ් අඩවි පමණක් ඒ කෙරෙහි අවදානය යොමු කළේය. මේ නිසා බහුතර නායක තනතුරෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.

පුවත් මැවීමට,හැඩ ගැස්වීමට සහ බිදීමට ඇති හැකියාව නිසා 2002 වර්ෂයේ සිට වෙබ් අඩවි ජනතා අවධානය දිනා ගෙන ඇත. ඉරාක යුධ සමයේදී සාම්ප්‍රදායික වම දකුණ දෘෂ්ටියෙන් මිදී ඔවුහු පුවත් පත් ඉදිරිපත් කළහ. ඇතැම් දේශපාලනඥයෝද, ඡන්ද අපේක්ෂකයෝද සිය අදහස් පළ කිරීම සඳහා වෙබ් අඩවි යොදා ගත්හ. මේ නිසා ගැඹුරු විශ්ලේෂණ සදහා මූලාශ්‍රයක් බවට වෙබ් අඩවි පත්ව ඇත. ඉරාක යුද්ධයේ සේවය කළ සොල්දාදුවෝ ද වෙබ් අඩවි නිර්මාණය කළහ. මෙවැනි වෙබ් අඩවි යුද්ධය පිළිබදව පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කර ඇත. අප්‍රකට පුවත් වලට ජනතාව වෙත ළංවීමට ද ඒවා මුලාශ්‍රයක් විය.

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පත්‍ර_කලාව&oldid=349895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි