පඬුවස්නුවර රජ මාළිගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පඬුවස්නුවර පිහිටි පළමු පරාක්‍රමබාහු රජුගේ මාළිගයේ නටඹුන් (12වන සියවස)

ශ්‍රී ලංකාවේ පුරාණ නටඹුන් නගරයක් වූ පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ දැකගත හැකි පඬුවස්නුවර රජ මාළිගය, පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) ප‍්‍රාදේශීය පාලකයෙකු ලෙස දක්ෂිණ දේශය පාලනය කල සමයේ පරිහරණය කල මාළිගාව වේ. මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රජ මාළිගයට සමාන බව පැවසේ.

මාළිගය[සංස්කරණය]

පුරාවිද්‍යා කැණීම් සාධක අනූව පඬුවස්නුවර මාළිගය 12වන සියවසට අයත්ය. කොටු පවුරකින් වටවූ චතුරස්‍රාකාර භූමියක් තුළ ඉදිකර ඇති මාළිගය ශක්තිමත් ගඩොලින් හා ඝනකම් බිත්තිවලින් යුක්ත වේ. මාළිගයට ඇතුළුවීම සඳහා ගඩොලින් කළ පියගැට පෙළක් වන අතර එහි පාමුල සඳකඩ පහණක් නිමවා ඇත. පියගැපෙළට වම්පසින් පුළුල් ශිලාමය ආසනයක් හා නිශ්ශංකමල්ල රජුට අයත් ශිලා ලිපියක් දැකගත හැකිවේ. මාළිගා පරිශ්‍රයෙහි ආලින්දය වැනි ප්‍රධාන කුටි වලට අමතරව මුළුතැන්ගෙවල්, ගබඩා කාමර, සහ ක්‍රමවත්ව සැකසූ ජල ප්‍රවාහන ක්‍රම සහිත වැසිකිළි නටඹුන් දැකගත හැකිවේ. මාළිගයට ඇතුළුවන ස්ථානය දෙපස ගඩොලින් ඉදිකළ මුර කුටි දෙකක් දැකගත හැකිය. ඉතිරිව හැකි අවශේෂ ලක්ෂණ අනූව පඬුවස්නුවර මාළිගය මහල් කිහිපයකින් සමන්විත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම..." දිනමිණ. 29 ජූලි 2016. Retrieved 17 සැප්තැම්බර් 2016.

ආශ්‍රේය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පඬුවස්නුවර_රජ_මාළිගය&oldid=399932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි