පඬුවස්නුවර රජ මාළිගය

ශ්‍රී ලංකාවේ පුරාණ නටබුන් නගරයක් වූ පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ දැකගත හැකි පඬුවස්නුවර රජ මාළිගය, පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) ප‍්‍රාදේශීය පාලකයකු ලෙස දක්ෂිණ දේශය පාලනය කළ සමයේ පරිහරණය කළ මාළිගාව වේ. මාළිගය එහි වූ මූලික සැළැස්මට අනුව පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රජ මාළිගයට සමාන බව පැවසේ.
මාළිගය
[සංස්කරණය]පුරාවිද්‍යා කැණීම් සාධක අනුව පඬුවස්නුවර මාළිගය 12 වන සියවසට අයත්ය. කොටු පවුරකින් වටවූ චතුරස්‍රාකාර භූමියක් තුළ ඉදිකර ඇති මාළිගය ශක්තිමත් ගඩොලින් හා ඝනකම් බිත්තිවලින් යුක්ත වේ. මාළිගයට ඇතුළුවීම සඳහා ගඩොලින් කළ පියගැට පෙළක් වන අතර එහි පාමුල සඳකඩ පහණක් නිමවා ඇත. පියගැටපෙළට වම්පසින් පුළුල් ශිලාමය ආසනයක් හා නිශ්ශංකමල්ල රජුට අයත් ශිලා ලිපියක් දැකගත හැකිවේ. මාළිගා පරිශ්‍රයෙහි ආලින්දය වැනි ප්‍රධාන කුටිවලට අමතරව මුළුතැන්ගෙවල්, ගබඩා කාමර, සහ ක්‍රමවත්ව සැකසූ ජල ප්‍රවාහන ක්‍රම සහිත වැසිකිළි නටබුන් දැකගත හැකිවේ. මාළිගයට ඇතුළුවන ස්ථානය දෙපස ගඩොලින් ඉදිකළ මුර කුටි දෙකක් දැකගත හැකිය. ඉතිරිව හැකි අවශේෂ ලක්ෂණ අනුව පඬුවස්නුවර මාළිගය මහල් කිහිපයකින් සමන්විත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණු පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම..." දිනමිණ. 29 ජූලි 2016. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
ආශ්‍රේය
[සංස්කරණය]- හැඳින්වීම් පුවරු - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව