පකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් පියාසැරිය 661

විකිපීඩියා වෙතින්

පකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් පියාසැරිය 661 (පීකේ661/පීඅයිඒ661) යනු 2016 දෙසැම්බර් 7 දිනදී චිත්‍රල් සිට ඉස්ලාමබාද් දක්වා ගමන් කරන අතරතුර හැවේලියන් අසබඩදී බිම ඇද හැළුණු දේශීය මගී පියාසැරියකි.[1][2][3] මගීන් හතලිස්-දෙදෙනෙකු එහි ගමන් ගත් අතර ( ස්කයි මාර්ෂල්වරුන් දෙදෙනෙකුද ඇතුළුව)[4] පකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විසින් ක්‍රියාවෙහි යෙදවුනු ඒටීආර් 42-500 යානයක්වූ ගුවන්යානයෙහි කාර්ය මණ්ඩල සාමාජිකයෝ පස් දෙනෙකු සේවය කළහ.[5] යානයෙහි සිටි සියළු 47 දෙනා මිය ගිය අතර, ඒ අතර දේශකයෙකු බවට හැරුනු ගායක සහ ව්‍යවසායක ජුනයිඩ් ජම්ෂේඩ්,[6] සහ චිත්‍රල් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස්ද විය.[7]

ගුවන්යානය[සංස්කරණය]

අනතුරට භාජනයවූ ගුවන්යානය ඒපී-බීඑච්ඕ අනුක්‍රමික අංකය 663 යටතේ ලියාපදිංචිවී තිබූ ඒටීආර් 42-500 ගුවන්යානයකි.[8] එහි පළමුවන පියාසැරිය 2007 වසරෙහිදී සිදුවූ අතර එය පකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය වෙත බාරදෙන විට එය පෙරදී භාවිතා නොකළ නව ගුවන්යානයක් විය. 2009 වසරෙහිදී, ලාහෝරයෙහිදී ගොඩබැස්වීමෙහි උත්සාහයකදී ගුවන්යානයට හානි සිදුවිය. පසුව එය අළුත්වැඩියාකොට යළි සේවයෙහි යෙදවිණි.[9] 2014 දී එහි එන්ජිම ඇණහිටීමක් සිදුවූ අතර, එන්ජිම වෙනුවට වෙනකක් ආදේශ කරනු ලැබුව ඉන්පසු කිසිදු ගැටළුවක් වාර්තා නොවීය.[10] බිම ඇද හැලීම සිදුවන අවදිය වන විට, පීඅයිඒහී ගුවන්යානාඇණිය හා සම්බන්ධ වීමෙන් පසුව එය විසින් පියාසැරි පැය 18,739 වාර්තා කර තිබූ අතර එහි අවසන් සහතික කිරීම 2016 ඔක්තොම්බර් මාසයෙහිදී සිදු කර තිබුණි.[11]

බිම ඇද වැටීම[සංස්කරණය]

පකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් පියාසැරිය 661 is located in Earth
පකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් පියාසැරිය 661 (Earth)
  1. "පකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාර්වේස් ෆ්ලයිට් 'ක්‍රෑෂර්ස් ඉන් නෝර්ත්'". බීබීසී නිවුස්. 7 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2016.
  2. "පකිස්තානි ප්ලේන් විත් මෝ දෑන් 40 පීපල් අබෝඩ් ක්‍රෑෂර්ස් බන් නෝර්ත්: පලීස්". රොයිටර්ස්. 7 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2016.
  3. "පීඅයිඒ ෆ්ලයිට් #පීකේ661 ක්‍රෑෂර්ස්, 'බොඩීස් බර්න්ඩ් බියෝන්ඩ් රෙකග්නිෂන්'". RT. 7 දෙසැම්බර් 2016. https://www.rt.com/document/5847fd52c46188b94e8b458f/amp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 දෙසැම්බර් 2016. 
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; DailyTimes08-12-16 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PIA_Official නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. "පිඅයිඒ ක්‍රෑෂ්: ඕල් 47 අබ්‍රෝඩ් රිපෝටර්ඩ් ඩෙඩ්, බ්ලැක්බොක්ස් රිකවර්ඩ්". ද ක්වින්ඩ්. 8 දෙසැම්බර් 2016. https://www.thequint.com/world/2016/12/07/pakistan-international-airlines-flight-with-47-on-board-crashes-near-abbottabad-islamabad. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 දෙසැම්බර් 2016. 
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CNN නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. සැකිල්ල:උපන්‍යාස වෙබ
  9. "ATR 42/72 – MSN 663 – AP-BHO". ඒයාර්ෆ්ලීට්ස්. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2016.
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Dawn09-12-16 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. සාරා-මාලික්, මෙහ්රීන්; හෂීම්, අසාඩ් (8 දෙසැම්බර් 2016). "පාකිස්තාන් මෝර්න්ස් 47 කිල්ඩ් ඉන් ක්‍රෑෂ්, ඇන් ඉන්වෙස්ටිගේෂන් සීක් ආන්ස්වර්ස්". රොයිටර්ස්. http://www.reuters.com/article/us-pakistan-airplane-idUSKBN13W1F5. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 දෙසැම්බර් 2016.