නේ ස්ලාම්ස් ෆ්මගුස්තා FC

විකිපීඩියා වෙතින්

නේ සලාමිස් ෆමගුස්තා FC හෝ නේ සල්මිනා ෆමගුස්තා FC (Nea Salamis Famagusta FC or Nea Salamina Famagusta FC) (Greek: Νέα Σαλαμίνα Αμμοχώστου) යනු සයිප්‍රස් රටේ අමොචොස්ටොස් (නොහොත් ෆ්මගුස්තා යන ආදරණීය නමින් හදුන්වන) ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පාපන්දු සමාජයකි. එය 1974 සිට එය අනාථ සංගමයක්ව පවතින්නේ තුර්කි ආක්‍රමණය හේතුවෙන්, සයිප්‍රස් දිවයිනේ උතුරු කොටසේ තුර්කීන් පදිංචිවීම නිසාය. දැනට මෙම සංගමය ලුමාකා හි තාවකාලිකව පිහිටුවා ඇත.

නේ සලමිනා ගේ වඩාත්ම වාර්ථාගත ජයග්‍රහණ වන්නේ 1990 දී සයිප්‍රස් කුසලාණ සහ සයිප්‍රස් පලිහ (විශේෂ කුසලාණ) දිනාගැනීමයි. එය සයිප්‍රස් ප්‍රථම අංශයෙන් ලැබූ ඉහලතම සමත්කම වන්නේ තෙවන ස්ථානයයි. එහි පලමු පස් අවුරුදු (1948-1953) කාළයේදී, සයිප්‍රස් ආදුනික පාපන්දු ෆෙඩරේෂනයේ ශූරතාව සදහා සහභාගීවිය. සංගමය 1953 දී සයිප්‍රස් පාපන්දු සංගමයට (CFA) සම්බන්ධවී, නිරතුරුවම සංගම් ශූරතාවයන්ට හා කුසලාන් ජයග්‍රහණ සදහා තරගකරණ ලදී. එය සයිප්‍රස් පළමු කොටසේ තරගවාර 50 කටත් අධික ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති අතර, එම කොටසේ හත්වන ස්ථානය ට ශ්‍රේණිගතවිය.

මෙම කණ්ඩායම පළමු වතාවට යුරෝපීය කුසලාන ජයග්‍රාහීකුසලාන සදහා 1990 දී යුරෝපීය තරගාවලියට සහභාගීවී, 1995 , 1997 සහ 2000 දී UEFA Intertoto කුසලාන සදහා සහභාගීවිය. 1948 දී පිහිටවූ මෙම කණ්ඩායම, නේ සල්මිනා ෆමගුස්තා ක්‍රීඩා සමාජයේ කොටසක් වන අතර, මව් සංගමෙය පාපන්දු ක්‍රීඩකයන් ගෙන් ද සමන්විතය.