නේපාල සාහිත්‍යය
Jump to navigation
Jump to search
මෙය නේපාල භාෂාවෙන් රචිත සාහිත්‍ය සඳහා භාවිතා වේ. එය නේපාල ජාතිකයන් විසින් රචිත සාහිත්‍යයක් වීම අනිවාර්ය නොවන අතර එයට හේතුව වන්නේ ඉන්දියාවේ හා භූතානයේ ඇතැම් ප්‍රදේශවල එය පුළුල්ව භාවිතා වන බැවිනි. සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ නිල භාෂාව නේපාල භාෂාවයි. පරිජාත් වැනි ඉන්දියාව ඇතුළු වෙනත් රටවල්වලින් පැමිණි ලේඛකයන් නේපාල සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයන් වේ. නේපාලය තුළ ද මිතාලි, බෝච්කූරි, නේපාල් භාෂා ආදී ලෙස ව්‍යවහාර භාෂාවන්ගේ විවිධත්වයක් ඇත.
නේපාල භාෂාව සංස්කෘත භාෂාවෙන් පරිණාමනය වූ අතර එහි පුරාතන ඉතිහාසය විස්තර කිරීම අසීරු වන්නේ බොහෝ පඬිවරුන් විශේෂයෙන්ම ආගමික සාහිත්‍යයට අදාලව සංස්කෘත භාෂාවෙන් ලියූ බැවිනි. කෙසේ නමුත් නේපාල සාහිත්‍යය යුග 5කට දළ වශයෙන් බෙදිය හැක.