නේපාලය ජාතික ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්

නේපාල පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම ( නේපාල: नेपाल पुरुष राष्ट्रिय क्रिकेट टोली )[1][2] ජාත්‍යන්තර ක්‍රිකට් වල නේපාල රට නියෝජනය කරන අතර එය පාලනය වන්නේ නේපාල ක්‍රිකට් සංගමය (CAN) විසිනි. ඔවුන් 1996 සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සහකාර සාමාජිකයෙක් වෙයි.[3] නේපාලයට 2014 ජුනි මාසයේදී ICC විසින් විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තත්ත්වය ප්‍රදානය කරන ලද්දේ 2015 ICC ලෝක විස්සයි20 සුදුසුකම් ලැබීමේ සහ 2018 සිට එක්දින ජාත්‍යන්තර (එදිජා) තත්ත්වය නිසායි. පෙරලිකාර ජයග්‍රහණ ලබා ගැනීමේ ප්‍රවණතාවය නිසා ඔවුන්ව "ගොර්කාලි", "ද හාර්ට් ඇටෑක්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර නේපාල ක්‍රිකට් සංගමයේ ලාංඡනය ලෙස නේපාලය ජනප්‍රිය සත්වයකු වන එක් අං සහිත රයිනෝ අඩංගු වේ.

2014 ජූනි 28 දින, ICC විසින් 2014 ICC ලෝක විස්සයි20 තරඟාවලියට සහභාගී වූ සහ සුවිශේෂී දක්ෂතා දැක්වූ නේපාලයට වි20ජා තත්ත්වය ප්‍රදානය කරන ලදී.[4][5] 2014 ICC ලෝක විස්සයි20 තරඟාවලියේ සියලුම තරඟ සඳහා වි20ජාතත්ත්වය හිමිවන බව ICC විසින් කලින් නිවේදනය කර තිබූ බැවින්, එම තත්ත්වය ලබා ගැනීමට පෙර නේපාලය වි20ජා තරඟ තුනක් ක්‍රීඩා කර තිබුණි.[6]

  1. Radley, Paul (2023-03-16). "Nepal seal direct entry to Cricket World Cup Qualifier after dramatic win over UAE". The National (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-03-20.
  2. "The Cardiac Kids from Nepal". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-03-20.
  3. "Nepal's Profile at CricketArchive". CricketArchive. සම්ප්‍රවේශය 2 May 2005.
  4. "Results of ICC Board meeting in Melbourne". International Cricket Council. 12 July 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 June 2014.
  5. "Nepal, Netherlands get T20 international status". ESPNcricinfo. සම්ප්‍රවේශය 28 June 2014.
  6. "Big stage for two debutants". ESPNcricinfo. සම්ප්‍රවේශය 28 June 2014.