නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

විකිපීඩියා වෙතින්
නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය පිහිටා ඇත.අනුරාධපුර සිරිසඟ බෝ භාවනා මධ්‍යස්ථානාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ[1] අදහසක් අනුව මෙය නිර්මාණය වී ඇත. 2004 ජූලි 06 වැනි දිනනෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය පුදබිම ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මෙය අක්කර දහයක් පමණ වූ වනයක් මධ්‍යයේ පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා ගම් නියම් ගම් සැරිසරමින් අනුරාධපුරයට වැඩම කරන ආකාරය නිරූපණය කරන ප්‍රතිමා පන්සියයම දැනට මෙහි නිර්මාණයවී ඇත.[1]

ගැළරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "බුදුසරණ:වෙහෙර විහාර - අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම එළිමහන් පුදබිම". බුදුසරණ. 21 මැයි 2016. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2017.