නෙල්ලි
Phyllanthus emblica | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Rosids |
ගෝත්‍රය: | Malpighiales |
කුලය: | Phyllanthaceae |
Tribe: | Phyllantheae |
Subtribe: | Flueggeinae |
ගණය: | 'Phyllanthus' |
විශේෂය: | P. emblica |
ද්වීපද නාමය | |
Phyllanthus emblica L.[1] | |
පර්යාය නාම(ය) | |
Cicca emblica Kurz |
- ↑ "Phyllanthus emblica information from NPGS/GRIN". US Department of Agriculture. සම්ප්‍රවේශය 2008-03-06.
නෙල්ලි (Phyllanthus embilica)
අඩි තිහක් පමණ උසට වැවෙන ගසකි. Euphor Biaaceac කුලයට අයත් සිංහල නාමයෙන් ඇඹල ලෙස ද දෙමළ නෙල්ලිකායි ඉංග්‍රීසියෙන් Indian Goosberry යන නාමයෙන් මෙය හඳුන්වයි. මෙම ශාකයේ අතු බෙදෙනේ අක්‍රමවත්වය. පොත්ත අළු පාටය. අතුවල කුඩා පත්‍ර රාශියකි. එක් එක් ශාකාවක සරල පත්‍ර රාශියක් ඒකාකාරව පිහිටා තිබේ. මල් ඒකලිංගිකය. ස්ත්‍රී හා පුරුෂ මල් එකම ගසෙහි සඳහන් බැව් ප්රකාශිතය. ගෝලාකාරයෙන් යුක්ත සෙ. මි. 1.2, 1.6 විෂ්කම්භයක් ඇති මාංශයකින් යුක්තය. ලා කොළ පැහැයක් ඇති ගෙඩිය. පලාවර්ණ පියලි තුනකට බෙදී ඇත. එය තුළ බීජ හයක් පමණ දැකිය හැක. මල් ඒක ලිංගිකය. පුරුෂ හා ස්ත්‍රී මල් එකම ගසේ පිහිටා ඇත. ඵලය ගෝලාකාර වන අතර මාංශල වේ. බීජ ඉතා දැඩිය. ඵලයේ ආවරණය කණ්ඩිකා තුනකට බෙදී ඇත. එක කණ්ඩිකාවක බීජ දෙක බැගින් පිහිටා ඇත. අප රටෙහි තෙත් කලාපයේ සුලභව වැවේ. මැදරට මධ්‍යම පළාත ඌව හා සබරගමුව විශේෂයි. නෙල්ලි වල විටමින් C බෙහෙවින් අන්තර්ගතය.