නූතනවාදය

විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි සාහිත්‍යයේ නූතනවාදය ගොඩනැගුනේ වික්ටෝරියානු සමයේ මතිමතාන්තර බිඳවැටීමත් සමඟය. නූතනවාදයේ ගමන කෙරෙහි සෞන්දර්යවාදය, කාල් මාක්ස්ගේ දේශපාලන ලේඛන හා සිග්මන් ෆ්‍රවුඩ්ගේ මනෝවිචාරයන් මඟින් විශාල බලපෑමක් ඇති කරන ලදි.

නූතන සාහිත්‍යයේ උච්ඡතම අවස්ථාව පළමු හා දෙවන ලෝක යුද්ධ අතර කා‍ලයේදී ඇති විය. මෙම පෙරමුණෙහි ලක්ෂණ මුලින්ම දැන ගත හැකි වුයේ දහනව වන සියවසේ මැද හා අග සමය අතරතුරය. වික්ටෝරියානු සමයේ මුල්ම නූතනවාදී රචනා ජෙරාඩ් මැන්ලි හොප්කින්ස්, ඊ.ඒ. හවුස්මාන්, නවකතාකරුවකු හා කවියකු වන තෝමස් හාඩ්ගේ කෘති මඟින් දැකගත හැකිය.

විසිවන සියවසේ මුල්ම දශකවල නූතනවාදී කෘති වනුයේ Dubliners, (ජේම්ස් ජොයිස් ජෝසෆ්) Heart of Darkness (ජෝසෆ් කොන්රඩ්) හා විලියම් බට්ලර් යිස්ට්ගේ කවි හා නාට්‍යයන්ය.

ලෝක යුද්ධය අතරතුරදි බිහි වූ වැදගත් නවකතාකරුවන් වනුයේ වර්ජිනියා වුල්ෆ්, ඊ.එච්. ෆෝස්ටර්, අර්න්ස්ට් හෙමින්ය. වැදගත් කිවියන් නම් වොලස් ස්ටිවන්ස් හා රොබර්ට් ෆ්‍රොස්ට් යන අයය. මොවුන් නූතන නිර්මාණවලට ඇමෙරිකානු ආභාෂයක් එක් කළ නවකතාකරුවන් හා කවියන් වශයෙන් හැඳින්වීම යෝග්‍යය.

ඇතැම්විට නූතනවාදි පෙරමුණෙහි විවාදයට තුඩු දුන් චරිතය වන්නේ එඩ්රා පවුන්ඩ්ය. ඇගේ කෘති ටී.එස්. එලියට් හා ජේම්ස් ‍ජොයිස් ගේ නිර්මාණවල එකතුවක් වැනිය. මෙහිලා Lllysses නවකථාව එම සියවසේ වැදගත්ම සාහිත්‍යමය ජයග්‍රහණයක් විය. පවුන්ඩ් විසිවන සියවසේ ඉංග්‍රීසි කාව්‍යයේ ප්‍රධානතම අංගය වන නිදහස් කාව්‍ය හා චින්තනය යන අංශවලට හේතු වන නිර්මාණ ඉදිරිපත් කරන ලදී.

ජර්ට්‍රඩ් ස්මේන් යන ඇමෙරිකානු රචකයා මේ සමයෙහි විසු අසාමාන්‍ය සාහිත්‍ය බලවේගයකි. ඇය ප්‍රසිද්ධ වුයේ ඇගේ කෘතියක වන ' Rose is a rose is a rose is a rose ' යන වදන් පෙළටය.

මේ සමයෙහි විසූ අනෙකුත් සැළකිය යුතු රචකයන් වන්නේ එච්.ඩී.මේරියන් ටුවර්, එලිසබෙත් බිෂෝප්, ඩබ්ලිව්. එච්. අවුඩන්,මිලැදමීර් නොබොකොච්, විලියම් කාලොස් විලියම්ස් රැල්ෆ් එලිසන්, ඩිලන් තෝමස්, ආර්.එස් තෝමස් හා ග්‍රැහැම් ග්‍රීන්ස් ය. කෙසේ වෙතත් සමහර රචකයෝ පශ්චාත් නූතනවාදය හා බැඳුණෝ වෙති.

සටහන්[සංස්කරණය]

English literature Modernism
"https://si.wikipedia.org/w/index.php?title=නූතනවාදය&oldid=472112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි