නිෂ්පාදන හැකියා මායිම

විකිපීඩියා වෙතින්

ආර්ථික ව්ද්‍යාවේදී, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යනු, නිෂ්චිත වු සම්පත් ප්‍රමාණයක් යොදා ගනිමින් නිපදවනු ලබන භාණ්ඩ වර්ග දෙකක අනුපාතය දක්වමින් අදිණු ලබන ප්‍රස්තාරික නිරූපනයකි.නිෂ්පාදන හැකියා මායිම් වකරයේන් එක් භාණ්ඩයක නිෂ්පාදන මට්ටම අනුව අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය දැක ගත හැකිය. එමෙන්ම එක් භාණ්ඩයක නිෂ්පාදන කාර්යක්ෂමතාවය උපරිම වෙන විටදී අනෙක් භාණ්ඩයේ නිෂ්පාදන ප්‍රමාණය පෙන්වයි. මෙහිදි කාල සීමාවක් සහ නිෂ්පාදන තාක්ෂණය නිෂ්චිත වන අතර මෙමගින් භාණ්ඩ වර්ග හෝ සේවාවන් දෙකක් සැසදිය හැකිය.

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සාමාන්‍යයෙන් මූලයට අවතල ස්වරූපයක් ගන්නා නමුත් එය මූලයට උත්තල හෝ සරල රේඛ්ය විය හැකි අතර එය තීරණය වනුයේ නිෂ්පාදන සාධක මතය. සම්පත් හිඟකම(උදා:සෑම ආර්ථිකයක්ම මුහුණ දෙනු ලබන මූලික ආර්ථික ගටළු )ආවස්ථික පිරිවැය,නිෂ්පාදන කාර්යක්ෂමතාව,සම්පත් වෙන්කිරීමේ කාර්යක්ෂමතාව සහ ආර්ථිකයේ ප්‍රමාණය වැනි ආර්ථික සංකල්ප නිරූපනය කිරිමට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යොදා ගත හැකිය. ඊට අමතරව භෞතික ප්‍රාග්ධනය,ශ්‍රමය වැනි නිෂ්පාදක යෙදවුම් වල වර්ධනයක් සහ තාක්ෂණික දියුණුවක් හේතුවෙන ලබාගන්නා නිමවුම් ප්‍රමාණය වර්ධනය හේතුවෙන් නි.හැ.මා. වක්‍රය පිටතට විතැන් විමක් මගින් දක්වයි. එවැනි විතැන් වීමකදී ආර්ථිකය පෙර සිටම පූර්ණ නිමවුම් මට්ටමක ( නි.හැ.මා වක්‍රය මත ) සිට, නිෂ්චිත කාල සීමාවක් තුලදි භාණ්ඩ වර්ග දෙකෙහි නිමවුම කැප කිරීමකින් තොරව වැඩි වීමක් සිදුවේ.අනෙක් අතට ශ්‍රම බලකායේ අඩුවීමක්,අමුද්‍රව්‍ය වල ක්ෂය විමක් හෝ ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් භෞතික ප්‍රාග්ධනය අඩුවිමක් නි.හැ.මා. වක්‍රය ඇතුලට විතැන් වීමකින් පෙන්වයි. නමුත් ආර්ථිකය තම නිෂ්පාදන කටයුතු නි.හැ.ම වක්‍රයට පහළින් පටන් ගන්නේ නම් (ශ්‍රමයේ සහ ප්‍රාග්ධනයේ ඌන උපයෝජනයක්) එම සංයෝජනයන් අතරින් ආර්ථිකය වැඩි කැමැත්තක්/මුල්තැනක් ලබා දෙනුයේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩි වශයෙන් නිෂ්පාදනය කොට අඩු පාරිබෝජන භාණ්ඩ ප්‍රමාණයක් නිපදවිමටද නැතිනම් එය අනෙක් අතටද යන්න දක්වයි.

දර්ශකය[සංස්කරණය]

කාර්යක්ෂමතාව[සංස්කරණය]

මූලික ලිපි:නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ සම්පත් වෙන්කිරීමේ කාර්යක්ෂමතාව

නි.හැ.මා වක්‍රය මගින් විස්තර කරන ලද ලක්ෂය

නි.හැ.ම වක්‍රය මගින් දෙන ලද කාලපරිච්චේදයකදි භණ්ඩ වර්ග දෙකෙන්ම නිපදවිය හැකි සංයෝජනයන් නිරූපන කරයි. බොහෝ විට නි.හැ.මා වක්‍රය දකුණේ සිට ඉහලට ගමන් කරයි. ආර්ථිකයක එක් භණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීමට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය කැප කිරීමට සිදුවේ.මෙහිදී වැඩිපුර තුවක්කු නිෂ්පාදනය සදහා බටර් නිෂ්පාදනය කැප කිරීමට සිදුවේ. නි.හැ.මා. වක්‍රය මගින් දෙන ලද භාණ්ඩයක නිෂ්පාදනය වැඩිකිරීමට අනෙක් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් කැපකිරීමට සිදුවේද යන්න නිරූපනකරයි.භාණ්ඩ දෙකක් පමණක් නිපදවණු ලබන ආර්ථිකයක් යන්න උපකල්පනය කරනුයේ ප්‍රස්තාරයක් මගින් භාණ්ඩ වර්ග කිපයක් දැක්විය නොහැකි නිසා වෙනි.

නිදසුනක් ලෙස,යම් කාලපරිච්චේදයක් තුලදී ආර්ථිකයේ නිෂ්පාදන සාධක වල සැපයිමේ වෙනසක් නැතැයි උපකල්පනය කල විටදී, බටර් වැඩි වශයෙන් නිෂ්පාදනය කිරිම සදහා තුවක්කු නිෂ්පාදනය කැප කිරිමට සිදුවේ.එහෙත් නිෂ්පාදනය කර්යක්ෂම නම්, එම ආර්ථිකයට නි.හැ.මා මත භණ්ඩ දෙකෙහි නිමවුම් සංයෝජන ලක්ෂ්‍යයක් තෝරා ගත හැකිය: B,තුවක්කු නිපදවීමට වැඩි කැමැත්තක් ද, C බටර් අවශ්‍යතාව වැඩි නම් ද, D බටර් සහ තුවක්කු වල සමාන ස්ංයෝජනයක් අවශ්‍ය අවස්ථාව වේ.

නි.හැ.මා වක්‍රය මත ලක්ෂ්‍ය මගින් උපරිම නිෂ්පාදන කාර්යකෂමතාවත්,වක්‍රය ඇතුලත පිහිටි ලක්ෂ්‍යය මගින් (A) නිෂ්පාදනය වන නමුත් අකාර්යකෂමතාවත්, වක්‍රයට පිටින් පිහිටි ලක්ෂ්‍යය මගින් (x) පවත්නා සම්පත් මගින් නිපදවිය නොහැකි බවත් දක්වයි.

ආවස්ථික පිරිවැය[සංස්කරණය]

මූලික ලිපි:ආවස්ථික පිරිවැය

බටර් නිෂ්පාදනය වැඩිකරන විට A සිට B දක්වා, ආවස්ථික පිරිවැය කුඩා අගයක් නමුත් C සිට D දක්වා,ආවස්ථික පිරිවැය විශාල අගයක් වේ.

නිෂ්පාදන සම්පත් වල වැඩි වීමක් නොමැතිව, එක් භණ්ඩයක නිෂ්පාදනය ඉහල දැමීමට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය පහළ දැමීමට සිදුවේ.මන්දයත් පළමු භාණ්ඩය වැඩි වශයෙන් නිෂ්පාදනය සදහා දෙවන භාණ්ඩයේ සම්පත් පළමු භාණ්ඩය වෙත හුවමාරු කිරිමට සිදුවීමයි.දෙවන භාණ්ඩයෙන් කැප කරණු ලබන ඒකක ප්‍රමාණය ආවස්ථික පිරිවැය වේ.(මන්දයත් පළමු භාණ්ඩය වැඩි කිරිමෙදි දෙවන භාණ්ඩයේ නිෂ්පාදන අවස්තාව අහිමි වන බැවින්.) ආවස්ථික පිරිවැය මනිනු ලබනුයේ පළමු භාණ්ඩයේ එකකයක් වැඩිපුර නිෂ්පාදනය සදහා කැප කරණු ලබන දෙවන භාණ්ඩයේ ඒකක ප්‍රමාණය ලෙසය.

නි.හැ.මා වක්‍රයේ හැඩය සහ ආවස්ථික පිරිවැය අතර ඍජු සම්බන්දයක් පවති. නි.හැ.මා වක්‍රය සරල රේඛිය නම්, ආවස්ථික පිරිවැය ස්ථාවර වේ.එ නමුත් ආරම්භක සහ අවසාන ලක්ෂය මත ආවස්ථික පිරිවැය වෙනස් වීම සාමාන්‍යයෙන් තීරණය වේ. දකුණු පස ප්‍රස්තාර සටහනට අනුව බටර් පැකට් 10ක් වැඩිපුර නිපදවීමේ ආවස්ථික පිරිවැය තුවක්කු 5කි. ( A ලක්ෂ්‍යයේ සිට B ලක්ෂ්‍යය දක්වා සංචලනය ) C ලක්ෂ්‍යයේදී ආර්ථිකය බටර් නිෂ්පාදනයේ උපරිමයට ආසන්නව සිටින අතර තවත් බටර් පැකට් 10ක් වැඩිපුර නිපදවීමේදී තුවක්කු 50ක් කැප කිරීමට සිදුවේ.( C ලක්ෂ්‍යයේ සිට D ලක්ෂ්‍යය දක්වා සංචලනය )ආවස්ථික පිරිවැය අනුපාතය මගීන් ආන්තික අනුරූපිතා හුවමාරු අනුපාතය තිරණයවේ.

ආන්තික අනුරූපිතා අනුපාතය[සංස්කරණය]

AA ලක්ෂයේ සිට BB ලක්ෂය දක්වා ගමන් කිරීමේදී ආන්තික අනුරූපිතා අනුපාතය ඉහල යයි

දෙන ලද ලක්ෂ්‍යයකදී නි.හැ.මා වක්‍රයේ බෑවුම ආන්තික අනුරූපිතා අනුපාතය (Marginal rate of transformation) ලෙස හදුන්වයි.කිසියම් භාණ්ඩයක නිෂ්පාදන ප්‍රමාණය තවත් භාණ්ඩයක නිෂ්පාදන ප්‍රමාණය දක්වා වෙනස් කල හැකි අනුපාතය වක්‍රයේ බැවුමෙන් අර්ථ දැක්වේ. එය යම්කිසි භාණ්ඩයක ආවස්ථික පිරිවැය ලෙස හදුන්වයි. එනම්‍ Y ඇසුරෙන් X හි ආවස්ථික පිරිවැයයි. එමගින් X භාණ්ඩයේ එක් එකකයක් වෙනුවෙන් Y භාණ්ඩයේන් කැපකල යුතු එකක ප්‍රමාණය මනිණු ලැබේ. නි.හැ.මා වක්‍රය සාමාන්‍යයෙන් අදිනු ලබන්නේ මූලයට අවතල ලෙසය. එයට හේතුව වැඩිවන නිමවුම් ප්‍රමාණයට අනුරූපව වැඩිවන ආවස්ථික පිරිවැය නිරූපනය කිරිමටය. එ අනුව නි.හැ.මා වක්‍රයේ ඉහල සිමාවේ සිට පහළ දකුණු සීමාව දක්වා ගමන් කිරීමේදි ආන්තික අනුරූපිතා අනුපාතය සැබෑ ප්‍රමාණයෙන් වැඩිවේ.

ආන්තික අනුරූපිතා අනුපාතය භාණ්ඩ වර්ග දෙකෙන් එකක් මගින් දක්වයි.තුවක්කු වල ආන්තික ආවස්ථික පිරිවැය බටර් මගින්ද, බටර් වල ආන්තික ආවස්ථික පිරිවැය තුවක්කු මගින්ද දක්වයි. නිදසුනක් ලෙස රූප සටහනට අනුව BB ලක්ෂයේ බෑවුම 2 ක් නම්,අමතර එක් බටර් පැකට් එකක් නිපදවීමට තුවක්කු 2 ක් කැපකිරිමට සිදුවේ. AA අවස්ථාවේදී තුවක්කු නිපදවීමේ ආන්තික ආවස්ථික පිරිවැය බටර් 0.25 ක් නම්, වැඩිපුර එක් තුවක්කුවක් නිපදවීම සදහා බටර් පැකට් 4 ක් කැපකිරිමට සිදුවේ.

හැඩය[සංස්කරණය]

උදාහරණයේ දක්වා ඇති නි.හැ.මා වක්‍රය (වැඩෙන ආවස්ථික පිරිවැයක් සහිත , මූලයට අවතල ස්වරූපය) බොහෝ විට පොදු නි. හැ.මා වක්‍රය වේ. එමගින් භාන්ඩ දෙකෙහි නිෂ්පාදන සාධක වල සහ තාක්ෂණයේ වෙනස පෙන්වයි. මෙහිදි ආර්ථිකය එක් භාණ්ඩයක් නිෂ්පදනය කෙරෙහි වැඩි විශේෂයක් දැක්විම තුල (B ලක්ෂ්‍යයේ සිට D ලක්ෂ්‍යය දක්වා) එම භාණ්ඩය නිෂ්පාදනය කිරිමේ ආවස්ථික පිරිවැය ඉහල ගොස් පවති.මන්දයත් අප විසින් අඩු කාර්යක්ෂමතාවකින් ම භාණ්ඩය නිපදවිම සදහා බොහෝ සම්පත් යොදා ගෙන ඇති බැවිනි. බටර් නිෂ්පාදනය වැඩි කිරිමත් සමග තුවක්කු නිමවුම් අංශයේ සේවකයන් මෙම අංශයට මාරුවිය හැකිය. ආරම්භයේදි අවම සුදුසුකම් සහිත තුවක්කු නිමවුම් සේවකයින් බටර් නිෂ්පාදනය සදහා මාරුවිමෙදී වැඩිපුර බටර් නිෂ්පාදනයේ ආවස්ථික පිරිවැයට සුළු බලපැමක් ඇති කරයි. තුවක්කු නිමවුම් අංශයට සිදුවන හානිය අවම වේ. නමුත් වැඩි වශයෙන් විශේෂිකරණය වු තුවක්කු නිෂ්පාදන සේවකයින් බටර් නිෂ්පාදනය සදහා මාරුවිමෙන් බටර් එකකයක් නිපදවිමේ පිරිවැය ඉහල යයි.

ආවස්ථික පිරිවැය ස්ථාවර නම්, සරල රේඛිය නි.හැ.මා වක්‍රයක් ලැබේ.මෙහිදි සම්පත් විශේෂිකරණය වි නොමැති අතර භාණ්ඩ වර්ග දෙක අතර අමතර පිරිවැයකින් තොරව සම්පත් ආදේශ කර ගත හැකිය. භාණ්ඩ සදහා සමාන සම්පත් අවශ්‍ය විටදී ( නිදසුනක් ලෙස පාන් සහ පේස්ට්‍රි ) සරල රේඛිය නි.හැ.මා වක්‍රයක් ලැබේ. එම නිසා ආවස්ථික පිරිවැය සැමවිටම ස්ථාවර වේ.

ආර්ථිකයේ ප්‍රමාණය අනුව, ක්‍රමයෙන් භාණ්ඩ නිෂ්පාදනය සමග ආවස්ථික පිරිවැය පහළ යෑමෙන් ඇතුල් දෙසට යොමුවූ නි.හැ.මා වක්‍රයක් පැවතිය හැකිය. ක්‍රමයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදි විශේෂිකරණය වීම මෙම ආවස්ථික පිරිවැයට හේතුවේ. (මහා පරිමාණ නිෂ්පාදන හෝ ශ්‍රම විශේෂිකරණය)

ගැලරිය[සංස්කරණය]


ස්ථානය[සංස්කරණය]

නි.හැ.මා වක්‍රයේ විස්තාරණය

නි.හැ.මා වක්‍රයේ ස්ථානය තිරණය වන ප්‍රධාන නිර්ණායක දෙක වනුයේ සලකා බලනු ලබන අවස්ථාවේදි පවත්නා තාක්ෂණය හා නිෂ්පාදනයට යොදාගනු ලබන නිෂ්පාදන සාධක වල ප්‍රමණයයි.දිගුකාලීනව තාක්ෂණික දියුණුවක් හේතුවෙන් හෝ නිෂ්පාදන සාධක වල ඉහල යෑමක් හේතුවෙන් ආර්ථිකයේ භාණ්ඩ වර්ග දෙකම නිෂ්පාදනය කිරීමේ ධාරිතවය ඉහල යයි. උදා: ආර්ථික වර්ධනයක් සිදුවේ. මෙම වරධනය නි.හැ.මා වක්‍රය දකුණට විතැන් විමෙන් පෙන්වයි. අනෙක් අතට ස්වභාවික, යුධමය හෝ පාරිසරික ව්‍යසනයක් හේතුවෙන් නි.හැ.මා වක්‍රය දකුණට විතැන් වේ. ඊට අනුරූපව ආර්ථිකයේ නිෂ්පාදනය පහල යයි.

ප්‍රාග්ධන ආයෝජන ( අනාගත නිෂ්පාදනය හැකියව වැඩි කිරිමට) හා වත්මන් පාරිබෝජන භාණ්ඩ නිෂ්පාදනය නි.හැ.මා වක්‍රයෙන් නිරූපනය කරයි නම්, මෙම වසරේ ඉහල ආයෝජන හේතුවෙන් ඉදිරි වසරේදී නි.හැ.මා වක්‍රය පිටතට විතැන්වීම නිරූපනය කර හැකිය. තවද එක් භාණ්ඩයක පමණක් සිදුවන තාක්ෂණික දියුණුවක් දැක්විය හැකිය. නිදසුනක් ලෙස තුවක්කු නිෂ්පදන අංශයේ තාක්ෂණික දියුණුවකදී එම අක්ෂයෙන් පමණක් නි.හැ.මා වක්‍රය පිටතට විතැන්වේ. එසේම එක් භාණ්ඩයක් වැඩිපුර ප්‍රාග්ධනය භාවිතා කරයි නම් සහ අනෙක් සාධක වර්ධනය වේගවත් නම්, ප්‍රාග්ධන භාන්ඩ වර්ධන හැකියාව බලවත්වේ

වෙනත් භාවිතයන්[සංස්කරණය]

සුක්ෂම ආර්ථික විද්‍යාවේදි, භාණ්ඩ දෙකක් පමණක් නිපදවනු ලබන ආර්ටථිකයක තනි පුද්ගලයන් සදහා විවෘතව පවතින අවස්ථා පෙනවයි. නිර්වචනයන්ට අනුව නි.හැ.මා වක්‍රය මත පිහිටි ලක්ෂ්‍යය පුර්ණ නිෂ්පාදන කාර්යක්ෂ්මතාවකින් යුත් නමුත් වෙළදපල ඉල්ලුම් ස්වභාවය අනුව ඇතැම් විට අනෙක් අයට වඩා වැඩි ලාභ ලැබේ. භාණ්ඩ දෙකෙහි නිමවුම් සංයෝජයන්හී සමතුලිතය මගින් ආයතනයට වැඩි ලාභ ලබාගත හැකිය.

සුක්ෂම ආර්ථික විද්‍යා දෘෂ්ට් කෝණයට අනුව, දෙන ලද කාල පරිච්චේදයකදි භාණ්ඩ දෙකම නිපදවිමට පවතින අවස්ථා නි.හැ.මා වක්‍රය මගීන් දක්වයි. කෙසේ වෙතත් සම්පත් වෙන්කිරිමේ කාර්යක්ෂමතාවක් නොමැතිවද ආර්ථිකයට භාණ්ඩ නිපදවිමේ කාර්යක්ෂමතාව ලගා කරගත හැකිය. වෙළදපල බිද වැටිම්(අපූර්ණ තරගය වැනි) සහ ඇතැම් ආයතනික තිරණ (රාජ්‍ය හා වෙළද) වැරදි භාණ්ඩ සංයෝග නිපදවීමට හේතුවේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිෂ්පාදන_හැකියා_මායිම&oldid=575320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි