නිව්ග්‍රේන්ජ් (Newgrage)

විකිපීඩියා වෙතින්
බෙන්ඩ් ඔෆ් බොයින්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිර්ණායකයසංස්කෘතික: i, iii, iv
මූලාශ්‍ර659
අභිලේඛනය1993 (17 සැසිය)

අයර්ලන්තයේ එක් ප්‍රාන්තයේ බවට හා බෲනා බ්‍රින්නේ (Bruna Brinne) නම් සංකීර්ණයේ පිහිටා ඇති වියව්ග්‍රේන්ජ් සොහොන් කොත් සංකීර්ණය ලොව පිහිටා ඇති ඉතාම වටිනා ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් වේ. සීත සෘතුවේ ඇති කෙටිම දි‍නයේදී පවා ඉතා සුර්යය කදම්බයක් මෙම සොහොන් කොත් සහිත බිම්ගෙය තුළට වැටි එය අලෝකමත් වන ආකාරයට නිව්ග්‍රේන්ජ් නිර්මාණය කර තිබීම මෙහි සුවිශේෂි ලක්ෂණයකි.



ක්‍රි.පු. 33000-2900 කාලවකවානු වලදි නිර්මාණය කර ඇති නිව්ග්‍රෙන්ජ් වසර 500 කට වඩා පැරණි කාබන් -14 දින නිර්ණයට අනුව ඊජිප්තුවේ ගීසා පිරමීඩ‍යට එංගලන්තයේ පිහිටි ශිලා අංකයක් ( stonekenge ) වලට වඩා එය වසර 10000 පැරණි බව පැවසේ.

නව ශිලා යුගයේදී නිෂ්ග්‍රේන්ජ් උත්සව පැවැත්විම සදහා භාවිතා කල ස්ථානයක් බව බටහිර හා නැගෙනහිර දොරටු අසල ඇති දැව වක්‍ර පෙන්නුම් කරයි. මෙම දැව වක්‍ර ආවාට මෙන් නිර්මාණය කර ඇති අතර සත්ත්ව කොටස් පිළිස්සිම සදහා භාවිතා කර ඇත.

උත්සවය පවත්වන අවස්ථාවලදී මෙම දැව වක්‍ර දෙක අතර මැටි පසු ගොඩවල් දෙකක් තනා කණු සිටවා ඊට යාබදව කාණු කෙක් නිව්ග්‍රේන්ජ් ආකෘතියට සමාන්තරව නිර්මාණය කර ඇත. ඉන්පසු මෙම කාණු දෙකෙහි ගිණිගොඩවල් 17 පත්තු කර ඇත.

විශේෂ ලක්ෂණ[සංස්කරණය]

පළලින් 76 m (අඩි 250) කින් සහ උස 12 m (අඩි 40) කින් නිර්මාණය වි ඇති නිව්ග්‍රේන්ජ් බිම්ගෙය අන්තර් ප්‍රජා විහිදි පවතී. ඇතුළත භුමදාන කාමරයක් පවතින අතර එය කතිරාකාරව නිර්මාණය කර ඇත.

චිත්‍ර කලාව[සංස්කරණය]

සර්පිලාකාර සහ ලොස්ජරාකාර මෝස්තර වලින් නිර්මාණය වු ලොව පිහිටා ඇති ඉතා විශිෂ්ඨ ශිලා පුවරු නිව්ග්‍රේන්ජ් හි දොරටුව අසල හා අන්තර්ගතයේ දක්නට ඇත. තවත් මෙවැනිම වු ශිලා පුවරු බෲනා බොයින් සංකිර්ණයේ පිහිටි නොවන බිම්ගෙය තුළ ද දක්නට ලැබේ.

නිවෘත්තීය[සංස්කරණය]

වසරකට වරක් සීත සෘතුවේදී නිවෘතිය සිදුවන විට බිම්ගෙය මුදුනට සුර්යයා පැමිණි විට විනාඩි 17 ක කාලයක් බිම්ගෙය ආලෝකමත් වේ.

මෙහිදී සුර්යයා කිර්ණ ප්‍රධාන දොරටුවේ ඉහළින් ඇති විශේෂයෙන් නිර්මාණය කරන ලද කවුලුවක් තුළින් බිම්ගෙය තුළට පැමිණේ. මෙම ක්‍රමවේදය මාසස් හෝරව් (Maes Howe) සහ ඩවුන් (Dowth) බිම් ගෙවල් තුළ භාවිතාය කර ඇත් අලෝකය ලබා ගැනීමේ ක්‍රමවේදයන්ට වඩා වෙනස් වන අතර නිව්ග්‍රේන්ජ් හි ක්‍රමවේදය සංසන්දනාත්මක ඉතා විශිෂ්ඨයි.




සටහන්[සංස්කරණය]

නිව්ගේන්ජ් සොහොන අයර්ලන්තයේ මේත් ප්‍රාන්තයේ පිහිටා ඇති ගලින් ගොඩනැගු වැටියක් වැනි නිර්මාණයකි. ක්‍රිස්තු පූර්ව 3100 සහ 2900 අතර පමණ නවශිලා යුගයේදි මෙය ගොඩනඟන්නට ඇතැයි සැලකෙන අතර ලොව නොනැසි පවතින පැරණිතම ගොඩනැගිල්ලද වේ.

අද අයර්ලන්තයේ ජාතික සිහිවටනයක් වන ජනප්‍රිය සංචාරක ස්තානයක් ද වේ.

නිව්ග්‍රේන්ජ්  සොහොන තිරුවානා ගල් තාප්පයකින් වටවී උස්ව පිහිටයි. එහි මුදුන තණගස් වලින් ආවරණය වී තිබේ. මේ සොහොන අක්කරයක බිමක් පුරා පැතිරී පවති. වැටියේ උස මීටර් 12ක් පමණ වන අතර වැටිය හරහා මීටර 76ක් පමණ වේ. වැටිය වටා සිටවු ගල්රවුමක් වේ. සොහොනේඇතැම් ගල් ඉතා ගැඹුරු ලෙස සරල රටාවන්ගෙන් කැටයම් කර තිබේ. සොහොන් ගෙය ඇතුළට පිවිසෙන දොරටුව සලකුණු කිරීමටද එවැනි කැටයම් කල ගලක් වේ. එම දොරටුවේ සිට ඇතුලත මීටර් 18.9ක් දිග වු උමඟක් වේ. උමගේ බිත්ති විශාල ගල් පුවරු වලින් තනා තිබේ. එම පුවරුවක සාමාන්‍ය උස මීටර් 1.5ක් පමණ වේ. එහි වහළ ඉහළට කොතක් ලෙස තනා ඇත. සිවිලිම විශාල ගල් පුවරු වලින් එකිනෙක වැසෙන සේ අතුරා ඇත. මලවුන්ගේ ඇටකැබලි බොහොමයක් තැන්පත් කර ඇත්තේ මේ කුටියේය.

වසරකට වරක් සිසිර සුර්ය නිවෘත්තියේදි නැගඑන හිරු කිරණ සෘජුවම උමං දොරට ඉහළින් ඇති කවුළුවෙන් ඇතුළු වී උමඟ දිගේ ඇතුළත කුටියට වැටේ. එම කිරණ මිනිත්තු 17ක් පමණ ඇතුළු කිටියේ බිම ආලෝකමත් කරයි. අද පළමු එළිය ඇතුල්වීම හිරු උදාවෙන් මිනිත්තු 4කට පමණ පසුව සිදුවුවත් වසර 5000කට පෙර එය හිරු උදාවන විටම සිදුවී තිබේ.

Newgrange
"https://si.wikipedia.org/w/index.php?title=නිව්ග්‍රේන්ජ්_(Newgrage)&oldid=446233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි