නිවර්තන දිළිඳුකම

විකිපීඩියා වෙතින්

හැදින්වීම[සංස්කරණය]

නිවර්තන කළාපය ලෙස කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පරාසය හදුන්වයි. ලෝකයේ බොහෝමයක් දිළිදු රටවල් පිහිටා ඇත්තේ මෙම කලාපයේය. නිවර්තන කලාපය වගේම ලෝකයේ දිළිඳු රටවල් දියුණු රටවලින් වෙන් කොට දක්වන පොදු ලක්ෂණ කිහිපයක් ඇති අතර එය දරිද්‍රතාවය මත තීරණය වී ඇත. දිළිඳුකම ප්‍රධාන කොටස් 3ක් යටතේ දැක්විය හැක.ඵනම්,

අන්ත දිළිඳුකම[සංස්කරණය]

ලෝක බැංකුව ඵම ගණයට ඇතුළත් කරන්නේ ජීවත්වීම සඳහා තම මූලිකඅවශ්‍යතා සපුරා ගැනීමටවත් ආදායමක් නොමැති දිනකට ඩොලර් 1ක් තරම් අඩු ආදායමක් ලබන පවුල්වල සාමාජිකයන්ය.

මධ්‍යස්ථ දිළිඳුකම[සංස්කරණය]

දිනකට ඩොලර් 1-2ත් අතර ආදායමක් උපයමින් ජීවත්වන පුද්ගලයින්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ඵහෙත් එය අසීර ක්‍රියාවලියක් වනසාමාජිකයන් මෙම ගණයට ඇතුළත් වේ.‍

සාපේක්ෂ දිළිඳුකම[සංස්කරණය]

යම් ර‍ටක ඒක පුද්ගල ආදායමට වඩා අඩු ආදායමක් ලබන රටවාසීන් මෙම ගණයට ඇතුළත් වේ.‍මෙලෙස ජනතාවට තම අයිතීන් නොලැබීමේ මූලික අදියර 3ක් ඇසුරින් ඔවුන්ගේ දිළිඳුකමේ වටිනාකම තීරණය කරනු ලැබ ඇත.විශේෂයෙන් මෙම ආසියානු කලාපයේ දිළිඳුකම ඇති වීමට බලපා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී මතුවන දුර්වලතාවයන්ය.ඵබැවින් ඵ් සඳහා විසඳුම් සොයන විට ඵම විසඳුම්ද තරමක් සංකීර්ණ විය යුතුය.එවිට මිනිස් අයිතීන් තහවුරැ කිරීමට පහසු වනු ඇත.

දිළිඳුකම

ලෝකයේ දිළිඳුකම පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දැක ගත නොහැක්කේ එය සංකීර්ණ ක්‍රියාවලියක් නිසාය. පර්යේෂකයා තෝරා ගන්නා නිර්ණායක අනුව දිළිඳුකම වර්ගීකරණ ක්‍රියාවලිය වෙනස් වේ. නිවර්තන රටවලද එලෙසය. දරිද්‍රතාවය පිළිබඳව විවිධ ප්‍ර‍‍‍වේශයන් ඔස්සේ විවිධාකාරයට නිර්වචනයන් ඉදිරිපත් කර ඇති අතර ‍පොදුවේ හදුනාගත හැකි විශ්විය නිර්වචනයක් තවම ඉදිරිපත්වී නැත. 1979 දී හැකියාවන් පිළිබඳ ප්‍ර‍වේශයට අනුව අමාර්ත්‍ය සෙන් දක්වන ආකාරයට දරිද්‍රතාවය යනු " පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජිවිතය පවත්වාගෙන යාමට අදාලව තිබිය යුතු ශක්‍යතාවන් නොමැති තත්වයකි." සමස්තයක් ලෙස එක්සත්ජාතීන්ගේ විශේෂ අරමුදලෙහි සාමාන්‍යාධීකාරිවරයෙකු විසින් රටක පහත ලක්ෂණ ඇත්නම් එමරට දිළිඳු රටක් ලෙස නිර්වචනය කර ඇත.

  • දිළිඳු බවින් පෙළෙන්නා වූද, නගර සිඟන්නන්ගෙන් ගහනය වූද
  • ගැමි ප්‍රදේශ වල යාන්තමින් දිවි පැවැත්ම ගෙන යන ගැමියන් වෙසෙන්නා වූද
  • තමන්ටම අයත් කර්මාන්තශාලා නොමැති.
  • ඉන්ධන බලය හා දුම්රිය ප්‍රමාණවත් තරමින් නොමැති
  • පණිවිඩ හුවමාරුව නොදියුණු
  • රෝහල හා උසස් අධ්‍යාපන ආයතන අතලොස්සක් ඇති
  • රටේ ජනගහනයෙන් වැඩි කොටසක් අකුරු නොදනී නම්
  • ජනතාව සාමාන්‍යයෙන් දිළිඳු බවින් පෙළෙන නමුත් සුළු පිරිසක් සුඛෝප‍‍‍බෝගි දිවි පැවැත්මක් ගෙනයයි.
  • බැංකු ව්‍යාපාර ඉතා නොදියුණුය.
  • සුළු ණයද ලබා ගන්නේ පොලී කරුවන්ගෙනි
  • අපනයනය අමුද්‍රව්‍ය වන ලෝපස්, පළතුරු හා ඇතැම් මූලික නිෂ්පාදනයන් වේ.
  • අමුද්‍රව්‍ය ලබා ගැනීම හෝ වගා කිරීම විදේශ සමාගම් මත රදා පවතී.

කිසියම් රටක ඒක පුද්ගල ආදායම් මතද දිළිඳුකම නිර්වචනය කරයි. එලෙස වර්ග කිරීමේදී නිවර්තන රටවල් බොහෝමයක් දිළිඳු රටවල් ලෙස නම් කර ඇත. උදාහරණ- ලංකාව,ඉන්දියාව, බංගලාදේශය,ඉරානය, ඉරාකය, උගන්ඩාව,සෝමාළියාව,ඉතියෝපියාව, පකිස්ථානය, නයිජීරියාව, මෙක්සිකෝව, කොළොම්බියාව , පේරු, බ්‍රසීලය, වෙනිසියුලාව එම රට වලින් කිහිපයකි.


නිවර්තන කලාපීය රටවල් දිළිඳු බවින් යුක්ත වීමට හේතු[සංස්කරණය]

01. භූගෝලීය පිහිටීම[සංස්කරණය]

සූර්යාට ලම්බකව පිහිටීම නිසා අධික උෂ්ණත්වයක් හා අධික වර්ෂාපතනයක් ඇත. මේ තත්වය වගේම ඒ ඒ රටවල පිහිටීම අනුව විවිධ ගැටළු වලට මුහුණපෑමට සිදු වේ.

උදාහරණ-

  1. බංගලාදේශය බෙංගාලබොක්කට මුහුණ ලා පිහිටීම, ගංගා නම් ගඟ බංගලාදේශය හරහා ගලා යෑම හා රටතුළ නිම්න ප්‍රදේශ බහුල වීම නිසා ගංවතුර තර්ජනයට නිතරම මුහුණ පායි.
  2. සෝමාළියාව ගත්විට සහරා කාන්තාරය ආසන්නයේ පිහිටීම නිසා උෂ්ණ දේශගුණයකින් යුක්ත වේ. මේ නිසා නිතරම නියං තත්ව ඇති වේ.
  3. ඉන්දියාවේ භූමි ප්‍රමාණය විශාල වීම වගේම භූ විෂමතා බහුල වීම දිළිඳුකමට හේතු වේ.

ස්වභාවික විපත්[සංස්කරණය]

නිවර්තන කලාපයේ ස්වභාවික විපත් බහුල වේ. බංගලාදේශය, ඉති‍යෝපියාව, සෝමාළියාව හා ඉන්දියාව වගේම නිවර්තන සෑම රටක්ම ස්වභාවික විපත්වලට මුහුණ දේ. මෙය භූගෝලීය පිහිටීමේ ප්‍රතිඵලයකි.

සුනාමි හානි


tu
tu

01. වගුව

විසිවන සියවසේ ස්වභාවික විපත්[සංස්කරණය]

උපද්‍රවය සිදුවීම් ගණන
ටොනාඩෝ 9476
ගංවතුර 2389
නිවර්තන වාසුළ 1337
සුනාමි 986
භූමිකම්පා 899
නියඟ 782
යමහල් 168

මූලාශ්‍රය-සුනාමි දත්ත අන්තර් රාඡ්‍ය සාගරික කොමිසම-2003


ඇමෙරිකාවට බලපෑ වාසුළිය


මෙම විපත් වලින් 60-70%ක් සිදුවන්නේ නිවර්තන කලාපයේය. නිදසුන්- බංගලාදේශය නිවර්තන කලාපයේ නිතරම ගංවතුර තර්ජනයට මුහුණපාන රටක් ලෙස බංගලාදේශය හැදින්විය හැකිය.

02. වගුව

1980-2008 කාලය තුළ සිදු වූ උපද්‍රවය[සංස්කරණය]

උපද්‍රවය සිදුවීම් ගණන
භූමිකම්පා 07
නියඟ 02
වසංගත 27
ගංවතුර 63
කුණාටු 102

සෝමාළියාව ගතහොත් දැකගතහැක්කේ වසරේ වැඩි කාලයක් නියං පැවතීමයි. මේ නිසා ජල හිඟයක් මේ රට තුළ දැකිය හැකිය. මෙම තත්වයන් හේතුවෙන් නිවර්තන රටවල් දිළිඳු බවින් යුක්ත වේ .

02. ප්‍රඡා විද්‍යාත්මක හේතු[සංස්කරණය]

සාඵල්‍යතාවය, මර්ත්‍යතාවය හා සංක්‍රමණ යන සාධක ඇතුළත් වේ . මෙම සාධක ජනගහනයට බලපා ඇත. නිවර්තන රටවල දිළිඳු කමට හේතු වන්නේ අධික ජනගහනයයි. ලෝක ජනසංඛ්‍යාවෙන් 75% ක් සිටිනුයේ නිවර්තන රටවල්ය. ඉන්දියාව, බංගලාදේශය, සෝමාළියාව, ඉතියෝපියාව වැනි රටවල අධික ජනසංඛ්‍යාවක් ඇත. ප්‍රඡා විද්‍යාත්මක සාධක වල අගයන් මෙම රට වල ඉහළය.

නිදසුන්- බංගලාදේශය

ඡන සංඛ්‍යාව 150448000
ස්වභාවික වර්ධන වේගය 1.29%‍‍
මුළු සඵලතා අනුපාතය 2.49%
උපත් දහසකට 24.68
මරණ දහසකට 08
ආයු අපේක්ෂාව අවු: 72.54

මූලාශ්‍රය- (2009est)'

කොළොම්බියාව

ජනසංඛ්යායව 45013077
ස්වභාවික වර්ධන වේගය 1.40%
මුළු සඵලතා අනුපාතය 2.49%
උපත් දහසකට 19.86
මරණ දහසකට 5.54
ආයු අපේක්ෂාව අවු: 72.54
ළදරු මරණ දහසකට 19.51

මූලාශ්‍රය- (2008est)

ඉහත සංරචක ඉහළ අගයක් ගන්නා බැවින් එම රට වල ජනසංඛ්‍යාව ඉහළ අතර මේ නිසා යැපුම් අනුපාතිකය ඉහළ බැවින් දරිද්‍රතාවය වැඩිය.

නිදසුන්-

රට දරිද්‍රතා‍ ප්‍රමාණය
ඉන්දියාව 26%
ලංකාව 25%
බංගලාදේශය 50%
පකිස්ථානය 32%
මාලදිවයින 43%

03. ආර්ථික සාධක[සංස්කරණය]

නිවර්තන රටවල් බොහෝමයක් ප්‍රාථමික හා ද්විතියීක ආර්ථිකය මත යැපේ . රටවල් බහුතරයක ප්‍රධාන ආර්ථතික ක්‍රමය කෘෂිකර්මය හා අමුද්‍රව්‍ය අපනයනය වේ. මේ නිසා මෙම රට වල ඒක පුද්ගල ආදායම අඩු වේ. ඔවුන්ගේ ආදායමෙන් 80% ක්ම ආහාර සඳහා වියදම් කරයි.

නිදසුන්-

රට ඒකපුද්ගල ආදායම
බංගලාදේශය $1.4 (2000est)
කොලොම්බියාව $7.4 (2007est)


04. සංස්කෘතික හා සමාජ හේතු[සංස්කරණය]

නිවර්තන රරටවල විවිධ කුළ, සිරිත් විරිත් ,ආගම්,පාරම්පරික රැකියා හා කාන්තා රැකියා සීමා කිරීම වැනි සාධක එරට ආර්ථිකයට බාධා පමුණුවයි.

නිදසුන් -ඉන්දියාව

ආගම් හා භාෂාවන් 1200ක් පමණ ඇත. කුළ ක්‍රමය තදින්ම ක්‍රියාත්මක වේ. මෙම සාධක මත නිවර්තන රටවල ආර්ථිකය නැංවීමට නොහැකි වී ඇත. එහෙත් ඔවුන දිළිඳු කමින් මිදිමට උත්සාහ දරයි. එහි පළමු අදියර ලෙස රටවල ප්‍රඡා විද්‍යාත්මක දියුණුව ලගා කර ගැනීමට උත්සාහ ගෙන ඇත.

නිදසුන්- කොළොම්බියාව

01.ජනගහනය

වසර ජනගහනය
2000 39685655
2004 42310775
2008 45013074

02. වර්ධන අනුපාතිකය

වසර වර්ධන අනුපාතිකය
2000 1.68%
2004 1.53%
2008 1.40%

03. ළදරු මරණ අනුපාතිකය දහසකට

වසර ළදරු මරණ අනුපාතිකය දහසකට
2003 22.47
2006 20.35
2008 19.51

මුලාශ්‍රය-CIA World fact book-Unless otherwise noted, information in this page is accurate as of January 1,2008

ගොනුව:Surface of vol.jpg


සමාලෝචනය[සංස්කරණය]

නිවර්තන කලාපයේ බොහෝමයක් රටවල් දිළිඳු බවින් යුක්ත වේ. දිළිඳුකම නිර්වචනය කිරීමට නිෂ්චිත නිර්වචනයක් නොමැත. මන්ද එය සංකීර්ණ ක්‍රියාවලියකි. ඉහත දක්වන ලද සාධක ඔස්සේ බලන විට දරිද්‍රතා ලක්ෂණ වන ඒක පුද්ගල ආදායම $ 300 ට අඩු වීම, කෘෂිකර්මය මත යැපීම, ප්‍රඡා විද්‍යාත්මක නොදියුණු, අධික ජනසංඛ්‍යාව හා ස්වභාවික විපත් බහුල වීම යන සාධක අන්තර්ගතය. ඒ වගේම මෙම රටවල් දිළිඳුකමින් විදිමට උත්සාහ දරයි. එහි පළමු පියවර ලෙස ප්‍රඡා විද්‍යාත්මක දියුණුව ලගා කර ගනිමින් සිටී.

සබැදි පිටු[සංස්කරණය]

දිළිඳු බව

ආසියානු දිළිඳුකම

අශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • මාර්ග පරිවර්තන 33 –(1976) දිළිඳු රටවල් හා ධනවත් රටවල්.
  • ධනපාල ඒ. එච්. –(2008) ස්වභාවික විපත් (භූ ගෝලීය පරිසර අධ්‍යනය)
"https://si.wikipedia.org/w/index.php?title=නිවර්තන_දිළිඳුකම&oldid=139120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි