නින්ද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නිදන දරුවෙක්
නිදන බළල් පැටවුන්

නින්ද යනු ඌතිත (අඩු වශයෙන් පවතින) හෝ විරහිත සංවිඥානකතාව, සාපේක්ෂ වශයෙන් අත්හිටවුනු සංවේදී ක්‍රියාකාරිත්වය, සහ සියළුම පාහේ ඉච්ඡානුගත පේශින්ගේ නිෂ්ක්‍රියාව යන ලක්ෂණයන්ගෙන් නිරූපිත වන හා ස්වභාවිකව නැවත නැවත ඇතිවන තත්ත්වයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.

මනුෂ්‍යයින්ටත්, අනෙක් ක්ෂීරපායී සතුන්ටත් අධ්‍යයනයට ලක් වූ මත්ස්‍යයන් කුරුල්ලන් කුහුඹුවන් හා පලතුරු මැස්සන් වැනි අනෙක් සතුන් සැළකිය යුතු පමණකටත් සිය පැවැත්ම සඳහා ක්‍රමවත් නින්දක් අවශ්‍යය. කෙසේ වුවත් එයින් පැහැදිලි වන්නේ කොටසක් පමණි. එසේම ඒවා දැඩි පර්යේෂණයට බඳුන් වී ඇත.

කායික විද්‍යාව[සංස්කරණය]

ක්ෂීරපායී සතුන්ගේ, පක්ෂීන්ගේ නින්දේ දී අක්ෂි චලනයේ මිණූම පුළුල් වූ කොටස් දෙකකට බෙදේ.

  • වේගවත් අක්ෂි චලනය (Rapid eye movement) (REM) හා
  • වේගවත් නොවූ අක්ෂි චලනය සම්බන්ධ නින්ද (Non – rapid movement) (NREM)

එක් එක් කොටසට පැහැදිලිව හඳුනාගත හැකි භෞතික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක අංග ලක්ෂණ ඇත්තේය. නින්ද ඉදිරියට යන්නේ Rem චක්‍රවලින් හා ( REM = Rapid eye movement) NREM හි පියවර හතරකිනි.

පියවරවල් / > 2>3>4>3>2> REM

නිදිපෙති වැනි ඖෂධ වර්ග හා මධ්‍යසාරය සහිත බීමවලට නින්දේ සමහර අවස්ථා යටපත් කළ හැකිය. (නින්ද අහිමිවීම බලන්න) විඥානය නැතිවීම මෙහි ප්‍රතිඵලය වන අතර එහි කායික ක්‍රියාකාරකම් ඉටු නොවේ.

‍රෙක්ස්ෂැෆන් සහ කාලෙස් (Rechtschaffen and Kales) 1968 දී පළමුවෙන් නින්දේ විවිධ අවස්ථා හැදෑරීම සඳහා මිණුම් දණ්ඩක් සැළසුම් කළේය. නිද්‍රාජනක ඖෂධ පිළිබඳ ඇමරිකානු ආයතනය 2007 දී මෙම අවස්ථා සැළසුම් කිරීම යාවත්කාලීන ක‍ළේය.

"http://si.wikipedia.org/w/index.php?title=නින්ද&oldid=249950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි