නාශක නැව්

විකිපීඩියා වෙතින්

නාවික පාරිභාෂිකයේ නාශකය යනු වේගවත් සහ උපායශිලී මෙන්ම දිගු පැවැත්මක් සහිත යුධ නැව් වේ. විශාල නාවික බළඇණියන් හෝ හමුදා කණ්ඩායම් ප්‍රවාහනය සහ කුඩා වුවද ප්‍රභල ප්‍රහාරකයන්ගෙන් (ආරම්භයේදී ටෝපීඩෝ බෝට්ටුද, පසුව සබ්මරීන සහ ගුවන්යානා) ඔවුන් ආරක්ෂා කර ගැනීමේ අදහසින් මෙම නැව් නිපදවුණි.

දෙවන ලෝක සංග්‍රාමයට ප්‍රථම, නාශකයන් හදිසි අප්‍රාප්ත නාවික මෙහෙයුම් සඳහා යෝග්‍ය නොවූ අතර කුඩා යාත්‍රවන් විය. බොහෝ විට නාශක යාත්‍රා කිහිපයක්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවත් යාත්‍රවක් සමඟින් එක්ව ක්‍රියාන්විතයේ යෙදුනහ. යුධ කාලසීමාවෙහි හා ඉන් අනතුරුව තනිව මෙහෙයුමේ යෙදිය හැකි විශාල මෙන්ම වඩා ශක්තිමත් නාශක නැව් තැනුණි. 1950-60 කාලසීමාවන්හි විශාල යුධ නැව් භාවිතයට පැනවුණු වාරණය මීට විශේෂයෙන් හේතු වුණි.

21 වන සියවසේ උදාවත් සමඟම, නාශක නැව් මෙහෙයුම්හි යෙදෙන විශාල නැව් සහ මෙහෙයුම්හි නොයෙදෙන යුධ නැව් ලෙස සාමන්‍ය භාවිතයේ පවතින විශාලතම දියමත සටන්කරුවා විය. එනමුඳු එය රටවල් හතරකට (එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය සහ පේරු ) පමණක් සීමා විය. නවීන නාශක නැව්, 'නියමු මිසයිල නාශකයන්' ලෙසද හදුන්වන අතර දෙවන ලෝක ස්ංග්‍රාමයේ යුධ නැව් හා සසඳන කල්හි බරින් සමන වුවද විශාල වශයෙන් අවි ආයුධ අතින් ඉදිරියෙන් සිටියි. නගර එකවර විනාශ කල හැකි න්‍යශ්ටික මිසයිල රැගෙන යාමේ හැකියාව මෙම නවීන නාශක නැව් සතු වේ.

The Russian Navy Udaloy-class destroyer RFS Admiral Panteleyev arrives at Joint Base Pearl Harbor-Hickam to participate in the Rim of the Pacific exercise 2012. (7487834270).jpg

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාශක_නැව්&oldid=538340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි