නායර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නායර් කාන්තාවක්(1914)

නායර් යනු ඉන්දියාව් කේරළ ප්‍රාන්තය‍ෙ වාසය කරන ග‍ෝත්‍රික කණ්ඩායමකි.ඉන්දීය කුල දූරාවලියට කුලයක් ලෙසත් සළකයි.මොවුන් පිළිබදව අධ්‍යනයන් කැතලින් ගොෆ් නම් මානව විද්‍යාඥවරිය විසින් සිදු කළාය.නායර් යන වචනය නායක නම් වචනයෙන් බිදී ආවක් බව පැවසේ.තවත් අදහසක් නම් නාග යන වචනයනේ බිදී ආවක් බවයි.මොවුන් නාගයින් වන්දනා කරන ජන කොටසකි.මොවුනගේ අරම්භය පිළිබද ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයයි.13 වන සියසයේ දී මොවුන් කුඩා රාජධානියක් ලෙස මලබාර් වෙරළ තීරයට ආසන්නව වාසය කර ඇත.නායර් පුරුෂයන් අතීතෙය් සිට ආරක්ෂක හමුදාවන්හි සෙබළුන් ලෙස ක්‍රියා කළහ.නායර්වරු පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි යුගවල දක්ෂ යුධ සෙබළන් ලෙස ක්‍රියා කළහ.අතීතයේ සිට ඔවුන්ගේ ප්‍රධාන රාජතාරිය වූයේ ආරාක්ෂක සේවයයි.නායර් ගෝත්‍රිකයන් අතර විවිධ උපගෝත්‍ර කිහිපයක්ද දක්නට ලැබේ.කැතලින් ගොෆ්ට අනුව මෙම උප ගෝත්‍ර ඔවුන්ට අයත් වෘත්තිය අනුව බෙදී ඇත.ඒ අනුව බෙරකරුවන් වෙළෙක්දන් ලෝකූරු කරුවන් දෝළා ගෙනයන්නන් මෙහෙකරුවන් කුඹලුන් කරණවෑමියන් ආදී වශයෙනි.

නායර් ද්වාර කර්ම චාරිත්‍ර[සංස්කරණය]

දරු උපතකදී ඔවුන් අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍ර මෙසේය.ජොතිෂයවේදියාගේ උපදෙස්මත චාරිත්‍රානූකූල වස්ත්‍රයක් හැඳ ගැබිනි මවගේ සිරුරේ පොල්තෙල් ගල්වා කහ දියර මිශ්‍ර ජලෙයන් නහවයි.මේ අවස්ථාවේ කඩුවකින් පොල් ගෙඩිය බිදී.ධනය තේරිමක්ද චාරිත්‍රානුකූලව සිදුකරයි. දරුවාගේ නම් තැබීමේ උළෙලද උස්සවශ්‍රීයෙන් වාරිත්‍රානුකූලව සිදුකරයි.

නායර් විවාහය ඉතා සුවිශේෂීය.මෙම විවාහ ක්‍රමය බහුපුරුෂ විවාහ ක්‍රමයට අයත් අතර ඇතමුන්ගේ අදහස මෙය සමූහ විවාහයක් බවයි.මෙහිදී මොවුන්ගේ විවාහයට සුදුසු වයස ලෙස පිළිගන්නේ වයස අවුරුදු 7-12 අතර වයස් ප්‍රමාණයන්ය.මෙම වයසට අයත් ගැහැණු සහ පිරිමි දරුවන් පිරිසක් එකවර එකම උස්සවයකදීම විවාහකර දීම සිදුකරයි.මෙහිදී මනාළියගේ පාර්ෂවයෙන් සුදුසු මනාලයන් තෝරා ගැනීම සිදුකරයි.පසුව ඔවුන් පිරිස එකම උස්සවයකදී තැල්ල බැදීම සිදුකර විවාහප්ප්‍රාප්තවෙයි.මෙම විවාහය තාලිකට්ටුකළ්‍යානම් නම්න් හදුන්වයි.දකුණු ඉන්දීය සමාජයේ තැල්ල බැදීම විවායයේ වැදගත්ම අවස්ථාව ලෙස සළකනු ලබයි.මෙය බටහිර සමාජයේ මුදු පාළදීමට සමානය.මෙසේ මනාළයා විසින් මනාලියගේ ගෙලෙහි තැල්ල පැළදීමෙන් පසු විවාහෙය් මුල් අදියර අවසන්වේ.ඉන්පසු මෙම විවාහක යුවතිපතීන් දින 03 ක සංවාස කාලයක් සදහා පිටත්කර යවයි.මෙය බටහිර සමාජයේ මදුසමය ගතකිරීමට සමානය.පසුව ඔවුන් යළි උස්සව භුමියට පැමිණේ.එහිදී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරයි.එක් චාරිත්‍රයක්නම් සංවාස කාලයේදී මනාලිය ඇදසිටි සලුව ඉරා දැමීමයි.මෙමගින් මනාලිය ගේ අයිතිය දෙමාපියන්ගෙන් නිදහස්ව ගෝත්‍රයේ තරුණයන්ට හිමිවන බව සංකේතවත් කරයි.ඉන් පසු මෙම විවාහ චාරිත්‍ර අවසන්වේ.මෙම විවාහයෙදී එතැන් පවන් චාරිත්‍රානුකූලව විවාහවූ තරුණයා සමග පමණක් නොව තම ගෝත්‍රයට අයත් ඔනෑම තරුණයෙන් හා ලිංගික ඇසුර පැවැත්වීමට තරුණියට අවසර ලැබේ.මෙහිදී චාරිත්‍රානුකූල තරුණයා හැර තරුණිය හා ලිංගිහ ඇසුර පවත්වන අනෙකුත් තරුණයින් සම්භන්ධන් නම්න් හදුන්වයි.මේ ආකාරයෙන් ඇසුර පවත්වද්දී ඇය ගැබ්ගත හොත් අැයව ඇසුරු කළ එක් පුරුෂයෙකු ඇගේ දරුවාගේ පියා ලෙස ඉදිරිපත්වේ.එසේ ඉදිරිපත්වන පියා විසින් වින්නඹු මාතාවගේ ගාස්තු ගෙවියයුතුවිය.එසේ ඉදිරිපත්වන පියාට පමණක් දරුවාගේ පිය අයිතිය හිමිවේ.ඇතැමවිට මෙසේ ඉදිපත්වන තරුණයා උපදින්නට සිටින දරුවා ගේ නියම පියා නොවිය හැක.

නායර්වරු අවමංගල අවස්ථාව බලවත් කිලි අවස්ථාවක් ලෙස සලකති.ඔවුන්ගේ සම්ප්‍රධාය අනුව පවුලේ වැඩිමහලු පුද්ගලයා මියගියවිට ඔහු හෝ ඇය චිතකයක බහා ආදාහනය කරති.එහෙත් පවුලේ වෙනත් සාමාජිකයෙකු මියගිය විට ඔවුන්ව භුමදානය කරනු ලබයි.හින්දු ආගමානුකූල අවමංගල උස්සවයක් ඔවුහු පවත්වති.මියගිය දින සිට දින 14 රක කාලයක් කිලි කාලය ලෙස හදුන්වයි.මෙම කාලය තුල ඔවුන් විසින් විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනු ලබයි.ආගමික වතාවත් වලට සහභාගී නොවීම ඇතැම් ආහාර නොගැනීම ආදිය මියගිය සාමාජිකයාගේ පවුලේ අය සිදුකරයි.

ආගම හා අභිචාර[සංස්කරණය]

නායර් ආගමික සම්ප්‍රධායන් හින්දු දහම හා දුවිඩ සංස්කෘතිය මිශ්‍ර ඇදහිලි ක්‍රමයකි.ඔවුන් අතර දෙවියන් යක්ෂයන් භුතයන් වැනි ආත්මයන් වන්දනා කිරීම හා කලු හා සුදු අභිචාරක්‍රම පවතී.එනම් යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් කොඩිවින ආදී අභිචාරක්‍රම පවතී.ආගමික මත අතර නාගයින් ඇදහීම ඔවුන් අතර සුවිශේෂ ඇදහිලි ක්‍රමයකි.නාගයින් සඳහා වෙන්වූ ශද්ධ වනාන්තරයක් මෙම ප්‍රදේශය තුල ඇත.නාගයින් වන්දනා කිරීම සදහා සකස්කල ගෘහයක්ද නායර් නිවෙස් අසල පවතිනු දක්නට ලැබේ.

සර්පයින් වන්දනා කිරීම නායර්වරුන් අතර දක්නට ලැබෙන ප්‍රධාන ඇදහිලි ක්‍රමයකි.මීට අසතරව මියගිය පුද්ගලයන් ගේ ආත්මයන් මිනිසාට බලපෑම් කරනබව අදහති.ප්‍රේත භූත පිසාච යන අමනුෂ්‍ය ආත්මයන් මිනිසාට බලපෑම් සිදුකරනු ලබනබව අදහති.

වස්ත්‍ර[සංස්කරණය]

සාම්ප්‍රධායික ඇඳුමින් සැරසුන නායර් කාන්තාවන් (1909)

අතීතයේ නායර් පුරුෂයන් මුණ්ඩු නම්වූ සාම්ප්‍රධායික වස්ත්‍රයක් භාවිත කළහ.මෙය ඉඟටියේ සිට බිම ගෑවෙන සේ හැදි වස්ත්‍රයක් විය.ඔවුන් මුස්ළිම් ජාතිකයන් පළදින හිස් වැසුමට සමාන හිස් වැස්මක් පැළදීය.නිතර කුඩයක් රැගෙනයාම ඔවුන්ගේ සිරිතක් විය.පාවහන් යුගලක්ද ඔවුන්ගේ සම්ප්‍රධායික වස්ත්‍ර අතරවිය.

නායර් ස්ත්‍රීන් සාම්ප්‍රධායිකව ඉඟටියේ සිට දණහිස දක්වාවූ වස්ත්‍රයක් හැද උඩුකයට හැට්ටයකට සමාන අත්නැති වස්ත්‍රයක් අදිති.20 වන සියවසට පෙර නායර් කාන්තාවන් උඩුකය නග්නව තබාගත් බව දැක්වේ.නිවසෙන් පිට විශේෂ ගමණක් යනවිට සාටකයක් වැනි දුහුල් වස්ත්‍රයකින් උඩුකය වසාගෙන ගමන් කර ඇත.ඔවුන් යට ඇදුමක් ලෙස අමුඩයකට සමාන වස්ත්‍රයක් ශාවිත කරඇත.ඔවුන් ඉකිළි කිහිළි අැහිබම ආදී පෙදෙස්වල හා වෙනත් රෝම වැවෙන පෙදෙස්හි රෝම ඉවත් කිරීම සාම්ප්‍රධායක් වූබව සදහන්වේ.(Nâyars of Malabar 2004 Fawcett)

නායර් කාන්තාවන් නාගපට්ටම් නම්වූ පළදනාවක් භාවිත කළහ.ඔවුන්ගේ හිසේ කිසිදු පළදනාවක් නොවීය.ටක්කා නමින් හැදින්වූ කරාබුවක් මුක්කුටි නමින් හැදින්වූ නාසයට පළදින කරාබුවක් අඩියාල් නමින් හැදින්වූ ගෙලපළදනාවක් ඔවුන්ගේ සාම්ප්‍රධායික පළදනාවිය.

ආහාර[සංස්කරණය]

නායර්වරු හරක්මස් ආහාරයට නොගනී.එහෙත් ඌරු මස් ආහාරලෙස ගන්නාබව දැක්වේ.අතීතයේ ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍ය නොගත්තද වර්තමානයේ ඔවුන් බොහෝවිට මත්පැන් පානය සිදුකරයති.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Fawcett, F. (2004) [1901]. Nâyars of Malabar. Asian Educational Services. ISBN 978-81-206-0171-0.
  • Fuller, Christopher John (Winter 1975). "The Internal Structure of the Nayar Caste". Journal of Anthropological Research. 31 (4): 283–312. JSTOR 3629883.(subscription required)
  • Fuller, Christopher John (1976). The Nayars Today. Cambridge University Press. ISBN 978-0-521-29091-3.
  • Gough E Cathleen (1961), "Nayars: Central Kerala", in Schneider, David Murray; Gough, E. Kathleen, Matrilineal Kinship,University of California Press, ISBN 978-0-520-02529-5, retrieved 9 June 2011
  • Narayanan, M. T. (2003), Agrarian Relations in Late Medieval Malabar, Northern Book Centre, ISBN 978-8-17211-135-9
"https://si.wikipedia.org/w/index.php?title=නායර්&oldid=410739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි