නාගරික සංවර්ධන අධිකාරිය

විකිපීඩියා වෙතින්

නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශවල ආර්ථික, සමාජ හා භෞතික සංවර්ධනය ඒකාබද්ධව සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1978 අංක 41 දරන පාර්ලිමේන්තු පනත මගින් නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරන ලදී.

ඒ අනුව රටේ නාගරික සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේ රටේ ප්‍රමුඛතම ආයතනය ලෙස කටයුතු කිරීමට නා.ස. අධිකාරියට බලය ලබා දී තිබේ.

ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම සිදු කිරීම සහ ප්‍රාග්ධන ආයෝජන සැලසුම් සිදු කිරීම. රජය විසින් අනුමත සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. නාගරික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඕනෑම පුද්ගලයෙකු සමග ගිවිසුම්වලට එළඹීම. සම්පුර්ණ කිරීමට අසමත්ව කිසියම් පුද්ගලයෙකු විසින් පැහැර හැර ඇති ඕනෑම සංවර්ධන කටයුත්තක් බාරගැනීම හා සම්පූර්ණ කිරීම. ප්‍රාග්ධන වැඩි දියුණු කිරීමේ වැඩසටහන් සම්පාදනය. පාරිසරික ප්‍රමිති සකස් කිරීම සහ පරිසර වැඩි දියුණු කිරීමේ ක්‍රියාකාරකම් පිලියෙල කිරීම. ගොඩනැගිලි ඉංජිනේරු සහ අනෙකුත් මෙහෙයුම් සිදු කිරීමට, යටිතල පහසුකම් සංවර්ධනයට අදාල ඕනෑම කාර්යක් භාර ගැනීම. ඕනැම චංචල හෝ නිශ්චල දේපලක් පවරා ගැනීම සහ රඳවා ගැනීම හෝ ඕනෑම චංචල හෝ නිශ්චල දේපලක් බැහැර කිරීම. නිවාස යෝජනා ක්‍රම සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, පැල්පත් හා මුඩුක්කු ප්‍රදේශ එලිපෙහෙලි කිරීම හා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු ඉදි කිරීම. රජයේ අනෙකුත් නියෝජිතායතනවලට අවශ්‍ය කරනු ලබන විටදී සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම හෝ යෝජනා ක්‍රම සැලසුම් කිරීම ඕනැම රජයේ ආයතනයක සංවර්ධන ව්‍යාපෘති හෝ යෝජනා ක්‍රම අනුමත කිරීම හා සම්බන්ධීකරණය. අනෙකුත් රාජ්‍ය ආයතනවල යහපත සඳහා තාක්ෂණික සැලසුම් සේවා සැපයීම. ඕනෑම රජයේ ආයතනයක් වෙනුවෙන් උපදේශන සේවා සිදු කිරීම සහ එවැනි ව්‍යාපෘති හෝ යෝජනා ක්‍රමවල ක්‍රියාකාරකම් නියාමනය කිරීම. ලබාදුන් ඕනෑම ගොඩනැගිල්ලක් හෝ සපයන ලද සේවා වෙනුවෙන් කුලී හෝ ගාස්තු අය කිරීම. සිදු කිරීමට බාරගත් කාර්යයන් සඳහා ප්‍රදාන, පරිත්‍යාග හෝ සහනාධාර ලබා ගැනීම. 6වන සහ 7වන මහල "සෙත්සිරිපාය" බත්තරමුල්ල. ශ්‍රී ලංකාව. දුරකථන : +94 112 875 916 to +94 112 875 920, +94 112 873 644, +94 112 873 647, +94 112 873 649, +94 112 873 651, +94 112 873 652, +94 112 875 333 ෆැක්ස් : +94 112 873 637

	විද්‍යුත් තැපෑල	:	info@uda.gov.lk
	වෙබ් අඩවිය	:	www.uda.gov.lk