නාගරික භූගෝල විද්‍යාව
නාගරික භූගෝල විද්‍යාව යනු නාගරික ප්‍රදේශ පිළිබඳව කෙරෙන අධ්‍යයනයයි. එනම් වැඩි ගොඩනැගිලි සංඛ්‍යාවක් හා යටිතල ව්‍යුහයක් ඇති ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය. ආර්ථික ක්‍රියාවලිය ද්වීතික හෝ තෘතීක ආකාරයෙන් වැඩි වශයෙන් පවතින්නේ මෙම ප්‍රදේශ වලය.තවද මෙම ප්‍රදේශ වල ජන ඝනත්වයද වැඩි අගයක් ගනී.
මෙය වඩාත් පුළුල් වූ මනුෂ්‍ය භූගෝලීය අධ්‍යයනයෙන්ම කොටස් ලෙස හැඳින්විය හැක. නමුත් බොහෝ විට මෙහි මානව විද්‍යාව හා සමාජ විද්‍යාව යන විෂයන්ට අදාල පොදු කරුණුද අඩංගුවේ. නාගරික භූගෝල විද්‍යාව මඟින් සාධක අවකාශයේ සම්බන්ධවන ආකාරය, එමඟින් සිදුවන සේවා හා ඒවායේ අන්තර් සම්බන්ධතා පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සහ කරයි. නාගරික භූ විද්‍යාඥයෝ මනුෂ්‍ය වාසවල සංවර්ධනය අධ්‍යනය කෙරෙහිද අවධානය යොමු කරයි. එමනිසා නගර විශාල කිරීම හා සංවර්ධනය සැලසුම් කිරීම මෙම විෂයට අයත් වේ. ඉන්පසු එමඟින් සිදුවන වෙනස්විම් මිනිසා හා පරිසර මත බලපෑ අන්දමද අධ්‍යයනය කරයි. නාගරික අධ්‍යයනයන්, නාගරික භූගෝල විද්‍යාව වෙනස් වන්නේ එය නගරයක් වෙත රටවල්, මහද්වීප අවකාශය මූලික කරගෙන අවධානය යොමු කරයි. උදාහරණයක් ලෙස නාගරික අධ්‍යයන මඟින් එක් නගරයක් (නිව් යෝරක්) වැනි මූල්‍ය ප්‍රදේශය අධ්‍යයනය කරන අතර නාගරික භූගෝල විද්‍යාව මඟින් නගර කිහිපයක (නිර්යෝර්ක්, ලන්ඩන්, ටෝකියෝ වැනි) මුල්‍ය තත්ත්වය අධ්‍යයනය කරමින් ඒවා එකිනෙක සමඟ සම්බන්දතාවයක් පවතීද,නොපවතීද යන්න අධ්‍යයනය කරයි.
නාගරික සැලසුම්කරණය
[සංස්කරණය]වෙළඳපොළ සඳහා සුදුසු ප්‍රදේශය නීර්ණය දේපළ ඉඩම් සංවර්ධන අපරාධ රටා අධ්‍යනය හා ප්‍රවර්ධනය අධ්‍යයනය එවැනි වෘත්තීන් වේ
අධ්‍යයනය කරන අංශ
[සංස්කරණය]නාගරික භූගෝල විද්‍යාව අධ්‍යයනයේදී අත්‍යවශයෙන්ම ආකාර 02 ක් පවතී. නගර වල අවකාශීය පැතිරීම සම්බන්ධ ගැටළු අධ්‍යයනය හා එම නගර අවකාශය හා බැඳීමට උපකාරී වන සංකීර්ණ චලන රටා ගමන් මාර්ග හා බැඳීම අධ්‍යයනය මෙම නගර පද්ධතිය කෙරෙහි අවධානය යොමු කරයි. වෙන ආකාරයක නගර කිහිපයක් අතර ඇතිවන අන්තර් සම්බන්ධතා හා වෘත්තීන් වල රටා හා අත්‍යවශ්‍යයෙන්ම එම නගර වල අභ්‍යන්තර සැලැස්ම අධ්‍යයනයයි.මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ නගර පද්ධතියක් ලෙස සැලකීමෙනි.
කෙටියෙන් දැක්වුවොහත් ඉහත සඳහන් ආකාර දෙකම සම්බන්ධ කරගත්, නගරයේ පද්ධතියක් ලෙසත්, නගරය නගර පද්ධතියේ කොටසක් ලෙසත් අධ්‍යයනය නාගරික භූගේල විද්‍යාව ලෙස හැඳින්විය හැක.
පිහිටීම හා තත්වය
[සංස්කරණය]නගරයක පිහිටීම යන්නෙන් අර්ථ දක්වන්නේ නගරයේ පස,ජලසම්පාදනය හා පහසුකම් හෝ මෙම ජනාවාස පිහිටින ස්ථාන වලට සාපේක්ෂව නගරය ස්ථාපිත ස්ථානයයි. නාගරයක තත්වය ලෙස හඳුන්වන්නේ නගරය අවට පිහිටි පරිසරයයි. මෙයට අවට පිහිටි වෙනත් ජනාවාස,ගංගා,කදුවැටි හා සන්නිවේදන යන කරුණු ඇතුළත් වේ. නගරයත්,පිහිටන ස්ථානයන් සාමාන්‍යයෙන් තෝරාගන්නේ වැදගත් හේතු පදනම් කරගෙනයි. පිහිටි ස්ථානය අනුව ලැබෙන ප්‍රතිලාභ පහත පරිදි වේ. නගරයක් පිහිටන ස්ථානය අනුව ලැබෙන ප්‍රතිලාභ පහත පරිදි වේ.
· තෙත් බිම් - ජලය නාගරික ප්‍රදේශයකටනිරතුරුවම අත්‍යවශ්‍ය දෙයක් වන අතර ජලය ප්‍රවාහනයද අපහසු වේ. මෙම හේතුව නිසා බොහෝ නගර ගංඟාවන් ආශ්‍රිතව පිහිටා ඇත.
· වියළි බිම් - වියළි භූමියකින් , තෙත් භූමියක් ඇතිවන ගංගා පිටාර ගැළීම් හා වගුරු බිම් වලින් ආරක්ෂාව සැලසේ.
· ගොඩනැගිලි අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුව - ගල් දැව හා මැටි වැනි ගොඩනැගිලි ඉදි කිරීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝ දුර සිට ප්‍රවාහනය අපහසු වේ.
· උපායමය ආරක්ෂිත ස්ථානයක් වීම - ඉතිහාසයේදී බොහෝ නගර ගොඩනැගී තිබුණේ උස් බිම් මතය. මේවාට හේතුව ප්‍රහාර එල්ල කිරීමට ඇති අපහසුව හා අවට පරිසරය පිළිබඳ පහසුවෙන් නිරීක්ෂණයට ඇති හැකියාවයි. ගංඟාවන්,අගල් වශයෙන් ප්‍රයෝජනයට ගැණිනි.
· ඉන්ධන සැපයුම - බොහෝ නගර පළමුව ඇතිවූයේ පිළිස්සීමට හා ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය දැව ලබාගත හැකි වනාන්තර අසලය. වර්තමානයේ බොහෝ නගර ගල් අගුරු තෙල් හා වායු පතල් ආශ්‍රිතව පිහිටා ඇත.
· ආහාර සැපයුම - නගර ආශ්‍රිතව සත්ව පාලනයට හා වගා කටයුතු වලට සුදුසු බිම් පිහිටා තිබිය යුතුය.
· ප්‍රවාහනය මාර්ග වැටී ඇති ස්ථාන හා පාලම් - නගරයක් හරහා ගංඟා, මාර්ග හෝ දුම්රිය මාර්ග තිබීම ගමනාගමනයට හා වෙළඳාම සඳහා ප්‍රයෝජනවත් වේ.
· පාලම් ඉදිකිරීමට ගංඟාවක ඇති නොගැඹුරු ස්ථානයද ප්‍රයෝජනත් වේ.
· ආවාරණය හා බෑවුම - සුළං හැමීමෙන් ආරක්ෂාව සැළසෙන හා හිරුඑළිය උපරිමව ලැබෙන කඳු බෑවුමක නගරය ඉදිකිරීම යෝග්‍ය වේ.
නගර පද්ධතිය
[සංස්කරණය]ලෝකය සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතී. 1850 පෙර ලෝකයේ කිසිම රටක් කැපී පෙනෙන ලෙස නාගරීකරණය වී නොතිබුනි. නමුත් එම ශතවර්ෂය අවසානයේ මහා බ්‍රිතාන්‍ය පමණක් එම තත්වයට ළඟා වී තිබුණි. නාගරීකරණය යනු සමාජයක් ග්‍රාමීය තත්වයේ සිට කැපී පෙනෙන ලෙස නාගරික තත්වයට ළඟා වීමේ ක්‍රියාවලියයි. නගර සංඛ්‍යාව, ප්‍රමාණය හා එහි වැදගත්කම යන සාධක තුළින් ඇතිවන පරිසරයේ වෙනස්කම් වලින් නාගරීකරණය හඳුනාගත හැක. තවද නාගරීකරණ ක්‍රියාවලිය ආර්ථික ජනපදකරණය හා තදින් බැඳී පවතී.
නාගරීකරණය යනු නගර සංඛ්‍යාවේ වර්ධනය පමණක් නොවේ. එහි ආර්ථික, සමාජීය හා දේශපාලන චින්තනයේ සංකීර්ණ වෙනසකි. නගරයේ වර්ධනයත් සමඟ විස්තෘත නගර වැනි නව සංකල්ප හා විග්‍රහයන් සංගණනය කාර්යය සඳහා හඳුන්වා දී ඇත. දේශපාලනික මිනුමක් වන නගර සංකල්පයට වඩා ජනගහනය පිළිබඳ පැහැදිලි අදහසක් ලබාදෙන්නේ පහත සංකල්ප මතය. එනම් අවම ජන සංඛ්‍යාව හා ජනඝනත්වයද, ගොඩනංවල ලද ප්‍රාදේශිය ස්වභාවයද පදනම් කරගත් නාගරික ප්‍රදේශ සංකල්පයද යන කාරනා මතය. නාගරික ජන සංඛ්‍යාවද හා එහාමේහා ගමන් කිරීමේ රටාව මත පදනම් වු අගනගර ප්‍රදේශ සංකල්පයද, සාපේක්ෂව අඩු නාගරික ජන සංඛ්‍යාවක් වසන, හොඳ ප්‍රවාහන පහසුකම් සහිත වඩාත් පුළුල් ආර්ථික, සමාජීය හා විනෝදාත්මක අවස්ථා ඇති ප්‍රදේශයක් ලෙස නාගරික ප්‍රදේශය අර්ථ දැක්විය හැක. එය වැඩි අවධානය ලක් වු සංකල්පයකි. සෑම නාගරික ප්‍රදේශයක්ම පවතින්නේ ජනගහනය අවම වශයෙන් 200,000 - 300,000 පමණ වු ප්‍රධාන නගරයක් කෙන්ද්‍ර කොටගෙනය. එමෙන්ම එම නගරයේ බලපෑම යම්තාක් දුරට යටත්ව පවතින පිටත සීමාව ආකාර 2 කින් දැක්විය හැක.
(1) නගරය තුළට හා පිටතට සංක්‍රමණය වීම සඳහා මිනිසුන් ගත කිරීමට බලාපොරොත්තු වන උපරිම කාලය හෝ දුර |
(2) බහුතරයක් සතිය මැදදී හෝ සති අන්තයේදී විනෝදාත්මක කටයුතු සඳහා චාරිකා කිරීමට බලාපොරොත්තු වන දුර හෝ කාලය. |