නව සීලන්ත රග්බි කන්ඩායම

විකිපීඩියා වෙතින්

නව සිලන්තයේ ජාතික ක්‍රීඩාව වන රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ නියෝජනය කරන්නේ නව සිලන්ත ජාතික රග්බි කණ්ඩායමයි.ඔවුන් සම්පුර්ණයෙන්ම කළු පැහැති ඇඳුමකින් සැරසී තරඟ වදින නිසා "සියල්ල කළු" යනුවෙන් සුරතල් නාමයකින් ද ඔවුන්ව ලොව පුරා හඳුන්වයි.දැනට රග්බි ලෝක කුසලානය ඔවුන් සතු වන අතර 2013 වසරේ ලෝක රග්බි ශ්‍රේණි ගතකිරීම් වල පළමු ස්ථානය දිනාගත්තේ ද ඔවුන් ය.එම ශ්‍රේණි ගතකිරීම් වලම 2013 වසරේ ලොව හොඳම රග්බි ක්‍රිඩකයා බවට පත්වු කිරන් රීඩ් නව සිලන්ත ජාතික රග්බි කණ්ඩායමේ උප නායකයා වන අතර මෙම කණ්ඩායමේ පුහුණුකරු වන ස්ටීව් හැන්සන් එහි හොඳම පුහුණුකරු ලෙස සම්මාන දිනාගත්හ.රිචි මැකොව් විසින් නායකත්වය දරන නව සිලන්ත ජාතික රග්බි කණ්ඩායම 2013 වසරේදී ලෝක වාර්තාවක් තබමින් තරඟ කරන ලද 76% ප්‍රමාණයක ටෙස්ට් තරඟ ජයග්‍රහණය කරන ලදී. ජාත්‍යන්තර තලයේ තමන් තරඟ කරන සියලුම ටෙස්ට් කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණය කර ඇති එකම කණ්ඩායම මොවුන් වන අතර 1903 පළමු තරගයෙන් පසුව ටෙස්ට් තරඟ වලදී නව සිලන්තය පරාජය කිරීමට සමත්ව ඇත්තේ වෙනත් රටවල් පහක් පමණි.

ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමග වාර්ෂිකව