නව නළු රස

විකිපීඩියා වෙතින්

හාස්‍ය රසය[සංස්කරණය]

හාස්‍ය යනු සිනහවයි. සිනා රසය ගෙන දෙන විහිළු ආදියෙන් සිතෙහි ප්‍රබෝධයක් ඇති කිරීම මෙය වේ.

වීර රසය[සංස්කරණය]

එලැඹි සෑම කටයුත්තකදීම නොබියව ජය ලබන අදහසින් ඉදිරිපත් වන්නා වීරයා වශයෙන් සැලකේ. එවැනි වීර අදහස් නිරූපනය කිරීමට වීර හැඟුම් ඇතිකරලීමට ඉවහල් වූ කාව්‍යය වීර රසයෙන් යුක්ත වේ.

කරුණා රසය[සංස්කරණය]

කරුණාව සහ දයාවයි. අන්‍යන්කෙරෙහි දයාව පැතිරවීමක් නොව, තමන්ට සිදු වූ යම් හේතූන් නිසා තමා අනුන්ගේ දයාවට භාජනය වන අයුරු කරුණු ඇතුලත් වීම.

ශෘංගාර රසය[සංස්කරණය]

තමා ඉතා ප්‍රිය කරන වස්තූන් කෙරෙහි සිත තුල ඇති වන ආශාව පංච කාම සම්පත්තිය පිළිබද වර්ණනාව ශෘගාරයයි . (ඇතැම් අවස්ථාවල) සාමාන්‍යයෙන් සලකන විට මෙය අසැබ් කථාවක් මෙන් වැටහේ. ප්‍රේමාන්විත කවි වල බොහෝ විට දක්නට ලැබේ

බීබත්‍ස්‍ය රසය[සංස්කරණය]

සිතේ පිලිකුල ඇති වන සේ අදහස් දැක්වීමයි.

ශාන්ත රසය[සංස්කරණය]

සිතේ ශාන්ත බවක් ඇති කරන අදහස් පහළ වීම ශාන්ත රසයයි.

භයානක රසය[සංස්කරණය]

බිය එලවන සුලු අදහස් දැක්වීම. සතුරාගේ භයානක ග්‍රහනයට අසු වූ වනිතාවකගේ අධික බිය වැනීම භයානක රසයයි.

අත්භූත රසය[සංස්කරණය]

පෙර නොවූ විරූ දැකීමෙන් හෝ ඇසීමෙන් සිතේ ඇති වන ආශ්චර්ය වේ. එවැනි අවස්ථාවක් වර්ණනා කරන කාව්‍ය මෙම නමින් හැඳින්වේ.

රෞද්‍ර රසය[සංස්කරණය]

සිතේ ඇති වන ක්‍රෝධයත් අනෙකාගේ ක්‍රියා කලාපය පිළිබද සිතේ ඇති වන තරහවත් කාව්‍යයේ ලා වර්ණනා කල විට එය රෞද්‍ර රසයෙන් යුක්ත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නව_නළු_රස&oldid=561629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි