නව තෙස්තමේන්තුව - නව ගිවිසුම

විකිපීඩියා වෙතින්

නව ගිවිසුම කතෘන් කිහිපදෙනෙක් විසින් ලියන ලද නිර්මාණ කීපයක එකතුවකි. සංස්කෘතික මතය අනුව මේවා සියල්ල අපෝස්තුළුවරුන් විසින් ලියන ලද්දකි. කෙසේ ‍වුවත් නව යුගයේ දී ඵෙතිහාසික සෙවීම් හා විරුද්ධවාදී පාඨ වල ඉහළ යෑමත් සමඟ මෙම පැවතීම් සමහරු ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙහිලා වැදගත් වන නූතන අදහස් තවමත් සාකච්ඡා කරනු ලැබේ.

පාවුළුගේ සන්දේශ හත බොහෝ ශාස්ත්‍රඥයින් විසින් සත්‍ය බව පිළිගැනේ. (රෝම, 1 කොරින්ති, 2 නොරින්ති, ගලානි, පිලිප්, 1 තෙසලෝනි සහ Philemon). ක්‍රිස්තියානු ශාස්ත්‍රවරයෝ සංස්කෘතික පැවතීම් පිළිගත් නමුත් නිදහස් මත දරන ශාස්ත්‍රවන්තයෝ පාවුළුගේ කර්තෘත්වය ගැන ප්‍රශ්න නඟයි. කෙසේ වුවත් හෙබ්රව් යනු පාවුළු විසින් නොලියන ලද්දක් බවට ශාස්ත්‍රවන්තයෝ කියති. හෙබිරම්ගේ කර්තෘත්වය ගැන ද ප්‍රශ්න නැගේ. බර්නබස් හෝ සිලාස් හෝ ලුක් වැන් පාවුළු‍ගේ හෝ ලඟින් ආශ්‍රය කළවුන් විසින් හෙබ්රව් රචනා කළ බවට ඉතිහාසඥයෝ උපකල්පනය කරති.

පාවුළුගේ නොවන ග්‍රන්ථ වල කර්තෘත්වය පිළිබඳව නූතන යුගවලදී තර්ක කෙරේ. මෙම පැවතීම් ක්‍රිස්තියානි නොවන උගතුන් අතර ධ්රූවනය වේ. බහුතරයක් ජනතාවගේ මතයන් ද ඉන් අපහැදිලි වේ.

මතෙව් ලුක් හා මාක්‍ගේ ශුභාරංචියේ synopitic gospels එකිනෙකට සබැදිය. දේව ධාර්මික ‍නොවන ශාස්ත්‍රවන්තයින්ගේ ප්‍රධානතම මතය වන්නේ (Two source Hypothesis) මතෙව් හා ලූක් මාක් ශුභාරංචියෙන් පැවත ආ බවටත් තවද ‍පොදු මුලාශ්‍රයක් වන Q මුලාශ්‍රය ද පැවතී ආ බවක් ගැනද මෙම කල්පිතයේ කියැවේ.

(Q - quelle : මුලාශ්‍රයට ජර්මන් භාෂාවෙන් කියන වචනය) Q පිළිබඳ නැවත අර්ථ කථනය කොට ඉදිරිපත් කිරීමේ කල්පිතයට ශාස්ත්‍රවන්තයින් විරුද්ධ වේ. බොහෝ වෘත්තීය Q ශාස්ත්‍රවන්තයෝ මෙය තනි ලියවිල්ලක් බව විශ්වාස කරති. ‍තව ස්වල්ප දෙනෙක් Q ලියවිලි කීපයක එකතුවක් බව ප්‍රකාශ කරති. සංස්කෘතික මත අනුව මතෙව් මෙය පළමු ලියුමක් බවටත්, එයින් මාක් හා ලූක් පැවතෙන බවටත් උපකල්පනය කෙරේ. කොජටික්වරුන්ගේ ග්‍රන්ථ 52 ක් ඇතුළු මෙම ලියවිලි එකතුව තෝමස් ෆිලිප් ජාකොබ් ජොහාන් හා අනෙක් අයගේ ශුභාරංචි වලද අඩංගු වේ. මොවුන් මෙහිදී පිටපත් ඉදිරිපත් කෙරේ. මුල් ආකෘතින් සොයා නොගැනීම නිසා වියතුන් එහි දිනගත කිරීම් පිළිබඳ විවාද කරති. ලෝකයේ විශ්වාසනීය ප්‍රකාශ කෘතීන් පිළිබඳව ප්‍රකාශ කරන්නේ පාවුළුගේ සන්දේශය ඔස්සේයි. අනෙක් ඉතිරි ග්‍රන්ථ සංස්කෘතික මතය ලෙසින් හා නිර්මාණමික ලෙසින් සලකනු ලැබේ.