නව කොරෝනා වෛරසය

විකිපීඩියා වෙතින්

පසුගිය දා චීනයේ සිට එක්සත් ජනපදය ඇතුළු රටවල් 12 ක පමණ ප්‍රදේශයක ශ්වසන වෛරස ව්‍යාප්ත විය. ඒ පිළිබඳ ඔබට දැන ගැනීමට අවශ්‍ය කරුණු පහතින් දැක්වේ. චීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව මේ වන විට නව කොරෝනා වෛරසයක් නිසා ජාත්‍යන්තර වශයෙන් පැතිර ගිය ශ්වසන රෝගයක් හේතු කොටගෙන 132 කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර 6000 කට ආසන්න ප්‍රමාණයක් රෝගාතුර වී සිටිති. වාර්තා වන අන්දමට මෙම වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙන්නේ චීනයේ වූහාන් නුවර පිහිටි කුකුළු වර්ග, මුහුදු ආහාර සහ වන සතුන් විකුණනු ලබන වෙළඳසැලකිනි. ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය, ඔ්ස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල්12 කට අධික ප්‍රමාණයක මෙම වෛරසය ව්‍යාප්ත වී ඇත. ඇමෙරිකානු ජනපද කිහිපයක සහ අනෙකුත් රාජ්‍ය කිහිපයක නිරීක්ෂකයෝ මෙම උද්ගත වී ඇති තත්ත්වයට හේතු සාධක වූ කරුණු අධ්‍යනය කරමින් සිටිති. වූහාන් නගරය තුළ හා එම වෛරසය නිසා පීඩාවට පත් වී ඇති අනෙකුත් නගරවල ප්‍රවාහන සබඳතා සහ සියළු පාසල් වසා දැමීමට බලධාරින් විසින් කටයුතු කර ඇත. තව ද ප්‍රධාන විචිත්‍රාංග, සැණකෙළි සහ සිනමා ශාලා වසා දැමුණු අතර චීනයේ සිට අනෙකුත් රටවල් දක්වා හඳුන්වා දී ඇති සංචාරක පැකේජ ද අත්හිටුවා ඇත. අත්‍යවශ්‍ය කරුණක් හැරුණු කොට වූහාන් නගරය තුළත් චීනයේ අනෙකුත් නගරවලත් සංචාරය නො කරන ලෙස ‌ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරින් විසින් ඇමෙරිකානු ජනතාවට දන්වා ඇත. දැනට පවතින අඩු ඉල්ලුම හේතුකොට ගෙන ඇතැම් ගුවන් සමාගම් විසින් චීනය වෙත ඒමට නියමිතව තිබූ ගුවන් ගමන් ද අවලංගු කර ඇ.ත. මෙම වෛරසය වැළඳුනු 5 දෙනෙකු ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හඳුනා ගැනේ. ඒ අතර වොශින්ටන් නුවර, චිකාගෝ නුවර, සහ ඇරිසෝනා ප්‍රාන්තයේ එක් අයෙකු බැගින් ද, කැලිෆෝනියා හි දෙදෙනෙකු බැගින් ද වේ.මෙම සියළු රෝගීන් පසුගිය දිනවල චීනයේ සංචාරයේ නිරත වූ පුද්ගලයින්‌ වේ. මේ වන විට ඇමෙරිකාවේ පුද්ගලයින් සියයකට අධික ප්‍රමාණයක් වෛද්‍ය පරීක්ෂණවලට ලක් වෙමින් සිටිති. කෙසේ වුව ද, මෙම වෛරසය ව්‍යාප්ත වන ආකාරය සහ පුද්ගලයෙකු මරණයටපත් කිරීමට තරම් එමඟින් ඇතිවන බලපෑම කොපමණ ද යන්න තවමත් කිසිවෙකුත් නොදනී. මේ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී මතුවන ප්‍රධාන ගැටළුවක් නම් එම රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් නො කරන පුද්ගලයින් මඟින් මෙම වෛරසය පැතිර යාමට හැකියාවක් ඇත් ද යන වගයි. එය එසේ නම් චීනයේ බලධාරීන් පවසන අන්දමට මෙම වෛරසය පැතිර යාම මැඩ පැවැත්වීම අපහසු වේ.

කොරෝනා වෛරසය යනු කුමක් ද?[සංස්කරණය]

සූර්යයාගේ කොරෝනාවලට සමාන ව සෛල පටකවලින් ඉදිරියට නෙරා එන උල සහිත හැඩය හේතුවෙන් මෙම වෛරසයට කොරෝනා යන නම ලැබී ඇත. මෙම වෛරසය මිනිසුන්ට මෙන් ම සතුන්ට ද වැළඳීමේ අවධානම ඇති අතර එම රෝගය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක සිට ඉතා භයානක උග්‍ර රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධනමක් ඇත. 2003 වසරේ දී මෙම වෛරසය ව්‍යාප්ත වීමේ දී මිනිස්සු දහස් ගණනක් මෙම රෝගයට ගොදුරු වූ අතර 800 ක‌ට ආසන්න පිරිසක් මිය ගියහ.කොරෝනා වෛරසය කෙතරම් භයානක ද? ලොව පුරා සෞඛ්‍ය නිලධාරීන් ව මෙම වෛරස් තත්ත්වය පිළිබඳ දැනුවත් කරනු ලැබුව ද එය කෙතරම් මාරාන්තික ද යන වග තක්සේරු කිරීම අපහසු කාර්යයකි. පසුගිය බ්‍රහස්පතින් දා දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ලෝක සෞඛ්‍ය පිළිබඳ ව හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නව ආසාදිත තත්ත්වයන් පිළිබඳ දැනුවත් වූ විට අපි මුලින් ම එහි වඩාත් බරපතල තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරන්නෙමු. ඖෂධ සහ බෝ නො වන රෝග වැළැක්වීම පිළිබඳ මහාචාර්ය විලියම් ෂැෆ්නර් ප්‍රකාශ කළ සිටියේ ය. මේ සම්බන්ධ ව පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යාමේ දී අපට දැන ගැනීමට හැකි වුයේ මෙම රෝගය ආසාදිත පුද්ගලයින් ගණන අඩු සංඛ්‍යාවක් බවත් එම රෝගය ආසාදනයට ලක් වූ ඇතැම් පුද්ගලයින් සිටිය ද ඔවුන් කිසිදු රෝගී තත්වයක් පෙන්නුම් නො කරන බවත් ය. සාමාන්‍යයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරස් ආසාදන හේතුවෙන් වසරකට රෝගීන් 200,000ක පමණ පිරිසක් රෝහල් ගත කරන අතර 35,000 ක පමණ පිරිසක් මරණයට පත් වේ. ඇතැම් විද්‍යාඥයින් පවසන අන්දමට නව කොරෝනා වෛරසයේ බලපෑම SARS සහ MERS වැනි අනෙකුත් කොරෝනා වෛරස තරම් බරපතල නොවේ. චීන බලධාරින් සතුව මෙම වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ විනිවිදභාවයකින් යුත් වාර්තා ඇත් ද යන වග අපැහිදිලි කරුණකි. ඇමෙරිකාවෙහි ආසාදිත රෝග සංවිධානයේ මහජන සෞඛ්‍ය කමිටු සභාපතිනිය වන ආචාර්ය ජූලි වයිශාම්පායන් ප්‍රකාශ කළ සිටියේ ඔවුන්ට වාර්තා වන තොරතුරු නිරන්තරයෙන් වෙනස් වන බවත් නව කොරෝනා වෛරසයක් මතු වූ විට ඒ පිළිබඳ නිසි තොරතුරු අධ්‍යනය කිරීමට සැළකිය යුතු කාලයක් ගත වන බවත් ය.

එය ව්‍යාප්ත වන ආකාරය[සංස්කරණය]

එම වෛරසය ව්‍යාප්ත වන ආකාරය විද්‍යාඥයින් තවමත් සොයාගෙන නොමැති නමුත් එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමේ අවධානමක් ඇත. කෙසේ වුව ද එම වෛරසය සතුන්ගෙන් ව්‍යාප්ත වේ නම් එම තත්ත්වය වඩා අනතුරුදායක වනු ඇත. ඉන්ෆලුවෙන්සා සහ අනෙකුත් වෛරස වල දී මෙන් ම මෙය බොහෝ විට කැස්ස සහ කිවිසුම් මඟින් සම්ප්ප්‍රේෂණය වේ. රෝග පාලනය කිරීමේ සහ වැළැක්වීමේ චීන මධ්‍යස්ථානය විසින් වූහාන් ප්‍රාන්තයේ එවැනි ගැටළු 198 ක් අධ්‍යනය කරන ලදී. එම වෛරසය ව්‍යාප්ත වූවා යැයි සැළකෙන මාංශ වෙළඳසැලට නිරාවරණය වූ පුද්ගලයින්ගේ අනුපාතය 22% ක් වන අතර 32% ක පමණ පිරිසක් උණ සහ ශ්වසන රෝග වැළඳී සිටි පුද්ගලයින් සමඟ සමීප සබඳතා පවත්වා ඇත. තව ද සෞඛ්‍ය අංශවල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වී සිටින සේවකයින් 16 දෙනෙකුට මෙය ආසාදනය වී ඇත. මේ වන විට කොපමණ පිරිසක් මෙම වෛරසයේ ආසාදිතයින් බවට පත් වී ඇත් ද? මරණයට පත් වී ඇත් ද?වාර්තා වන අන්දමට 1300ක පමණ පිරිසක් ආසාදනයට ලක් වී ඇති අතර 41 ක පමණ පිරිසක් මරණයට පක් වී ඇත. ඒ අතර වැඩි පිරිසක් මිලියන 11ක් පමණ වාසය මධ්‍යම චීනයේ වූහාන් ප්‍රාන්තයේ පුද්ගලයෝ සහ පසුගිය දින වල දී එහි සංචාරයෙහි නිරත වූ පුද්ගලයෝ ය.

ඒ සඳහා ඇති ප්‍රතිකාර[සංස්කරණය]

මෙම නව කොරෝනා වෛරසය සඳහා කිසිඳු ඖෂධයක් ප්‍රතිචාර නොදක්ව යි. ඒ සඳහා ඇති ප්‍රධාන ප්‍රතිකර්මය නම් එම ආසාදිතයන් රැක බලා ගැනීම යි. එනම් ඔවුන් ප්‍රමාණවත් ඔක්සිජන් ලබා ගන්නවා ද සහ පෙණහලුවලට පිරිසිදු වාතය ගමන් කිරීම සඳහා නිසි සංවාතක භාවිත කරනවා ද යන්න පිළිබඳව අවධානයෙන් සිටීම යි. ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් ම වෛරසය මර්ධනය කරන තෙක් එම රෝගීන් සැම විට ම විවේක ගත යුතු අතර නිතර දියර වර්ග පානය කළ යුතු ය.

වෛරසය ව්‍යාප්ත වීමේ මූලික ප්‍රභවය[සංස්කරණය]

මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ප්‍රභවය සතුන් ලෙස සැළකුව ද කුමන ආකාරයේ සතුන් මඟින් එය ව්‍යාප්ත වේ ද යන්න ගැටළුවකි. SARS වැනි මෙවැනි ගණයේ අනෙකුත් රෝග ද මාංශ වෙළඳසැල්වලින් ව්‍යාප්ත වූවා යැයි සැළකේ. මැද පෙරදිග ව්‍යාප්ත වන තවත් කොරෝනා වෛරසයක වන MRES වෛරසය ද ව්‍යාප්ත වන්නේ ඔටුවන්ගෙනි. නමුත් එම වෛරසය මුලින් ම ආසාදනයට ලක් වූ පුද්ගලයින් හට එම වෛරසය සම්ප්‍රේෂණය වූයේ වෙළඳසැලකින් යැයි සිතුව ද, දීන බලධාරින් පවසන අන්දමට මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි රෝග තත්ත්වයකි. රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මේ වන විට මෙම රෝගයට ගොදුරු වී සිටිති. එම නිසා වෛරසය පාලනය කිරීම අපහසු වී ඇත.

සෞඛ්‍ය බලධාරින් විසින් මෙම වෛරසය පාලනය කරන්නේ කෙසේ ද?[සංස්කරණය]

බ්‍රහස්පතින්දා දින වූහාන් නගරය වසා දැමීමට චීන බලධාරිහු පියවර ගෙන ඇත. එහි දී චීනයේ සිට පිටත් වන සියලු ගුවන් ගමන් සහ දුම්රිය වාර අවලංගු කරන ලදී. එම නගරය තුළ ද, බස් රථ ධාවන, උමං මාර්ග සේවා සහ තොටුපල සේවා අත්හිටුවන ලදී. තවද වූහාන් නගරයේ සිට සැතපුම් 30 ක් නැගෙනහිර දෙසින් පිහිටා ඇති හුවන් ගන්ග් නගරය ඇතුළු ආසන්න නගර කිහිපයක ප්‍රවාහන කටයුත් අවහිර කිරීමට නියමිත ය. ඒජෝවු නගරයට ආසන්න නගරයේ දුම්රිය ස්ථාන සහ චර්බි සහ ජර්ජියෑන් වැනි කුඩා නගරවල ප්‍රවාහන කටයුතු සීමා කර ඇත. වූහාන් හි විශාල මහජන රැස්වීම් සහ ප්‍රසංග තහනම් කර ඇති අතර එම වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා මුහුණු ආවරන පළඳින ලෙස චීන බලධාරින් එහි මහජනතාවට දන්වා ඇත. තව ද චීනයේ ප්‍රදේශ ගණනාවක ම චිත්‍රපට ශාලා වසා දමනු ලැබී ය. ඇමෙරිකානු සෞඛ්‍ය නිලධාරිහු මෙම රෝග තත්ත්වය පාලනය කිරිම සඳහා ලෝක සෞඛ්‍ය දෙපාර්තමේන්තු සමඟ ඉතා සමීපව කටයුතු කරති. හදිසි ප්‍රතිචාර පද්ධති ක්‍රියාත්මක කළ රෝග පාලනය කිරීමේ සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් වූහාන් සිට පැමි‌ණෙන මගීන්ගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා සේවකයින් යොමුකර ඇති අතර 2019-nCov නමින් හඳුන්වනු ලබන මෙම වෛරසය සඳහා රෝග විනිශ්චය පරීක්ෂණයක් ද හඳුන්වා දී ඇත. තව ද උණ සහ ශ්වසන රෝග වැළඳී සිටින පුද්ගලයින් රෝහල්වලට ඇතුළත් වීමේ දී මෑත කාලයේ දී වූහාන් නගරයේ සංචාරයෙහි නිරත වී ඇත් ද යන්න සහ එම නගරයේ සංචාරය කළ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූයේ ද යන වග විමසන ලෙස රෝග පාලනය කිරීමේ සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් රට පුරා රෝහල්වලට උපදෙස් ලබා දී ඇත. තව ද ඔවුහු චිකාගෝ සහ වොශින්ටන් නගරවල පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහාත් එම රෝගය ආසාධිත පුද්ගලයින් සමඟ සම්බන්ධ වූ අය ග්‍රහණය කර ගැනීමටත් අවශ්‍ය සහය ලබා දෙමින් සිටිති.

"https://si.wikipedia.org/w/index.php?title=නව_කොරෝනා_වෛරසය&oldid=452487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි