නවක වදය වළක්වාලීමේ විශ්වවිද්‍යාල පනත

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. .

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

නවක වදය වළක්වාලීමේ විශ්වවිද්‍යාල පනත 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතන වල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ලෙසද හඳුන්වනු ලැබේ.

පනතෙහි අන්තර්ගතය[සංස්කරණය]

  • අධ්‍යාපන ආයතනයක් තුලදී හෝ පිටතදී හෝ නවක වදය සිදුකරන හෝ ඊට සහභාගී වන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර දෙකක් නොඉක්මවන කාලයක් සඳහා අධිකරණය මගින් නියම කරන මුදලකින් වන්දි ගෙවන ලෙසට ඔහු වෙත ආඥා කල හැකිවේ.
  • අධ්‍යාපන ආයතනයක සිසුවෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ නවක වදය සිදුකරන අතරවාරයේ, එම සිසුවාට හෝ සාමාජිකයාට ලිංගික අතවරයක් හෝ බරපතල තුවාලයක් සිදුකරන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු වෙයි. වින්දිතයාට සිදුවූ හානිය වෙනුවෙන් අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දි ගෙවන ලෙසට ඔහු වෙත ආඥා කල හැකිවේ.

සාපරාධී භිය ගැන්වීම[සංස්කරණය]

  • මෙම වගන්තිය යටතේ තර්ජිත පුද්ගලයා ලෙස හඳුන්වන, අධ්‍යාපන ආයතනයක සිසුවෙකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු තුල බිය ඇති කිරීමේ චේතනාව සහිතව හෝ නීතියෙන් නියම කොට නොමැති ක්‍රියාවක් කරන ලෙස හෝ තර්ජිත පුද්ගලයාට අයිතිය ඇති යම් ක්‍රියාවක් නොකරන ලෙස හෝ ඔහුට බල කිරීමේ චේතනාව සහිතව, අධ්‍යාපන ආයතනය තුලදී හෝ පිටතදී ඔහුගේ හෝ ඔහුට සම්බන්ධයක් ඇති වෙනත් අයෙකුගේ ශරීරයට, කීර්තියට, දේපළට හානි සිදු කරන බවට වාචිකව හෝ ලිඛිතව තර්ජනය කරන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු වෙයි.

නිදහස අවහිර කිරීම[සංස්කරණය]

  • අධ්‍යාපන ආයතනයක් තුලදී හෝ ආයතනයේ පාලනය පැතිර පවතින පරිශ්‍රයක් තුල නීත්‍යානුකූල හා යුක්ති සහගත නොවන යම් විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීමට, එම අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට බල කිරීමේ ක්‍රියාව සඳහාද, තර්ජිත පුද්ගලයින්ගේ හෝ වෙනත් පුද්ගලයාගේ පුද්ගලික නිදහස සහ ගමන් බිමන් නිදහස අවහිර කරන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු වෙයි.

අයුතු අවහිර කිරීම[සංස්කරණය]

  • අධ්‍යාපන ආයතනයක සිසුවෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ ගමන් කිරීමට අයිතිවාසිකමක් ඇති පැත්තකට යාම වළක්වන අයුරින් ඔවුන්ට නීති විරෝධී ලෙස බාධා කරන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු වෙයි.
  • අධ්‍යාපන ආයතනයක සිසුවෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ ඇතැම් පරිමිත සේවාවන්ගෙන් ඔබ්බට යාම වළක්වන අයුරින් නීති විරෝධී ලෙස අවහිර කරන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු වෙයි.
    • අධ්‍යාපන ආයතනයක් තුල හෝ ආයතනයේ පාලනය පැතිර පවතින පරිශ්‍රයක් තුල නීත්‍යානුකූල හේතුවක් නොමැතිව බලහත්කාරයෙන් පදිංචි වන්නා වූ යම් තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු වෙයි.
    • අධ්‍යාපන ආයතනයක් තුල හෝ ආයතනයේ පාලනය පැතිර පවතින පරිශ්‍රයක් තුල පවතින්නා වූ යම් දේපලක් සම්බන්ධව අනර්ථය සිදු කරන යම් තැනැත්තෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවෙකු වූ විට, වසර විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට හා රුපියල් පන්දහසක් හෝ එම දේපල සම්බන්ධව සිදුකරන ලද අලාභ හානියේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් යන මේ දෙකෙන් වඩා වැඩි ප්‍රමාණයේ දඩයකට ඔහු යටත් විය යුතු වෙයි.

නෙරපා දැමීමේ ආඥා[සංස්කරණය]

  • මෙම පනත යටතේ කරනු ලැබූ වරදක් සම්බන්ධයෙන් තැනැත්තෙකු වරදකරුවෙකු වූ විට, අධිකරණය විසින් වරදෙහි බරපතළ භාවය සැළකිල්ලට ගෙන,
    • වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක සිසුවෙකු වන විටෙක, ඔහුව එම ආයතනයෙන් නෙරපා හරින ලෙසට ආඥා කල හැකි වේ.
    • වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන විටෙක, ඔහුව එම ආයතනයෙන් නෙරපා හරින ලෙසට ආඥා කල හැකි වේ.

ඇප හිමිවීම[සංස්කරණය]

    • මෙම පනතෙහි 2 වන වගන්තියේ (2) උප වගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලැබූ හෝ චෝදනාවට ලක්වූ තැනැත්තෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද මහාධිකරණයක විනිශ්චයකාරවරයා විසින් හැර, ඇප පිට මුදා නොහැරිය යුතුය. ඇප ලබා දීමෙහිලා ස්වකීය අභිමතය ක්‍රියාත්මක කිරීමට, එම විනිශ්චයකරු විසින් 1997 අංක 30 දරණ ඇප පනතේ 14 වන වගන්තියේ විධිවිධාන කෙරේ සැළකිල්ලක් දැක්විය යුතු වෙයි.
    • මෙම පනතෙහි 2 වන වගන්තියේ (2) උප වගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදකට වරදකරු වූ තැනැත්තෙකු වෙනුවෙන්, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, එම තැනැත්තා වරදකරු බවට තීරණය කල අධිකරණය විසින්, වරදෙහි බරපතල කම හා එම තැනැත්තාගේ පූර්ව ක්‍රියාකාරීත්වය සැළකිල්ලට ගෙන ඔහුව ඇප මත මුදා හැරිය හැකි වෙයි. නැතහොත් මුදා හැරීම ප්‍රතික්ෂේප කල හැකිවේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඇතැම් විධිවිධාන මේ සඳහා අදාල නොවීම[සංස්කරණය]

  • 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ කුමක් සඳහන් වේද, මෙම පනතෙහි 2 වන වගන්තියේ (2) උප වගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේ-
    • වරදකරු කරනු ලැබූ තැනැත්තෙකු සම්බන්ධයෙන්, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 303 වන වගන්තියේ විධි විධාන අදාළ නොවිය යුතු වේ.
    • වරදකරු බව පිළිගන්නා හෝ වරදකරු බවට තීරණය කරනු ලැබූ හෝ තැනැත්තෙකු සම්බන්ධයෙන්, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 306 වන වගන්තියේ විධි විධාන අදාළ නොවිය යුතු වේ.
  • 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ පළමු උප ලේඛනයේ කුමක් සඳහන් වේද, එම පනතේ විධි විධාන අදාල කිරීමේ කාර්යය සඳහා මෙම පනත යටතේ වූ සියළු වැරදි, වැරදි වශයෙන් සළකනු ලැබිය යුතු වේ.
  • මෙම
    • මෙම පනත යටතෙහි වූ වරදක් සම්බන්ධව නඩු විභාගයක් අතරතුර, වරද සම්බන්ධව පවත්වනු ලැබූ යම් විමර්ශනයකදී යම් සාක්ෂිකරුවෙකු, ඔහු විසින් කරනු ලැබූ ප්‍රකාශයක් එහි වූ වැදගත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශිතවම හෝ අවශ්‍ය ව්‍යංගයෙන් ප්‍රතිශේධ කර ගත හොත්, ප්‍රකාශය කරන ලද්දේ යම් අවස්ථාගත කරුණු යටතේද, එම කරුණු පිළිබඳව නිවැරදිව කරන ලද පරික්ෂණයකින් පසුව, ආරක්ෂාව සහිත යැයි හා සාධාරණ සහිත යැයිද නඩුව විභාග කරන මහේස්ත්‍රාත්වරයා විසින් සළකන්නේනම්, මහේස්ත්‍රාත්වරයා විසින්,
      • සාක්ෂිකරු විමර්ශනයේදී කල ප්‍රකාශයේ වැදගත් කරුණු, ස්වාධීන ප්‍රභවයකින් ලැබුණු සාක්ෂි වලින් තහවුරු වන්නේ නම් එම ප්‍රකාශය අනූව ක්‍රියා කිරීම සහ,
      • එම නඩු විභාගය අවසන් වූ පසු, අධීකරණයට සිතා මතා බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව එම සාක්ෂිකරු එම අධිකරණයම ඉදිරියේ චෝදනාවක් මත නඩු විභාග කිරීම නීත්‍යානුකූල වෙයි.
    • චූදිතයා විසින් කරන ලද චෝදනාවෙහි වූ ප්‍රතිශේධ, චූදිතයා විසින් කරන ලදැයි ඔප්පු කිරීම, (1) වන උප වගන්තියේ (ආ) ජේදය යටතේ පැවැත්වෙන නඩු විභාගයකදී ප්‍රමාණවත් වන අතර, අසත්‍ය ප්‍රකාශය එම ප්‍රකාශ වලින් කවරක්ද යන්න ඔප්පු කිරීම අවශ්‍ය නොවේ.

දණ්ඩ නීති සංග්‍රහයේ විධි විධාන වලට අතිරේකව යෙදීම[සංස්කරණය]

පනත යටතේ වූ නඩු විභාග සහ අභියාචනා සඳහා ප්‍රමුඛතාව[සංස්කරණය]

සිංහල භාෂාව බල පැවැත්වීම[සංස්කරණය]

  • මෙම පනතෙහි සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් නොගැලපීමක් ඇතිවුවහොත් සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතුවේ.

අර්ථ නිරූපණ[සංස්කරණය]