කළුතර දිස්ත්‍රික්කයේ පානදුරේ ප්‍රදේශයේ නල්ලූරුව ග්‍රාමය පෘතුගීසි යුගයටත් පෙරකාලයට දිවෙන ඉතිහාසයක් සහිත ග්‍රාමයකි. යාපනය පාලනය කළ දමිළ රාජවංශය ගම්පල යුගය වන විට පානදුරේ දක්වාම බලය අල්ලාගෙන පාලනය කළ බව සඳහන් වෙයි. පානදුරේ බලය අල්ලා ගනිමින් දකුණු ප්‍රදේශවලට කඩාවදිනා දමිලයන් පානදුරේ පටිටිය අසල ප්‍රදේශයකදී නවතාලූ බවට වස්කඩුබද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වෙයි. එම ප්‍රදේශයේ කඳවුරු බැඳගත් දමිලයන් තවදුරටත් දකුණු දිග ප්‍රදේශවලට ආක්‍රමණයන් සිදුකළේ නැත. රයිගම ප්‍රදේශයේ විසූ පාලකයන් විසින් එවන ලද දමිලයන් පරාජය කළ සේනාව තම මුරායුධලෙස පත්තිනි දේවියගෙ දේවාභරණයෙන් ආශිර්වාද ගැන්වූ ආයුධ භාවිත කළ බැවින් පත්තිනි සන්නද්ධ හමුදාව යනුවෙන් හැඳින්වූ බව සඳහන් වේ. පත්තිනි සන්නද්ධ හමුදාවේ අයගෙන් පැවත එන පරම්පරා පසු කාලයේ පත්තිනි හැන්නැදිගේ නාමය භාවිත කරමින් මෙම ප්‍රදේශය පාලනය කළ බව සඳහන් වෙයි. පෘතුගීසි සමයේ රෝමානුකතෝලික දහම වැලඳ ගැනීමෙන් පසුව ඔවුන්ගේ නමට රොද්‍රිගෝ යනුවෙන් වාසගමක් එක්වූ බව ජනප්‍රවාදයේ පැමිණෙයි. පත්තිනි හැන්නැදිගේ රොද්‍රිගෝ පරපුරේ පත්තිනි හැන්නැදිගේ අද්‍රියාන් රොද්‍රිගෝ නැමැති රයිගම කෝරළේ අධිපත්තුවේ ආරච්චියා විසින් වර්ෂ 1780 ට ආසන්න කාළයේ ඉදිකළ නිවස පසුව නල්ලූරුවේ මහ වලව්ව ලෙසින් ප්‍රසිද්ධ විය.