නර්තන විද්‍යාව

විකිපීඩියා වෙතින්


නර්තන විද්‍යාව යනු නර්තන ශිල්පීන් හා නර්තනයන් පිළිබදව විද්‍යාත්මකව හැදෑරීම හා නර්තනයට එය ප්‍රායෝගිකව යෙදවීමයි. එහි අරමුණ වන්නේ රඟ දැක්වීම පුළුල් කිරීම, ආබාධ අවම කිරීම, සෞඛ්‍ය හා පැවැත්ම වර්ධනය කිරීමයි. නර්තන විද්‍යාව වර්ධනාත්මක ශාස්ත්‍රීය සංසිද්ධියකි. බ්‍රිතාන්‍යයේ මේ සම්බන්ධ උපාධි දෙකක් ඇත. ඒවා නම් මුල්වර් හැම්ටන් විශ්ව විද්‍යාලය හා ලබාන් නර්තන මධ්‍යස්ථානය විසින් ලබා දෙන උපාධිවේ. ලන්ඩනයෙහි,මෙම පරික්ෂණ මෙහෙයවනු ලබන වෙනත් ආයතන නම් බර්මින්හැම් විශ්ව විද්‍යාලය හා මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයයි. සමහර නර්තන ආයතන නර්තන විද්‍යාඥයින්ගේ සේවය ලබා ගන්නා අතර ඒවායින් කායික පරික්ෂණ සහ කායික ආධාර දෙනු ලබයි. ප්‍රථම උපාධි පාඨමාලා සමහර අවස්ථාවල නර්තන විද්‍යාවේ අංග කිහිපයක් අන්තර්ගත කොට ඇති අතර මෙහි අරමුණ වන්නේ සෞඛ්‍ය සහ නර්තන පුහුණුවයි. නියමාකාරයෙන් නර්තන විද්‍යාවේ අඩංගු විෂයන් ක්‍රීඩා ‍‍විද්‍යාවට සමාන වන අතර ස්වභාවයෙන් එය නර්තනය සහ විශේෂ සැලකිල්ලට භාජනය වේ. ඒවා නම් කායික ‍විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, මානසික විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා පෝෂණය වේ. ක්‍රීඩා ‍‍විද්‍යාවට ප්‍රතිවිරුද්ධව ගත් කල සමහර අවස්ථාවලදී දෛහික ශිල්පීය ක්‍රමයද නර්තන විද්‍යාවේදී ඉගැන්වීම් කරනු ලැබේ, එයට පිලේට්ස් අභ්‍යාස, යෝග, ඇලෙක්සැන්ඩර් ශෛල සහ ෆෙල්ඩෙන් ක්‍රේස් ක්‍රමය අන්තර්ගත වේ. අන්තර්ජාතික විශාලම නර්තන විද්‍යායතනය වන්නේ අන්තර්ජාතික නර්තන ඖෂධ සහ විද්‍යා සංගමයයි(IADMS). එය බ්‍රිතාන්‍ය තුළ වාර්ෂිකව සමුළු පවත්වන අතර එරට තුල නර්තන විද්‍යාව හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් නිතර සිදු කරයි.

සටහන්[සංස්කරණය]

|Dance science |-

"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_විද්‍යාව&oldid=469494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි