නර්තනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(නර්තනය හැදින්වීම වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

දේශීය නර්තන කලාව පුද පුජා ඇසුරෙන් බිහි වූ බව පිළිගත හැකිය. වර්තමානයේ උවද විවිධ ශාන්ති කර්ම වල විවිධ ශාන්තිකර්මවල දක්‌නට ඇති නැටුම් එයට කදිම උදාහණයකි.

ශ්‍රී ලංකාව බොහෝ පැරණි ශිෂ්ටාචාරයක්‌ ඇති රටකි. මීට වසර 2500 කට පමණ පෙර විජය නැමැති ඉන්දියානු රජ කුමාරයා සමග පැමිණි පිරිස ලංකාට පැමිණෙන විට කුවේණිය නම් යක්‍ෂ ගෝත්‍රික කාන්තාව කපු වියමින් සිටි බව මහවංශයේ සඳහන් වේ. එයින් පිලිබිඹු වන්නේ අතීතයේ සිටම අපේ රටේ රෙදි විවීම වැනි කර්මාන්ත කරවූ දියුණු ශිෂ්ට සම්පන්න ජන කොටසක්‌ වූ බවයි.

අතීත කතා වලට අනුව විජය කුමරු පැම්ණීමට පෙර කාලවලදී පවා අපෙ රටේ නැටුම් ගැයුම් වැයුම් පැවති බව කියැවේ. විජය කුමරුගේ පැමිණීමෙන් පසු ඇතිවූ දියුණු ලාංකික සමාජය තුල විවිධ වකවානු වලදී දියුණු නැටුම් කලාවක්‌ පැවති බව අනාවරණය වේ.

ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන්[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් ගත් කල ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන් 3ක්‌ දක්‌නට ඇත.

  1. උඩරට නැටුම් සම්ප්‍රදාය
  2. පහතරට නැටුම් සම්ප්‍රදාය
  3. සබරගමු නැටුම් සම්ප්‍රදාය

මේ ප්‍රධාන සම්ප්‍රදායන් ප්‍රාදේශීය වශයෙන් ආරම්භ වූ නර්තන සම්ප්‍රදායන් වන අතර සම්පූර්ණයෙන්ම දේශිය සංස්‌කෘතියේ අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන විශේෂයන් ය. මේ නැටුම් සම්ප්‍රදායනට නම් ලැබී ඇත්තේ එම සම්ප්‍රදායන් ආරම්භ වූ හා වඩාත් ප්‍රචලිත ව පවතින ප්‍රදේශ හේතුවෙන් බව පෙනේ.

උදාහරණයක්‌ ලෙස උඩරට නැටුම් කලාව වඩාත් ප්‍රචලිත මහනුවර ආසන්න ප්‍රදේශවල වන බැවින් එම සම්ප්‍රදායට උඩරට නැටුම් යෑයි පැවසේ. ඒ අනුව දකුණු පලාතේ ප්‍රාදේශියන් හි පහතරට නැටුමත්, රත්නපුරය ආශ්‍රිත ප්‍රදේශයන් හි සබරගමු නැටුමත් වේ.

ඉහතින් සඳහන් ප්‍රධාන නැටුම් සම්ප්‍රදායනට අමතර තවත් විවිධ වූ (ප්‍රකට අප්‍රකට ) විදේශීය අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන සම්ප්‍රදායන් කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබේ. ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර පලාත් වල ප්‍රචලිත ඉන්දීය සම්ප්‍රදායානුකූල භරත නාට්‍යම් නැටුම් සම්ප්‍රදායයි.

උඩරට නැටුම් සම්ප්‍රදාය[සංස්කරණය]

උඩරට නැටුම් කලාවේ මූලාරම්භය සොයන්නෙකුට එම නර්තනයේ යෙදෙන නැටුම් ශිල්පීන් අතර ප්‍රචලිත පුරාවෘත්ත කතා කෙරෙහි අවදානය යොමුකල යුතුවේ. මෙයට හේතුව වී ඇත්තේ ඒ කතා පුවත් හා උඩරට නැටුමේ ඇති නර්තන අංග හා ඇති සබඳතාවයන් හේතුවෙනි. මේ පුරාවෘත්ත කතා වලින් ඉතා වැදගත් කොට සැලකිය හැකි පඩුවස්‌ දෙව් රජුගේ දිවි දෝෂය පිලිබඳ කතා වස්‌තුව හා උඩරට නැටුම අතර මනා සබඳතාවයක්‌ පවතී.පඩුවස්‌ දෙව් රජුගේ දිවි දෝෂය සමනය කිරීමෙහි ලා පැවත්වූ ශාන්ති කර්මය අදටත් උඩරට නැටුම් ශිල්පියා විසින් පවත්වන කොහොඹා කංකාරී ශාන්ති කර්මය වේ.මෙරට අනෙකුත් ශාන්තී කර්මවලට වඩා වෙනස්‌ නර්තනය හා ගායන වාදනයට ප්‍රමුඛ ස්‌ථනයක්‌ ලබා දෙන ශාන්ති කර්මයකි කොහොඹා කංකාරි ශාන්ති කර්මය.පඩුවස්‌දෙව් කතා වස්‌තුවට අමතරව විජයාවතරණයට පෙර හා පසූ සිදුවූ විවිධ කතා වස්‌තූ උඩරට නැටුම් කලාව හා සබැඳේ.

මෙසේ ආරම්භ වූ නැටුම් කලාව දිනෙන් දින සංවර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකර ආශ්‍රිත ප්‍රදේශ වල උඩරට නැටුම් සම්ප්‍රදාය නමින් ප්‍රචලිත විය.

උඩරට නැටුම් කලාව ප්‍රචලිත ප්‍රදේශ

1. සත්කෝරලය

2. සතරකෝරලය

3. දුම්බර

4. හේවාහැට

5. මහනුවර දිස්‌ත්‍රික්‌කය

6. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය

7. කෑගල්ල දිස්‌ත්‍රික්‌කය


කොහොඹා කංකාරිය උඩරට නැටුමේ ප්‍රධාන ශාන්තිකර්මය වන අතර, ප්‍රධාන ඇදුම් කට්‌ටලය ( රංග වස්‌ත්‍රාභරණ ) වන්නේ, වෙස්‌ ඇදුම් කට්‌ටලයයි. ගැට බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වේ. පා සරඹ 12 ක්‌ හා ගොඩ සරඹ 12 කින් සැදුම් ලත් උඩරට නර්තනය අති රමණීය වන්නම් 18 කින්ද, වට්‌ටම් 4 කින්ද සමංවිතය.

"https://si.wikipedia.org/w/index.php?title=නර්තනය&oldid=268379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි