නයි‍ට්‍රික් අම්ලය (ලක්ෂණ)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සංශුද්ධ නිර්ජලීය නයි‍ට්‍රික් අම්ලය (100%) ඝනත්වය 1522 kgm-3 වූ අවර්ණ ද්‍රවයකි. -420C දී ඝනීභවනය වී සුදු ස්ඵටික බවට පත්වන මෙය 830C දී නටයි. කාමර උෂ්ණත්වයේ දී පවා ආලෝකය ය‍ටතේ නැටීමේ දී පහත සමීකරණයේ පරිදි නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාදමින් ආංශික විඝටනයට ලක්වේ.

4HNO3 → 2H2O + 4NO2 + O2 (72°C)

එනම් නිර්ජලීය නයිට්‍රික් අම්ලය විඝටනය වැළැක්වීම සදහා 00C ට අඩු උෂ්ණත්වවල ගබඩා කර තැබිය යුතුය. ඉහළ උෂ්ණත්වවල දී පිටවන NO2 අම්ලයේ දියවී එය කහ හෝ රතු පැහැති වේ. සංශුද්ධ අම්ලය වාතයට නිරාවරණය කළ විට සුදු පැහැති දුමාරයක් පිටවන අතර NO2 දියවූ අම්ලය වාතයට නිරාවරණය කළ විට රතු - දුඹුරු පැහැති වාෂ්පයක් පිට වේ. එම නිසා එය 'රතු සධුම අම්ලය' හෝ 'සධුම නයිට්‍රික් අම්ලය' ලෙස හැදින්වේ.

නයි‍ට්‍රික් අම්ලය ජලය සමග ඕනෑම අනුපාතයකින් මිශ්‍ර කළ හැකි අතර තනුක කරණයෙන් 1atm දී තාපාංකය 120.50C වූ 68% HNO3 ඇසෙයොට්‍රොපයක් ලබාදේ. දන්නා ඝන හයිඩ්‍රේට දෙකක් ඇත. මොනොහයිඩ්‍රේට් (HNO3.H2O) හා ට්‍රයිහයිඩ්‍රේට් (HNO3.3H2O)

නයිට්රජන් ඔක්සයිඩ නයිට්‍රික් අම්ලයේ ද්‍රාව්‍ය අතර ඔක්සයිඩයේ සාන්ද්රණය මත පදනම් වන සියලුම භෞතික ගුණවලට මෙය බලපෑම් ඇති කරයි. ද්‍රව කාලපයට උඩින් වාෂ්ප පීඩනය, තාපාංකය හා පෙර සදහන් කළ පැහැය ප්‍රධාන වශයෙන් මෙයට ඇතුළත් වේ.

නයිට්‍රික් අම්ලයේ වැඩි සාන්ද්‍රණ තාපය හෝ ආලෝකය හමුවේ වියෝජනය වේ. මෙමගින් ද්‍රවය මතුපිට වාෂ්ප පීඩනය සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. මන්ද, සෑදෙන නයිට්‍රජන් ඔක්සයිඩ පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අම්ලයේ දියවන බැවිනි.


ආම්ලික ගුණ[සංස්කරණය]

නයිට්‍රික් අම්ලය ක්ෂාර , භාෂ්මික ඔක්සයිඩ හා කාබනේට සමග ඇමෝනියම් නයිට්‍රේට් වැනි ලවණ සාදයි. නයිට්‍රික් අම්ල ඔක්සිකාරක ස්වභාවය නිසා ලෝහ සමග ප්‍රතික්‍රියාවීමේ දී එහි ප්‍රෝටෝනය දායක නොකරයි. (එනම් H2 නිදහස් නොකරයි.)තවද සෑදෙන ලවණ වඩා වැඩි ඔක්සිකරණ අවස්ථාවල පිහිටයි. මේ හේතුව නිසා ප්‍රභල විඛාදනයක් අපේක්ෂා කළ හැකි අතර සුදුසු ලෙස විඛාදනයට ඔරොත්තු දෙන ලෝහ හා මිශ්‍ර ලෝහ භාවිතයෙන් එමගින් ආරක්ෂා විය යුතුය.

නයිට්‍රික් අම්ලයේ විඝටන නියතය (pKa) 1.4 වන අතර ජලීය ද්‍රාවණවල දී එය සම්පුර්ණයෙන්ම වාගේ 0.1moll-1 දී 93%) අයනීකරණය වී නයිට්‍රේට අයන NO3- හා හයිඩ්‍රොසෝනියම් ලෙස හදුන්වන සජල ප්‍රෝටෝන H3O+ ලබාදේ.

HNO3 + H2O → H3O+ + NO3-


ඔක්සිකාරක ගුණ[සංස්කරණය]

ලෝහ සමග ප්‍රතික්‍රියා[සංස්කරණය]

නයිට්‍රික් අම්ලය ප්‍රභල ඔක්සිකාරකයක් නිසා බෙහොමයක් කාබනික ද්‍රව්‍ය සමග ප්රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරන අතර සමහරක් විට පිපිරුම් ද සිදු විය හැක. අම්ලයේ සාන්ද්‍රණය ,උෂ්ණත්වය හා ඔක්සිහාරක ද්‍රවය මත ලැබෙන ඵල වෙනස් විය හැකිය. අනගි ලෝහ ‍කුලය හා සමහරක් මිශ්‍ර ලෝහ හැරුණු කොට සියලු ලෝහ සමග අම්ලය ප්‍රතික්‍රියා කරයි. සාන්ද්‍ර අම්ලය භාවිතයෙන් ඔක්සිකාරක ප්‍රතික්‍රියාව සිදුවන්නේ නම් නයිට්‍රජන් ඩයොක්සයිඩ (NO2) සෑදීමේ දී වැඩි ප්‍රවණතාවක් ඇතැයි පොදු නීතියක් ඇත.

Cu + 4HNO3 → Cu(NO3)2 + 2NO2 + 2H2O

අම්ලය තනුක විට ආම්ලික ගුණය වඩාත් ඉස්මතු වන අතර නයිට්‍රජන් ඔක්සයිඩ් (NO) සෑදීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.

3Cu + 8HNO3 → 3Cu(NO3)2 + 2NO + 4H2O

නයිට්‍රික් අම්ලය ඔක්සිකාරකයක් ලෙස හැසිරුණත් එමගින් හයිඩ්‍රජන් ලබා දෙන්නේ කලාතුරකිනි. සීතල තනුක නයිට්‍රික් අම්ලය මැග්නීසියම් , මැංගනීස් හා කැල්සියම් සමග පමණක් ප්‍රතික්‍රියා වී හයිඩ්‍රජන් ලබාදේ.

Mg(s) + 2HNO3 (aq) → Mg(NO3)2 (aq) + H2 (g)


අකර්මණ්‍යතාව[සංස්කරණය]

ක්‍රෝමියම් , යකඩ හා ඇලුමිනියම් තනුක නයිට්‍රික් අම්ලයෙහි පහසුවෙන් දියවන මුත් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියාවේ දී ලෝහය මත ලෝහ ඔක්සයිඩ පටලයක් සෑදී තව දුරටත් ලෝහය ඔක්සිකරණය වීමෙන් වළකයි. මෙය අකර්මණ්‍යතාව ලෙස හැදින්වේ.


අලෝහ සමග ප්‍රතික්‍රියාව[සංස්කරණය]

සිලිකන් හා හැලජන හැර ‍අනෙකුත් අලෝහ මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා වී එම අලෝහ ඒවායේ උපරිම ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය කරන අතර සාන්ද්‍ර අම්ල භාවිත කළේ නම් නයිට්‍රජන් ඩයොක්සයිඩ් ද තනුක අම්ල භාවිතා කළේ නම් නයිට්‍රජන් ඔක්සයිඩ ද නිපදවේ.

C + 4HNO3 → CO2 + 4NO2 + 2H2O හෝ

3C + 4HNO3 → 3CO2 + 4NO + 2H2O


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Nitric_acid#Properties