ධාවන තරග

විකිපීඩියා වෙතින්
(ධාවන තරඟ වෙතින් යළි-යොමු කරන ලදි)

ධාවන තරඟයේ ආරම්භය[සංස්කරණය]

ධාවන තරගයන්හි ආරම්භය සිදු වුයේ ස්වයංක්‍රීය පෙට්‍රල් වාහන සොයා ගැනීමත් සමගය. ඊට පෙර පැවතියේ අශ්වයන් හෝ ගවයන් විසින් ඇදගෙන යන තිරික්කල් තරග වැනිදෑය. පළමු තරගය 1894 දී සංවිධානය කරනු ලැබුවේ Le perit journal නම් පැරීසියේ සඟරාව විසිනි. එය හැකියාවන්ගේ විශ්වාසී බව මැන බැලීමටය. නමුත් ධාවන තරඟය පැරිස් වෙනුවට රෝචන් (Rouen) ලෙස 1894 මාරු විය . තරගකරුවන් වූයේ ‘කාල් බෙන්ස්’ (karl benz’s) බෙන්ස් ඇන්ඩ් සි (Benz and cie) Gottlieli daimler (ගොට ලෙයිබ් ඩෙම්ලර්) හා විල්හෙල්ම් මේබැච් යන කර්මාන්තවල වාහනය.

ඊට වසරකට පසු එනම්,1895 දී ප්‍රථම නියම ධාවන තරගය ප්‍රංශයේදී පැවැත්වුණි. ඒ පැරිසියේ සිට බොර්ඩෙක්සි (Bordeaux) දක්වාය. එහිදී ප්‍රථමයා ලෙස Emili Levasser (එමිලි ලෙවැසර්) පැමිණි අතර ඔහු තරග නුසුදුස්සකු වූයේ ඔහුගේ වාහනයේ නියමිත ආසන ගණන නොතිබීම නිසාය.

ජාත්‍යන්තර තරගයන් ආරම්භ වූයේ ‘ගෝර්ඩ්න්’ බෙනට් කුසලාන (gorden bennet cup auto recinz) තරගයත් සමගය.

එක්සත් ජනපදයේ පැවති ප්‍රථම කාර් තරගය වූයේ ඉවැන්ස්මිත්, ඉල්ලි නොයිස් හිදීය. ඒ 1882 නොවැම්බර් 28 සැතපුම් 54 – 36 දක්වා (කි.මී 87 – 48) තරගයක් ලෙසිනි. එහිදී පැය 10 මිනිත්තු 23 ක් වාර්තා කරමින් ප්‍රෑන්ක් ඩුයේ ජය ගත්තේය. ඒ පෙට්‍රල් වාහන තුනක් හා එක් විද්‍යුත් කාරයක් පරදවමිනි. ප්‍රථම කුසලාන තරගය වූයේ ‘Vanderbilt cup’ වැන්ඩර් බිල්ට් කුසලානයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ධාවන_තරග&oldid=469466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි