ධාර් හි අම්බිකා ප්‍රතිමාව
Appearance
ධාර් හි අම්බිකා ප්‍රතිමාව | |
---|---|
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ධාර්වලින් හමුවූ අම්බිකා ප්‍රතිමාව | |
මාධ්‍යය | කිරිගරුඬ |
ප්‍රමාණය | උස මීටර 1.28 |
බර | 250 kg |
ලේඛනය | නාගරී |
නිර්මාණය වූයේ | ක්‍රි.ව. 1034 |
වර්තමාන පිහිටුම | බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන් |
ලියාපදිංචිය | 1880.19 |
ලිපි මාලාවක කොටසක් වන |
ජෛනාගම |
---|
![]() |
![]() |
ධාර් හි අම්බිකා ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන දහනවවන සියවසේදී මධ්‍ය ඉන්දියාවේ ධාර් නගරයෙන් සොයාගැනුණු අම්බිකා නම් ජෛන දෙවඟන නිරූපිත කිරිගරුඬ මූර්තියකි. මෙම ප්‍රතිමාව ප්‍රසිද්ධියට පත්වූයේ පරමාර රාජසභාව පිළිබඳ තොරතුරු සපයන එහි පාදමෙහි වූ නාගරී ශිලා ලේඛනය නිසායි. 1880 සිට මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුවේ අංගයක්ව පවතියි.[1]
විස්තරය
[සංස්කරණය]1875දී මධ්‍ය ප්‍රදේශ්හි ධාර් අගනුවර නටබුන් අතර තිබී මෙම ප්‍රතිමාව සොයාගන්නා ලද්දේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය දේශපාලන නියෝජිතයකු වූ මේජර් ජනරාල් විලියම් කින්කේඩ් විසිනි. සොයාගෙන අවුරුදු පහකට පසු එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට ඇතුළත් කෙරිණි.