ද සෙන්ටනල් (කෙටිකතාව)

විකිපීඩියා වෙතින්
(ද සෙන්ටනල් වෙතින් යළි-යොමු කරන ලදි)
"ද සෙන්ටනල්"
කතෘආතර් සී. ක්ලාක්
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදය(න්)විද්‍යා ප්‍රබන්ධය
ප්‍රකාශයට පත් කෙරුණේටෙන් ස්ටෝරි ෆැන්ටසි
ප්‍රකාශකඇවෝන් පීරියඩිකල්ස්
ප්‍රකාශන දිනය1951

"ද සෙන්ටනල්" යනු, ආතර් සී. ක්ලාක් විසින් 1948 දී ලියා 1951 දී පළමුවෙන් ප්‍රකාශයට පත්කෙරුණු කෙටිකතාවක් වන අතර, එය විකරණය කොට අනෙකුත් අදහස් හා සමගින් සංයෝජනය කොට 2001: අ ස්පේස් ඔඩිසි නවකතාව සහ චිත්‍රපටය නිමැවීම සඳහා මූලාරම්භයක් සැපයීය. නවකතාව සහ චිත්‍රපටය සඳහා මෙම කෙටිකතාව පදනම් වූයේය යන පොදු ප්‍රකාශය පිළිබඳව ක්ලාක් සිය අසහනය පල කලේය. ඔහු පැහැදිලි කරමින්: "'2001 පදනම් කොට ඇති කථාව' ලෙසින් 'ද සෙන්ටනල්' හැඳින්වීම මගේ සිත දිගටම පෙලනවා; චිත්‍රපටය පිළිබඳ එහි ඇති සම්බන්ධතාවය, සම්පූර්ණයෙන් වැඩුනු ඕක් ගසකට ඕක් ගෙඩියකට ඇති සම්බන්ධය වැනිය. (එයටත් වඩා බෙහෙවින් අඩු වන්නේ, වෙනත් බොහෝ කතාන්තර වල අදහස් ඇතුලත් කර ඇති නිසාය.) මෙම කෙටිකතාවෙන් ස්ටැන්ලි කියුබ්‍රික් සහ මම භාවිතා කල කිසියම් කොටස් වුවත් බෙහෙවින් විකරණය කර භාවිතා කරන ලදි. මෙලෙස 'දිදුලන, දළ වශයෙන් පිරමීඩාකාර ව්‍යුහය... ගල මත තිබූ බහු පැතිකාර යෝධ මැණික'—විකරණ කිහිපයකට පසුව—පසිඳු කළු ඒකශිලාව බවට පත්වුණි. සිද්ධිය වූ ස්ථානය, මාරෙ ක්‍රීසියුම් සිට, චන්ද්‍ර ආවාට අතුරින් වඩාත් අලංකාර, පුර සඳ දිනක පෘථිවියේ සිට පියවි ඇසට දිස්වන ටයිකෝ වෙත ගෙන යන ලදි."[1]

ප්‍රකාශන ඉතිහාසය[සංස්කරණය]

1948 වසරෙහිදී "ද සෙන්ටනල්" පළමුවෙන් ලියන ලද්දේ බීබීසී තරගයකට (එයට තේරීමට අසමත් විය) වන අතර, 1951 වසරෙහිදී එය ටෙන් ස්ටෝරි ෆැන්ටසි සඟරාවෙහි පල කරන ලද්දේ "සෙන්ටනල් ඔෆ් ඉටර්නිටි" යන මාතෘකාව යටතේය. පසුව, එක්ස්පෙඩිෂන් ටු අර්ත් (1953), ද නයින් බිලියන් නේම්ස් ඔෆ් ගෝඩ් (1967) සහ, ද ලොස්ට් වර්ල්ඩ්ස් ඔෆ් 2001 (1972) යන කෙටිකතා සංග්‍රහයන්හී කොටස් ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණි. කතාවේ මුල් පසුබෑමක් සිදු වුවද එය විසින් ක්ලාක්ගේ අභිවෘත්තිය වෙනස් කෙරිණි.

කතා සංග්‍රහය[සංස්කරණය]

ද සෙන්ටනල් (ප්‍රකාශනය 1982) යනු ආතර් සී. ක්ලාක් කෙටිකතාවන් සංග්‍රහයක මාතෘකාව වන අතර, එය වෙත අපිනාමික "ද සෙන්ටනල්", "ගාර්ඩියන් ඒන්ජල්" (ඔහුගේ චයිල්ඩ්හුඩ්ස් එන්ඩ් යන්නට ආවේශය විය), "ද සෝංස් ඔෆ් ඩිස්ටන්ට් අර්ත්" සහ, "බ්‍රේකිං ස්ට්‍රේන්" යන කතා ඇතුලත් විය.

කතාන්තරය[සංස්කරණය]

කතාව ගෙතී ඇත්තේ, පුරාතන පිටසක්වල ජීවින් විසින් පෘථිවියෙහි චන්ද්‍රයා මත කල්ප ගණනකට පෙර හැර දමා ගොස් තිබූ මෙවලමක් සොයා ගැනීම වටාය. මෙම වස්තුව තැනී තිබු‍‍ණේ ඔපදැමූ ඛනිජයකින් වන අතර, චතුස්තලීය හැඩයකින් යුතුවූ එය වට කොට ගෝලාකාර බල-ක්ෂේත්‍රයක් විය. එක් තැනකදී පොතේගුරු අනුමාන කරන්නේ, චන්ද්‍රයා මත මෙම ව්‍යුහය හැර දමා ගොස් තිබුණු අභිරහස් පිටසක්වල ජීවීන් විසින් "අපගේ දෘෂ්ටියට හසු නොවන හා සමහරවිට පරාභෞතික බලයන් භාවිතා කරන තාක්ෂණයකට අයත්" යාන්ත්‍රණ භාවිතා කළ බවයි.

පොතේගුරු අනුමාන කරන්නේ, මිලියන ගණනක් තිස්සේ (බලක්ෂේත්‍රය වටා සැදී තිබුණු දූවිල්ල සාක්ෂි ලෙසින් ගෙන) මෙම මෙවලම විසින් ඈත අභ්‍යාවකාශයට සංඥා සම්ප්‍රේෂණය කර ඇති බවත්, පසු කලෙක එය නවතිනුයේ "පරමාණුක බලයෙහි වනචාරි ශක්තිය විසින්" එය විනාශ කරනු ලැබීමෙන් පසුව බවත්ය. පොතේගුරු විසින් උපකල්පනය කරනුයේ, චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙහි මෙම "සෙන්ටනලය (මුර මෙවලම)" හැර දමා ගොස් ඇත්තේ, පෘථිවියෙහි ඇති වීමට ඉඩ ඇති බුද්ධිමත් සහ අභ්‍යාවකාශගාමී ජීවි විශේෂයන්ට "අන්තරාය දනවන බීකනයක්" ලෙසින් බවයි.

2001: අ ස්පේස් ඔඩිසි හිදී, සෙන්ටිනලය යළි හාරා ඉස්මතු කර ගැනීමෙන් පසුව, පළමු වරට හිරු එළිය එහි ගැටෙත්ම එය ක්‍රියාත්මක විය.

චිත්‍රපටය[සංස්කරණය]

මෙම කතාව අනුවර්තනය කොට හා විස්තීරණය කොට 1968 චිත්‍රපටය, 2001: අ ස්පේස් ඔඩිසි තනන ලද්දේ, පසිඳු චිත්‍රපට නිෂ්පාදක ස්ටැන්ලි කියුබ්‍රික් විසිනි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ද_සෙන්ටනල්_(කෙටිකතාව)&oldid=364903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි