සිම්සන් පවුල
225px වම් පස සිට දක්ෂිනාවර්තව : මාර්ග්, හෝමර්, බාර්ට්, සැන්ටාස් ලිට්ල් හෙල්පර් (බල්ලා), ස්නොවුබොල් 2 (පූසා), ලීසා, සහ මැගී සිම්සන් මැද | |
ආදර්ශය | ප්‍රබන්ධ පවුල |
---|---|
නිර්මාතෘ | මැට් ග්‍රොනින් |
මුලාරම්භය | The Tracey Ullman Show ලෙස |
ආරම්භක දිනය | 1987 |
අවසන් දිනය | වර්තමානය |
පළමු දර්ශණය | "Good Night" (The Tracey Ullman Show) |
ලිපිනය | අංක 742 එවර්ග්‍රීන් ටෙරේස්,ස්ප්‍රින්ග්ෆිල්ඩ්,එක්සත් ජනපදය |
සිම්සන් පවුල යනු The Simpsons සජීවීකරණ ටෙලි කථාමාලාවේ ප්‍රබන්ධ කථාවෙන් පැමිණෙන ප්‍රධාන චරිතයන්ගේ එකතුවයි. සිම්සන්ස් යනු න්‍යෂ්ටික පවුලකින් සමන්විත වන අතර එහි විවාහ යුවල වන්නේ හෝමර් සිම්සන් හා මාර්ග් සිම්සන් සහ ඔවුන්ගේ දරුවන් වනුයේ බාර්ට් සිම්සන්,ලීසා සිම්සන් සහ මැගී සිම්සන්ය. ඔවුන් ජීවත් වනුයේ එක්සත් ජනපදය නම් රටෙහි ස්ප්‍රින්ග්ෆිල්ඩ් නගරයේ අංක 742 එවර්ග්‍රීන් ටෙරේස් හි වන අතර ඔවුන් නිර්මාණය කරනු ලැබුවේ කාටුන් ශිල්පී මැට් ග්‍රොනින් විසින්ය. ඔහුට මෙම සංකල්පිත අදහස ගෙන ඇත්තේ ප්‍රධාන ශාලව වු ජේම්ස් එල්.බෲක්ස්ගේ කාර්යාලයේදී කල්පනා කර සිටියදීය.මෙම චරිත ඔහු නම් කර ඇත්තේ තමාගේම් පවුලේ සාමාජිකයන්ගේ නම් සහ තම නම බාර්ට් ට ආදේශ කලේය. සිම්සන් පවුලේ පළමු දර්ශනය 1987 අප්‍රේල් 19 දින කෙටි නිර්මාණයක් ලෙස The Tracey Ullman Show නමින් "short "Good Night"" කථාංගය ඉදිරිපත් වු අතර පසුව ඔවුන්ගෙම කථාමාලාවක් ලෙසින් 1989 දෙසැම්බර් 14 දින ඉදිරිපත් විය.
ප්‍රධාන පවුලේ සාමජිකයන් අතුරින් ප්‍රධාන සහ අනු චරිතද මෙයට ඇතුලත් වී සිටී. පවුලේ චරිත අතුරින් හෝමර්ගේ පියා වු ඇබ්‍රහම් සිම්සන්, මාර්ග්ගේ සහොදරියන් වු පැටී සහ සෙල්මා බූවියර් සහ පවුලේ සුරතලුන් දෙදෙනා වන සැන්ටාස් ලිට්ල් හෙල්පර් හා ස්නොවුබොල් අනු චරිත ලෙස නැවත නැවත කථා මාලාවේ යෙදි සිටී. වෙනත් පවුලේ සාමාජිකයන් අතුරින් හෝමර්ගේ මව වන මොනා සිම්සන්, හෝමර්ගේ "වේගස් බිරිද" වු ඇම්බර්, මාර්ග්ගේ මව වන ජැක්ලන් බූවියර් සහ වෙනත් සුළු නැදෑයන් ද අනු චරිතයන්ට ඇතුලත් වේ.
ප්‍රධාන පවුල[සංස්කරණය]
සිම්සන් පවුල ජීවත් වූයේ එක්සත් ජනපදය [1]නම් රටෙහි ස්ප්‍රින්ග්ෆිල්ඩ් නගරයේ අංක 742 එවර්ග්‍රීන් ටෙරේස් හීය. පියා වු හොමර් රැකියාවක් කරනු ලබන්නේ ආරක්ෂා නිළධාරියකු ලෙස ස්ප්‍රින්ෆීල්ඩ් නියුක්ලියර් පවර් ප්ලාන්ට්හිදීය. ඔහු විවාහ වුයේ මාර්ග් සමගය. ඈ ඒකාකාර ඇමෙරිකානු බිරිදක් සහ මවකි. ඔවුනට ළමයින් තිදෙනෙක් සිටී. බාර්ට්, අවුරුදු 10ක් වයසැති කරදරකාරයෙකි; ලීසා, අවුරුදු 8ක් වයසැති පැහිච්ච බුද්ධියක් ඇති පරිසර ක්‍රියාකාරීවරියකි සහ මැගී, කලාතුරකින් කථා කරන නමුත් ඈ බොහොවිට කථාකරන්නේ සුප්පුව උරමිනි. පවුලට අයත් බල්ලා සැන්ටාස් ලිට්ල් හෙල්පර් වන අතර පූසා ස්නොවුබොල් වේ.සතුන් දෙදෙනාම සමහර කථාංග වලදී වැඩි අවධානයක් ගත් චරිත විය. අවුරුද්දේ වැදගත් සිද්ධීන් (නිවාඩු දිනයන් හා උපන්දිනයන්) කෙසේ ගෙවි තිබුණත් සිම්සන්ලාගේ භෞතික වයස හා පෙනී සිටීම 1980 අවසන් කාලයේදිත් එපරිද්දෙන්ම පවතී. කෙසේවුවත් බොහෝ කථාංගයන්හිදී මොවුන් සම්බන්ධයන් හා බැදීම් සහ ඔවුන් අන් අය කෙරෙහි දක්වන සැලකිල්ලත් මෙම පවුල තුල දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයකි.[2]
නිර්මාණය[සංස්කරණය]
මැට් ග්‍රොනින් සිම්සන් පිළිබද අදහස ගනුලැබුවේ ජේම්ස් එල්.බෲක්ස්ගේ කාර්යාලදීය. බෲක්ස් ග්‍රොනින්ගෙන් ඇනිමෙෂන් අදහසක් ඉල්ලා සිටියේ නව කථා මාලාවකටය.ඒ අනුව ඔහු මේ නව අදහස සදහා යොදා ගනු ලැබුවේ තම ජිවිත අත්දැකිම්ය. ග්‍රොනින් තම පවුලෙ විස්තරම මෙයට යොද ගෙන ඇත. [3]ඔහුගේ පියා වු හොමර් ද, මව වු මාර්ග්‍රට් සහ ඔහුගේ බාල නැගනියන් වු ලීසා සහ මැගී යන නම් චරිත සදහා යොදා ගෙන තිබේ.ඔහු බ්‍රාට් යන නම ඔහුගේම නමක් වශගෙන් යොදා ගත්[4] අතර ඔහුගේම වැඩිමහල් සහෝදරයගේ නම වු මාර්ක් ද චරිතයක් සදහා යොද ගත්හ.[5][6]
පවුලේ සාමජිකයන් සදහා සරල විලාසිතා යොදා ගෙන ඇත්තේ මුහුනේ ඉරියව්[7] හොදින් පෙන්වීමට සහ ඔවුන් ලෙහෙසියෙන් මතක තබාගැනීමටය.[8] ග්‍රොනින් විසින් දළ සටහන් ඇනිමෙශන් නිර්මණකරුවන්ට ලබා දී පසුව ඔවුන් ඒවා නිෂ්පාදනයට සුදුසු වන පරිදි නැවත සකස් කරතිබේ. සිම්සන් පළමු දර්ශනය 1987 අප්‍රේල් 19 දින කෙටි නිර්මාණයක් ලෙස The Tracey Ullman Show නමින් "short "Good Night"" කථාංගය පැවැත්වින.[4].[9] වර්ෂ 1989 හිදි "The Simpons" නමට වෙනස් වු අතර පැය භාගයක කථාංගය Fox Broadcasting Company හිදි ප්‍රකට විය. නව ප්‍රසංගයෙදී සිම්සන් පවුලේ සාමජිකයන් ප්‍රධාන චරිතයන් ලෙස රැදී සිටියහ.[10]
නළු වරණය[සංස්කරණය]
ප්‍රධාන හඩ කැවීම් ශිල්පීන් | |||||
---|---|---|---|---|---|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඩෑන් කැස්තලෙනේට | ජුලී කැවනර් | නැන්සි කාර්ට්‍රයින්ට් | ඇලඩ්ලේ ස්මිත් | හැන්ක් ඇශේරිආ | හැරි ශෙයර් |
ග්‍රැම්පා සිම්සන්,බාර්නියි ගම්බල්,කෲස්ටි ද ක්ලොවන්,ග්‍රවුන්ඩ්ස්කීපර් විලී,මෙයර් කුවිම්බිලි,හැන්ස් මොල්මන් | මාර්ග් සිම්සන්,පැටි සහ සෙල්මා | බාර්ට් සිම්සන්,නෙල්සන් මන්ට්ස්,රැල්ප් විගම්,ටොඩ් ෆ්ලැන්ඩර්ස් | ලීසා සිම්සන් | මොයි සිසැල්ක්,චීෆ් විගම්,කොමික් බූක් ගයි,කැරල් කාර්සන්,කුටස් ස්පුක්ලර්,ප්‍රොෆෙසර් ෆ්‍රින්ක්,ඩොක්ටර්. නික් | මිස්ටර්. බර්න්ස්,වයලොන් ස්මිතර්ස්,නෙඩ් ෆැන්ඩර්ස්,රෙවෙරන්ඩ් ලව්ජොයි,කෙන්ට් බ්‍රොක්මන්,ඩොක්ටර්. හිබ්බර්ට්,ලෙනි ලෙනර්ඩ්,ප්‍රින්සිපල් ස්කිනර්,ඔට්ටො මන්,රැයිනියා වොල්ෆ්කාස්ටල් |
හෝමර් සිම්සන්[සංස්කරණය]
සිම්සන් පවුලේ පිය වූ හොමර් ජෙයි සිම්සන් සදහා හඩකැවීම් කරනු ලබන්නේ ඩෑන් කැස්තලෙනේටය. ඔහු තුල ඇමෙරිකානු වැඩ කරන පන්තියේ ගති ලක්ෂණ; එනම් ඔහු රළු, අධික මහත , අදක්ෂ , නොසැකිලිමත් සහ යන්තමින් මත්පැන් පානය කරන්නෙකි. [11]ඔහු ඇතැම් විට තම කල්පනා ශක්තිය , යෝග්‍ය බව සහ අවංක බව හදිසි අවස්ථා වල මෙන්ම තම පවුල ආරක්ෂා කර ගැනීමට සිදුවන අවස්ථා වලදී ද යොදා ගනි.
මාර්ග් සිම්සන්[සංස්කරණය]
මාර්ග් සිම්සන් හඩ කැවීම් කරනු ලබන්නේ ජුලී කැවනර්ය.ඈ හෝමර්ට යථාර්තවාදී සහ හැමවිට ඉවසිලිමත් බිරිදක් වු අතර බාර්ට්, ලීසා හා මැගී යන දරුවන් තිදෙනාට මවක්ද විය. ඇගේ විශේෂ භාහිර හැඩරුව වන්නේ අලංකාර මී වදයක් මෙන් උස් වු නිල් පැහැති කොන්ඩයයි."I Married Marge" කථාංගයේ හඩකැවිම වෙනුවෙන් 1992 වර්ෂයේදී Primetime Emmy Award[12] හිදි ජුලී කැවනර්ට ත්‍යාගය පිරිනැමිය. The Simpsons චිත්‍රපටියේ ඇගේ රගපැම වෙනුවෙන් 2007 දි Annie Awards[13][14] හිදි"Best Voice Acting in an Animated Feature" හි නාමයොජනාවක් ලෙස කැවනර් නම් විය. 2008 හිදි CityNews පුවත්පතේ පලවු "Top 10 Greatest TV Moms of All Time" ලිපියේ මාර්ගේ නම අටවැනි තැනට ලියා තිබුනි.[15]
බාර්ට් සිම්සන්[සංස්කරණය]
අවුරුදු 10ක් වයසැති බ්‍රාර්ට් ජොජො සිම්සන් පවුලේ වැඩිමහල්ම දරුවා වන අතර එකම පිරිමි ළමයාද වේ. ඔහුට හඩකැවිම් කරනු ලබන්නේ නැන්සි කාර්ට්‍රයින්ට්ය. ඔහුගේ මනාව පෙනෙන ලක්ෂණ වන්නේ දගකාරකම, හිතුවක්කාරකම, බලයන්ට දක්වන අගෞරවය සහ තීක්ෂණ බුද්ධියයි.[16] The Simpons හි පළමු සහ දෙවන කථාවාර වලදි බ්‍රාර්ට් ප්‍රධාන චරිතයක් ද විය.බ්‍රාර්ට් හිතුවක්කාර සහ නිතරම දඩුවම් වලින් මග හරින දරුවකු වු අතර යම් අවස්ථාවලදි දෙමාපිය කණ්ඩායම් වලට ආදර්ශයක් වු අතර අන් අය වෙනුවෙන් විශ්වාසීව කථා කිරිම යන ගති ලක්ෂණ තුලින්ද මෙම කුඩා චරිතය ළමයින් තුල ඉස්මතු වු චරිතයක් විය.[17]
ලීසා සිම්සන්[සංස්කරණය]
ලීසා මාරී සිම්සන්ට් පවුලේ වැඩිමහල් සහ මද්දුම දරුවා වු අතර ඇයට හඩකැවිම් කරනු ලබන්නේ නැන්සි කාර්ට්‍රයින්ට්ය. අවුරුදු 8 ක් වයසැති ඈ අතිශයින්ම බුද්ධිමත් වන අතර මෙම කතාවේ වඩා බුද්ධිමත් චරිත තුලින් ඈ ද කැපී පෙනේ. ලීසාගේ දේශපාලන අවබෝධය අනුව ඈ සමාජය පිළිබදව නිදහස්[18] මතයන් දරන අතර ලීසා එළවළු පමනක් ගන්නා ළමයෙකි.,[19] වර්ෂ 2001 දී Environmental Media Awards හිදි විශේෂ Board of Directors Ongoing Commitment Award" ජයග්‍රහණය ලැබීය.හත්වන කථාමලාවේ"Lisa the Vegetarian"[20], කථාංගයටEnvironmental Media Awards හිදි "Best Television Episodic Comedy"[21] පිදුම් ලැබු අතර Genesis Awardහිදී "Best Television Comedy Series[22], Ongoing Commitment"ද ජයග්‍රහණය කලහ.
මැගී සිම්සන්[සංස්කරණය]
මැගී ඉව් සිම්සන් පවුලේ බාලම සාමජිකයා සහ කුඩා බබෙකු ලෙසින් ඈ සෑම විටම දක්නට ලැබේ.ඈ මැගීගේ කලාතුරකින් කථා කරන නමුත් හඩ කැවිම් සදහා බොහෝ කලාකරුවන් පිරිසක් යොදා ගෙන ඇත.ඇගේ සහෝදරිය මෙන් බොහෝ කලාත්මක සහ අධ්‍යාපනික හැකියව සදහා ඈ යොමු වී ඇත.[23]
සුරතලුන්[සංස්කරණය]
සැන්ටාස් ලිට්ල් හෙල්පර්[සංස්කරණය]
රැන්ක් වෙල්කර්[24] සහ ඩෑන් කැස්තලෙනේට[25] යන අය සිම්සන් පවුලේ සැන්ටාස් ලිට්ල් හෙල්පර් නම් ගුරු දඩයම් බල්ලාගේ හඩ කැවිම සදහා සහය වී ඇත.ඔහු ප්‍රථම කථාංග දර්ශණයේදි තරග බල්ලකු ලෙස හෝමර් සහ බ්‍රාර්ට් විසින් හදා ගනු ලැබු අතර එතැන් සිට මේ දක්වා ඔහු මෙම පවුල සමග ජීවත් වේ.[24]
ස්නොව්බොල්[සංස්කරණය]
සිම්සන් පවුලේ කථාමාලව අතරතුරදී විවිද පුසන් වර්ග යොද ඇති බවක් දක්නට ලැබේ. ස්නොව් යනු ලීසා සුරතල් පූසාය.ඒ අනුව ස්නොව් 1,ස්නොව් 2,ස්නොව් 3,කොල්ට්‍රෙන් සහ ස්නොව් 5 යන නම් විවිධ පුසන් කථාමාලාව අතරතුරදි වෙනස් විය.ඔහු ප්‍රථම දර්ශණයේ සිට මේ දක්වා ඇති කථාවන් තුල පවුලේ සාමජිකයකු වශයෙන් ජිවත් වේ.[26]
සිම්සන් විස්තෘත පවුල[සංස්කරණය]
- ඇබ්‍රහම් සිම්සන් ගොනුව:Abe Simpson.png"Grampa" සිම්සන්
- මොනා සිම්සන්
- හර්බට් පවල්
- ඇම්බර් සිම්සන්
බූවියර් විස්තෘත පවුල[සංස්කරණය]
- ජැක්ලන් බූවියර්
- කැන්සි බූවියර්
- පැටී සහ සෙල්මා බූවියර්
- ලින්ග් බූවියර්
- ගැල්ඩිස් ගර්නියි
කරුණු[සංස්කරණය]
- ↑ Turner, p. 28
- ↑ Oakley, Bill (2005). The Simpsons season 7 DVD commentary for the episode "Home Sweet Homediddly-Dum-Doodily" (DVD). 20th Century Fox.
- ↑ Groening, Matt (2003-02-14). "Fresh Air" (Interview). Interviewed by David Bianculli. Retrieved 2007-08-08. Unknown parameter
|program=
ignored (help); Unknown parameter|callsign=
ignored (help); Unknown parameter|city=
ignored (help); Cite uses deprecated parameter|subjectlink=
(help) - ↑ 4.0 4.1 BBC (2000). 'The Simpsons': America's First Family (6 minute edit for the season 1 DVD) (DVD)
|format=
requires|url=
(help). UK: 20th Century Fox. - ↑ Paul, Alan (1999-09-30). "Matt Groening" (Interview)
|format=
requires|url=
(help). Flux Magazine Issue #6. - ↑ Groening, Matt. (2006). Commentary for "My Sister, My Sitter", in The Simpsons: The Complete Eighth Season [DVD]. 20th Century Fox.
- ↑ Groening, Matt (2005). The Simpsons season 6 DVD commentary for the episode "Fear of Flying" (DVD). 20th Century Fox.
- ↑ Groening, Matt; Al Jean, Mike Reiss (2001). The Simpsons season 1 DVD commentary for the episode "There's No Disgrace Like Home" (DVD). 20th Century Fox.
- ↑ Richmond, p. 14
- ↑ Kuipers, Dean (2004-04-15). "'3rd Degree: Harry Shearer'". Los Angeles: City Beat. Archived from the original on June 5, 2008. Retrieved 2008-09-21. Italic or bold markup not allowed in:
|publisher=
(help) - ↑ Turner, p. 78
- ↑ "Primetime Emmy Awards Advanced Search". Emmys.org. Retrieved 2008-02-09.
- ↑ "For Your Consideration". Annie Awards. 2007-12-03. Retrieved 2007-12-03.
- ↑ Peter Debruge (2008-02-08). "'Ratatouille' nearly sweeps Annies". Variety. Archived from the original on 2012-05-24. Retrieved 2008-02-09.
- ↑ "June Cleaver Chosen As All Time Top TV Mom". CityNews. Retrieved 2008-05-11.
- ↑ Groening, Matt: Jean, Al (2007). The Simpsons Movie: A Look Behind the Scenes (DVD). The Sun. Italic or bold markup not allowed in:
|publisher=
(help) - ↑ Griffiths, Nick (2000-04-15). "America's First Family". The Times Magazine. pp. 25, 27–28.
- ↑ Turner, p. 173
- ↑ "I'm Spelling as Fast as I Can". The Simpsons. Fox. 2003-02-16. No. 303, season 14. Lisa yells "Free Tibet!" after winning the school spelling bee.
- ↑ W. Reed Moran (2001-11-15). "Lisa Simpson animates environmental awards". USA Today. Retrieved 2007-10-17.
- ↑ "Awards for "The Simpsons"". Internet Movie Database. Retrieved 2007-10-17.
- ↑ "1995 Genesis Awards". hsus.org. Archived from the original on December 22, 2007. Retrieved 2007-10-21.
- ↑ Face to Face: Maggie Simpson EW.com. Published September 11, 1992, Retrieved on March 27, 2007
- ↑ 24.0 24.1 McCann, pp. 117–118
- ↑ Richmond, pp. 178-179
- ↑ Planet Cat: A CAT-alog. Houghton Mifflin Harcourt. 2007. පි. 102. ISBN 9780618812592. http://books.google.se/books?id=shAHJQwXslYC&pg=PA102&lpg=PA102&dq=snowball+simpsons&source=bl&ots=4fFDRZ0pKj&sig=UouwfByyeUZrrDvEQaFpPYPRUAs&hl=en&sa=X&ei=LnQNUO6bHMfQqAG7woHECg&redir_esc=y#v=onepage&q=snowball%20simpsons&f=false.
යොමුව[සංස්කරණය]
- Cartwright, Nancy (2000). My Life as a 10-Year-Old Boy. New York City: Hyperion. ISBN 0-7868-8600-5.
- Gimple, Scott M.; Matt Groening (1999-12-01). The Simpsons Forever!: A Complete Guide to Our Favorite Family ...Continued. HarperCollins. ISBN 978-0-06-098763-3.
- Groening, Matt (1991). The Simpsons Uncensored Family Album. HarperCollins. ISBN 0-06-096582-7.
- McCann, Jesse L.; Matt Groening (2005). The Simpsons One Step Beyond Forever!: A Complete Guide to Our Favorite Family ...Continued Yet Again. HarperCollins. ISBN 0-06-081754-2.
- Richmond, Ray; Antonia Coffman (1997). The Simpsons: A Complete Guide to Our Favorite Family. New York City: HarperCollins. ISBN 0-00-638898-1.
- Turner, Chris (2004). Planet Simpson: How a Cartoon Masterpiece Documented an Era and Defined a Generation. Toronto: Random House Canada. ISBN 0-679-31318-4.