ද ලාස්ට් වන් (ෆ්‍රෙන්ඩ්ස්)
Friends තෙලදසුන් (ටෙලිවිෂන්) කතා මාලාවෙහි අවසාන කොටස වන "The Last one" Season 10 හි 17 වන හා 18 වන කතාංග ලෙස ඉදිරිපත් වේ. කතා මාලා නිර්මාණකරුවන් වන David Crane සහ Marta Kauffman විසින් ලියැවුණු මෙය විධායක නිෂ්පාදක Kevin S. Bright විසින් නිපැයිණි. ප්‍රථම වතාවට මෙය විකාශනය කර ඇත්තේ ඇමරිකානු එක්සත් ජනපදයේ NBC නාලිකාවේ 2004 මැයි 6 වන දින යි. එ දින මිලියන 52.46 ක ප්‍රේක්ෂක පිරිසක් එය නැරැඹූ අතර ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරැඹූ රූපවාහිනී අවසාන කතාංග කොටස් අතුරින් හතරවන ස්ථානය fourth most watched television series finale ලබාගෙන ඇති ලෙස සැලකේ. තව ද 2000 දශකයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරැඹූ කතාංග කොටස ලෙස ද ඇමරිකානු තෙලදසුන් (ටෙලිවිෂන්) ඉතිහාසයේ සටහන් වේ. කැනඩාවේ දී ද මෙය 2004 මැයි 6 වන දින ම Global නාලිකාව හරහා විකාශනය වී ප්‍රේක්ෂකයින් මිලියන 5.16ක පිරිසක් නරඹා ඇත. මෙය කතා මාලාවෙහි වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරැඹූ කොටස වන අතර කැනඩාවෙහි ඉහලම ජනප්‍රියතාවයක් ලැබූ sitcom කතාංග කොටස ලෙස ඉතිහාසගත වේ.
මෙම කතා මාලාව මෙයින් අවසානය දකී. Ross Geller (David Schwimmer) ඔහුගේ ප්‍රේමය Rachel Green(Jennifer Aniston) වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ගේ සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යන අතර Monica Geller(Courteney Cox) සහ Chandler Bing(Matthew Perry) නිවුන් දරුවන් සමග නගරාසන්නයේ ජීවත් වීමට තීරණය කරයි. මෙහි අවසන් දර්ශනය වනුයේ ඔවුන් අවසන් වතාවට ඔවුන්ගේ නිවාසයෙන් නික්මී Central Perk වෙත ගමන් කිරීම යි.
මෙම කොටස ලිවීමට පෙරාතුව David Crane, Marta Kauffman සහ Kevin Bright විවිධ sitcom හරහා අවසාන ජවනිකා නරඹා අදහස් ලබාගෙන ඇත. මෙය රූගත කරනු ලැබ ඇත්තේ Warner Brosහි දී ය. Burbank, California රූපාගාරවල දී පළමු කොටස රූපගත කොට ඇත්තේ ජනවාරි 16 වන දින වන අතර, දෙවැනි කොටස ජනවාරි 23 වන දින දී ය. විචාරකයන් සහ මෙහි කලාකරුවන් විසින් මෙය පැසැසිණි.