ද ලාස්ට් වන් (ෆ්‍රෙන්ඩ්ස්)

විකිපීඩියා වෙතින්

Friends ටෙලිවිෂන් කතා මාලාවෙහි අවසාන කොටස වන "The Last one" Season 10 හි 17 වන හා 18 වන කතාංග ලෙස ඉදිරිපත් වේ.මෙය ලියනු ලබා ඇත්තේ කතා මාලා නිර්මාණකරුවන් වන David Crane සහ Marta Kauffman විසිනි. නිෂ්පාදනය කරනු ලබා ඇත්තේ විධායක නිෂ්පාදක Kevin S. Bright විසිනි. ප්‍රථම වතාවට මෙය විකාශනය කර ඇත්තේ ඇමරිකානු එක්සත් ජනපදයේ NBC නාලිකාවේ 2004 මැයි 6 වන දිනය. එදින මිලියන 52.46 ක ප්‍රේක්ෂක ජනහණයක් එය නැරඹු අතර ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ රෑපවාහිනී අවසාන කතාංග කොටස් අතරින් හතරවන ස්ථානය fourth most watched television series finale ලබාගෙන ඇති ලෙස සැලකේ.තවද 2000 දශකයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ කතාංග කොටස ලෙසද ඇමරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ සටහන් වේ.කැනඩාවේදීද මෙය 2004 මැයි 6 වන දිනම Global නාලිකාව හරහා විකාශනය වී ප්‍රේක්ෂකයින් මිලියන 5.16ක පිරිසක් නරඹා ඇත.මෙය කතා මාලාවෙහි වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ කොටස වන අතර කැනඩාවෙහි ඉහලම ජනප්‍රියතාවයක් ලැබූ sitcom කතාංග කොටස ලෙස ඉතිහාසගතවේ.

මෙම කතා මාලාව මෙයින් අවසානය දකී. Ross Geller (David Schwimmer) ඔහුගේ ප්‍රේමය Rachel Green(Jennifer Aniston) වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ගේ සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යන අතර Monica Geller(Courteney Cox) සහ Chandler Bing(Matthew Perry) නිවුන් දරුවන් සමග නගරාසන්නයේ ජීවත් වීමට තීරණය කරයි. මෙහි අවසන් දර්ශනය වනුයේ ඔවුන් අවසන් වතාවට ඔවුන්ගේ නිවාසයෙන් නික්මී Central Perk වෙත ගමන් කිරීමයි.

මෙම කොටස ලිවීමට පෙරාතුව David Crane, Marta Kauffman සහ Kevin Bright විවිධ sitcom හරහා අවසාන ජවනිකා නරඹා අදහස් ලබාගෙන ඇත. මෙය රූගත කරනු ලැබ ඇත්තේ Warner Bros හිදීය. Burbank, California රූපාගාර වලදී පළමු කොටස රූපගත කොට ඇත්තේ ජනවාරි 16 වන දින අතර, දෙවැනි කොටස ජනවාරි 23 වන දිනදීය. විචාරකයන් සහ මෙහි කලාකරුවන් මෙයට ප්‍රශංසා කරනු ලැබුවේය.