ද ඩිෆරන්ස් එන්ජින්

විකිපීඩියා වෙතින්
ද ඩිෆරන්ස් එන්ජින්
පළමු සංස්කරණයෙහි පිටකවරය (ඝන කවරය)
කර්තෘවිලියම් ගිබ්සන් සහ බෲස් ස්ටර්ලින්
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයඅනුකල්ප ඉතිහාසය, ස්ටීම්පන්ක්
ප්‍රකාශකයාවික්ටර් ගොලැන්ස් සමාගම
ප්‍රකාශිත දිනය
සැප්තැම්බර් 1990
මාධ්‍ය වර්ගයමුද්‍රණය (ඝන කවර සහ කඩදාසි කවරය)
පිටු256 pp
අයිඑස්බීඑන්0-575-04762-3
ඕසීඑල්සී21299781

ද ඩිෆරන්ස් එන්ජින් යනු විලියම් ගිබ්සන් සහ බෲස් ස්ටර්ලින් විසින් රචිත අනුකල්ප ඉතිහාස නවකථාවකි.

එය විසින් ප්‍රතිජානනය කරනුයේ, යාන්ත්‍රික පරිගණකයක් (සත්‍යලෙසින් ඔහුගේ ආන්තර එන්ජිම නොව විශ්ලේෂී එන්ජිම) තැනීමට ව්‍යවසායක නිපැයුම්කරු චාල්ස් බැබේජ් තුලවූ මහත් අභිලාෂය මුදුන් පත් කර ගත් පසුව අතිමහත් තාක්ෂණික හා සාමාජීය වෙනස්කම් වලට භාජනය වූ වික්ටෝරියානු බ්‍රිතාන්‍යය වෙයි .

මෙම නවකතාව 1990 දී බ්‍රිතාන්‍ය විද්‍යා ප්‍රබන්ධ සම්මානය සඳහාද, 1991 දී හොඳම නවකතාව සඳහා නෙබියුලා සම්මානය සඳහාද, 1992 දී ජෝන් ඩබ්. කැම්ප්බෙල් අනුස්මරණ සම්මානය සහ ප්‍රී අවුරෝරා සම්මානය සඳහාද නම් කරනු ලැබීය.

පසුතලය[සංස්කරණය]

නවකතාව ප්‍රධාන වශයෙන් දිගහැරෙනුයේ 1855 වසරෙහිදීය. 1824 පමණදී චාල්ස් බැබේජ් ඔහුගේ ආන්තර එන්ජිම තැනීම සාර්ථක ලෙසින් නිම කොට විශ්ලේෂී එන්ජිම ප්‍රවර්ධනය කෙරුමේ කටයුතු වල නියැලුනු බවට මනහ්කල්පනය කෙරෙමින් ඓතිහාසික පසුබිම යථාර්ථයෙන් අපසරණය වෙයි. ඔහු දේශපාලනික වශයෙන් ප්‍රබලයෙකු බවට පත් වන අතර 1830 මහා මැතිවරණයේදී වෙලින්ටන් හී සාමිවරයාගේ ටෝරි රජයට විරුද්ධ වෙයි. තමන්ගේ පරාජය පසුපෙරළීම හා තාක්ෂණික විපරිණාමය සහ සාමාජීය උක්ත්ෂේපණය කඩිනමින් සිදුවීම වැලැක්වීම අරමුණු කොට ගෙන වෙලින්ටන් විසින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් 1830 දී දියත් කරන නමුදු 1831 දී ඔහු ඝාතනය කෙරෙනු ලබයි. ග්‍රීක නිදහස් යුද්ධයේදී මරණයට පත් නොවූ බයිරන් සාමිවරයා විසින් නායකත්වය සැපයූ කාර්මික රැඩිකල්වාදී පක්ෂය මේ අයුරින් බලයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ද_ඩිෆරන්ස්_එන්ජින්&oldid=269049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි