ද ග්‍රෑන්ඩ් හෝටලය, මොසැම්බික්

විකිපීඩියා වෙතින්

සංචාරක කර්මාන්තයේ හිනි පෙත්තේ සිටි අප්රිකානු රාජ්‍යයක් වූ මොසැම්බික් හී 1955 වසරේදී ඉදිවූ මෙම හෝටලය එකල අප්‍රිකාවේ පිහිටි සුඛෝපභෝගි හෝටල් අතුරින් එකක් බවට පත්විය. කාමර 122කින් සමන්විත වූ එහි සිනමා හලක් මත්පැන් හලක් ආපනශාලා අලවිසැල් මෙන්ම විශාල ප්‍රමාණයේ නාන තටාකයක් ද විය. එහෙත් 1970 වසරේ මොසැම්බික් හී ඇතිවූ සිවිල් යුධ ගැටුම් හේතුවෙන් මෙම හෝටලයේ කටයුතු ඇණ සිටියේය. ඉන්පසු මෙම හෝටලය යුධ හමුදා කඳවුරක් හා දේශපාලන සිරකරුවන් රදවන කඳවුරක් බවට පත්විය. අවසානයේ එහි සම්පත් කොල්ලකෑමත් යුද්ධය අවසානයේ තවත් පිරිසක් එහි නවාතැන් ගැනීම නිසා අද (2016) වනතුරුම මෙය නැවත ගොඩනැගීමට නොහැකිව තිබේ. අදත් මෙහි 500 ආසන්න පිරිසක් පරම්පරා 3ක් පුරා ජීවත් වේ.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. අද පත්තරය 2016.05.09