දෙවුම් බෝතලය

විකිපීඩියා වෙතින්
විද්‍යාගාර දෙවුම් බෝතල්
එතනෝල් සහ අසූත ජලය අන්තර්ගත දෙවුම් බෝතල්
වෙනත් නම්තෙරපුම් බෝතලය
භාවිතයවිද්‍යාගාරයන්හී භාවිතයට ගැනෙන වීදුරු උපකරණ කොටස් ආදිය පිරිසිදු කිරීමට.

දෙවුම් බෝතලය යනු විද්‍යාගාරයන්හී භාවිතයට ගැනෙන පරීක්ෂණ නල, වට අඩි ප්ලාස්කු වැනි වීදුරු උපකරණ කොටස් ආදිය සේදීම සඳහා යොදා ගන්නා, නැසින්නක් සහිත මිරිකිය හැකි ප්ලාස්ටික් බෝතලයකි.

ස්කුරුප්පු මූඩියකින් ආවරිත බෝතලයෙහි බද කොටස මත අතින් තෙරපුම යෙදීම මගින් ඇතිවන පීඩනය නිසා, බෝතලය තුල වූ ද්‍රවය නැසින්න හරහා පටු ප්‍රවාහයක් ලෙස පිටතට ගලා ඒම සිදුවෙයි.

බොහොමයක් දෙවුම් බෝතල සුනම්‍යශීලී හා අද්‍රාව්‍ය ගුණ සහිත ප්ලාස්ටික් වලින් නිපදවා තිබෙන අතර, උඩුකුරුව භාවිතා කිරීම සඳහා බොහෝ දෙවුම් බෝතල තුල අභ්‍යන්තර ගිල්ලුම් නාලයක් සවිකොට තිබෙයි.

විද්‍යාගාරයන් තුල ක්‍රියාවන් සඳහා භාවිතයට ගැනෙන පොදු ද්‍රාවකයන්, ප්‍රතික්‍රියාකාරකයන් ආදිය දෙවුම් බෝතල් තුල රඳවන අතර: ආසූත ජලය, ක්ෂාලක ද්‍රාවණ සහ ඇසිටෝන්, අයිසොප්‍රොපනෝල් හෝ එතනෝල් වැනි සේදුම් කාරක එලෙස රඳවන ද්‍රාවණයන් අතර වේ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙවුම්_බෝතලය&oldid=314349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි