දෙවන ලෝක යුද්ධයෙහි ලංකාවේ සහභාගිත්වය

විකිපීඩියා වෙතින්

දෙවන ලෝක යුද්ධයෙහි ව්‍යාප්තියත් සමගම, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ යටත්විජිතයක්ව පැවැති ලංකාවෙහි (ශ්‍රී ලංකාව), ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලකගේ රජය විසින් බ්‍රිතන්‍ය රජ සහ රාජෝත්තමයාණන් වහන්සේගේ ආණ්ඩුව වෙත සහතික කර දන්වා සිටියේ දිගටම පවත්නා අනුග්‍රහය තමන් විසින් ලබා දෙන බවයි.

යුද්ධයට සැරසීම[සංස්කරණය]

බ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ ප්‍රදේශයන් 1796 සිට පාලනය කල නමුදු, 1917 සිට යටත්විජිතය තුල නිත්‍ය බ්‍රිතාන්‍ය බල සේනා හමුදාවක් ස්ථානගත කර නොතිබුණි. එහෙයින් යුද්ධයට පෙර සූදානමක් ලෙසින් ලංකා ආරක්ෂක බලකාය සහ ලංකා නාවික ස්වෙච්ඡා බලකාය පුහුණුකොට පුළුල් කෙරිණි. රාජකීය නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයෙහි නාවික ස්ථාපනයන් පවත්වාගෙන ගිය අතර රාජකීය ගුවන් බලකාය (RAF) විසින් චීන වරාය, ත්‍රිකුණාමලය යන ස්ථානයන්හී ගගන යාත්‍රාංගණ පිහිටවූයේ යුද්ධයට බොහෝ කලකට පෙරය.