දෘඩාංග ත්වරණය

විකිපීඩියා වෙතින්

පරිගණක විද්‍යාවේ දී දෘඩාංග ත්වරණය යනු මෘදුකාංග සාමාන්‍ය CPU මත ධාවනය වීම තුළ සමහරක් කාර්යයන් කළ හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් සිදු කිරීමට දෘඩාංග භාවිතයයි. දෘඩාංග ත්ව‍ර‍ණයේ නිදසුන්වලට ග්‍රැෆික් සැකසුම් ඒකකවල ක්‍රියාකාරීත්වයේ බ්ලිටිං (blitting) ත්වරණය හා CPU හි සංකීර්ණ ක්‍රියාවලි සඳහා වූ උපදෙස් ඇතුළත් වේ.

සාමාන්‍යයෙන් ප්‍රොසෙසර අනුක්‍රමික වන අතර උපදෙස් නිකුත් කරන්නේ එකින් එකය. ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගන්නා අතර දෘඩාංග ත්වරණය එයින් එකකි. දෘඩාංග හා මෘදු කාංග අතර ප්‍රධාන වෙනස වන්නේ සංගමනයයි. එමඟින් දෘඩාංගවලට මෘදුකාංගවලට වඩා වේගවත් වීමට ඉඩ සලස්වයි. දෘඩාංග ත්වරණ කාරක පරිගණකමය වශයෙන් බලවත් මෘදුකාංග කේතයක් සඳහා නිර්මාණය කර ඇත. ග්‍රැනුලැරිටි (granularity) මත පදනම්ව , MPEG2 හි චලිත නිමානයහි මෙන් දෘඩාංග ත්වරණය කුඩා ක්‍රියාකාරී ඒකකයක සිට විශාල ක්‍රියාකාරී කොටසක් දක්වා විචලනය විය හැක.

ත්වරණය සිදු කරණ දෘඩාංගය CPU ගෙන් වෙන් වූ ඒකකයක පවතින විට දෘඩාංග ත්වරණ කාරකයක් ලෙස හෝ වඩාත් විශේෂිතව ග්‍රැෆික් ත්වරණකාරකයක් හෝ ‍ෆ්ලෝටිං පොයින්ට් ත්වරණ කාරක, etc ලෙස හැඳින්වේ. කෙසේ නමුත් එම වදන් පරණ වන අතර විස්තරාත්මක බවින් අඩු වීඩියෝ පත් හෝ ග්‍රැෆික් පත් වැනි වදන්වලින් ප්‍රතිස්ථාපනය වී ඇත.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Hardware_acceleration

"https://si.wikipedia.org/w/index.php?title=දෘඩාංග_ත්වරණය&oldid=623677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි